IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


ඇක්සොනොබෙල් වෙතින් කිරිවෙහෙරට නව ඝණ්ඨාර කුලුනක්

Dulux තීන්ත නිෂ්පාදනය කරනAkzoNobel Paints Lanka (පුද්.) සමාගම, සිය කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්, හිතමිතුරන් සහ තමන් සමග ගනුදෙනු කරන ව්‍යාපාරික ප්‍රජාව සමග එක් වී කතරගම කිරි වෙහෙර පිවිසුම අසල නව ඝණ්ඨාර කුලු‍නක් ඉදිකිරීමට කටයුතු කළේ ය.

මෙය විවෘත කිරීමේ උත්සවය, කතරගම කිරිවෙහෙර රජමහා විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය කොබවක දම්මින්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  

අඩි 27 ක උසකින් යුත් නව ඝණ්ටාර කුලු‍න, කිරි වෙහෙර පරිශ්‍රයට ඇතුළු වන ප්‍රධාන දොරටුව අසල ඉදිකර තිබේ. පස්ලෝ (තඹ 79%, සුදු ඊයම් 20%, රිදී, රන් හා යකඩ 1%) භාවිතයෙන් ශ්‍රී ලංකාවේදී ඉදිකරන ලද එහි බර කිලෝග්‍රෑම් 800 කට අධික ය. එහි අවම උස අඩි 4.5 ක් වන අතර, පාදමෙහි විෂ්කම්භය අඩි 4 කි.

“AkzoNobel පූජා කමිටුවේ උනන්දුව හා කැපවීම මෙන්ම මෙයට සම්බන්ධ වූ සියලු‍ම දෙනාගේ නොමසුරු දායකත්වය නිසා අපට කතරගම කිරි වෙහෙරට මෙම ඝණ්ඨාර කුලු‍න පරිත්‍යාග කිරීමට හැකි වුණා. මෙය බැතිමතුන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි කියා අප සිතනවා. එමෙන්ම මෙය අප සියලු‍ම දෙනා පූජනීය සිතිවිලි ඔස්සේ එකමුතු කරන පියවරක් වේවි.” AkzoNobel Paints Lanka (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත හීනටිගල මහතා පැවසී ය.

595



අදහස් (0)

ඇක්සොනොබෙල් වෙතින් කිරිවෙහෙරට නව ඝණ්ඨාර කුලුනක්

ඔබේ අදහස් එවන්න

දියත

ඊ.පී.එෆ්.අය කරගන්න පෞද්ගලික නඩු 14,096ක්
2024 නොවැම්බර් මස 22 78 0

සේවක අර්ථසාධක අරමුදල විසින් එම අරමුදලට රුපියල් මිලියන 12,755.09ක මුදලක් අයකරගැනිම සදහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනවනවිට බාහිර ආයතනවලට එරෙහිව නඩු 14,096


උඩු මහළින් වැටී පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 22 480 0

බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 නොවැම්බර් මස 22 214 0

කාර්මික දෝෂයකට ලක්වීමෙන් අද(22) උදෑසන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.


හිසකෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේපන තොගයක් පිටකොටුවෙන් සොයා ගනී
2024 නොවැම්බර් මස 22 532 0

ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල


කාලගුණයෙන් දැනුම් දිමක්
2024 නොවැම්බර් මස 22 1277 0

නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්‍රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 1972 0

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 466 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 696 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1971 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site