(විමුක්ති සංජය පෙරේරා)
බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඇකිරිය ගම්මානය ආශ්‍රිතව හටගත් භූ කම්පන තත්ව පිළිබඳව සොයාබලා, සතියක් ඇතුළත අනෙකුත් ආයතන හා එක්ව තක්සේරුවක් කරන බවත්, ඒ පිළිබඳව පර්යේෂණයක් ආරම්භ කර ඇති බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා පැවසීය.
ඇකිරිය ගම්මානයේ සිදුවුභූ කම්පනය සම්බන්ධයෙන් නිරීක්ෂණ කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.
ඉකුත් 22 වැනිදා සහ ඊයේ(31) යන දිනවදී ඇකිරිය ගම ආශ්‍රිතව භූ කම්පන හටගැනිණි.
ඇකිරිය ගම්මානයට පැමිණි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ නිලධාරීහු භූ චලනයත් සමග ප්‍රදේශයේ පාරිසරිකව ඇතිවී ඇති වෙනස්කම් නිරීක්ෂණය කළහ. ඇකිරිය රාජමහා විහාරයේ බෝධිප්රාකාරයේ බැම්ම සහ ප්‍රදේශයේ නිවාස කිහිපයක සුළු ඉරිතැලීම් ද ඔවුහු නිරීක්ෂණය කළහ. ඉදිරියේදි ඇතිවිය හැකි භූ චලන පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම සදහා භූ කම්පන මාපකයක් නිවසක සවිකර එය නැවත නිරීක්ෂණයට ලබන 3 වනදා එම පිරිස යළි පැමිණීමට නියමිතය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද සෙනවිරත්න මහතා මෙසේද පැවසීය.
“ඊයේ අලුයම 2.59ට පමණ ඇකිරිය ගම්මානය ආශ්‍රිතව සුළු භූ චලනයක් ඇති වුණා. ඒ භූ චලනය අපේ කාර්යංශයට අයත් මාකන්දරාව, හක්මන, පල්ලේකැලේ සහ බුද්ධංගල යන භූ කම්පන මධ්‍යස්ථාන හතරේම සටහන්වෙලා තියෙනවා. ඒ අනුව අපි ගණනය කළාම, මෙහි විශාලත්වය රික්ටර් මාපක 2ක් වෙනවා. මීට සතියකට පෙරත් මේ ප්‍රදේශය ආශ්‍රිතවම එවැනි සුළු භූ කම්පනයක් ඇති වුණා. අපි ඒ පිළිබදව දැනටමත් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. මේ ප්‍රදේශය ආශ්‍රිතව අක්කර 64ක් පුරා විහිදිලා ගිය හුණුගල් ස්ථරයක් තියෙනවා. ඒ වගේම පතල් කර්මාන්ත රැසක් කරගෙන යනවා. අපිට පේන විදිහට මෙය සරල, සාමාන්‍ය භූ කම්පනයක්. ඒ භූ කම්පනයේ තියෙන බලපෑම ප්‍රදේශයේ භූ විෂමතාවය අනුව කොහොමද ජන ජීවිතවලට බලපාන්නේ කියල අපි හොයාබලනවා. කඳු ආශ්‍රීතව ජීවත් වෙන අයට එයින් ඇති විය හැකි ආපදා ගැන, අපි ඉදිරි සතිය ඇතුලත අනෙකුත් ආයතනත් සමග සම්බන්ධ වෙලා තක්සේරුවක් කරනවා. ඒ අනුව මීට අදාලව ආපදා කළමණාකරන කටයුතු සංවිධානය කරනවා. ඉදිරියෙදි ඇතිවිය හැකි කම්පන පිළිබදවත් අපි දිගින් දිගටම අවධානයෙන් ඉන්නවා” යැයිද භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා පැවසීය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇකිරියේ භූ චලනය ගැන සතියකින් තක්සේරුවක්