IMG-LOGO

2025 මාර්තු මස 01 වන සෙනසුරාදා


ඇඟේ ටැටූ නැති අයට ජපන් රැකියා වරමක්

(අංජුල මහික වීරරත්න)

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම රැකියා සඳහා අවශ්‍ය  සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින්ට අයැදුම් කිරීමට අවස්ථාව පවතින බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපානයේ රැකියා අපේක්ෂිතයින්ට දැනුම් දෙයි.

කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව වයස අවුරුදු 18-35 අතර, තරුණ තරුණියන්ට මෙම රැකියා අවස්ථා නොමිලයේ හිමිවේ.

වසර 5ක කාලයක් සඳහා මෙම රැකියා අවස්ථාවන් හිමිවන අතර, අවම වැටුප ලෙස රු.400,000 කට අධික මුදලක් උපයාගත හැකි බව කාර්යංශය පවසයි. ජපන් ජාතිකයින්ට හිමිවන සියළු වරප්‍රසාද මෙම රැකියාලාභීන්ටද හිමිවීම මෙම රැකියා කාණ්ඩයේ ඇති විශේෂත්වයකි.

මෙම රැකියා සඳහා අයදුම් කිරීමේදී ජපන් භාෂා දැනුම අනිවාර්ය වන අතර, JFT හෝ JLPT N4 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම මේ සඳහා අයදුම් කළ හැකිවේ. අයදුම් කිරීම සඳහා උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය වන අතර, ශරීරයේ Tattoo නොතිබීමද අනිවාර්ය අවශ්‍යතාවයකි.

රැකියා අපේක්ෂිත ඉහත සුදුසුකම් සපුරන ලද තරුණ තරුණියන්ට කාර්යාංශ වෙබ් අඩවියේ ඇති වෙබ් ද්වාරය ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබේ.

මෙම රැකියා වැඩසටහන යටතේ ජපානයේ හෙද සත්කාර සේවා අංශයේ රැකියා අවස්ථා හිමිවී හෙට (2) ජපානය බලායාමට නියමිත රැකියාලාභීන් පිරිසක් සඳහා ගුවන්ටිකට්පත් ලබාදීම කාර්යාංශයේදී සිදු කෙරිණි. 



අදහස් (3)

ඇඟේ ටැටූ නැති අයට ජපන් රැකියා වරමක්

යෝගා Saturday, 01 March 2025 05:40 PM

ඉතා හොඳ තීරණයක්. ඇඟේ ටැටූ ගසාගැනීම එක්තරා මානසික ව්‍යාධියක්. එහෙම අයට රැකියාවක් දීම අනවශ්‍ය කරදරයක් ඇඟේ දමාගැනීමක් විය හැකියි.

:       2       14

Mohammed Farlan Saturday, 01 March 2025 05:56 PM

හරි...!

:       0       6

Nandana Saturday, 01 March 2025 06:34 PM

එහෙනම් පච්ච ගහපු එක ජපනෙකුටවත් ලංකාවට එන්න දෙන්න එපා. ජනාධිපතිතුමා දැඩිව ඉන්න.

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

දේශබන්දුට රට ගමන් තහනමක්
2025 මාර්තු මස 01 100 0

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.


ජනපති කොමිෂන් දොළහක ලොක්කන්ට වැඩ වරදී
2025 මාර්තු මස 01 1450 1

පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.


හිටපු පොලිස්පති හැංගිලා
2025 මාර්තු මස 01 1803 2

හිටපු පොලිස්පතිතුමා සැඟවී ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය.


ඇඟේ ටැටූ නැති අයට ජපන් රැකියා වරමක්
2025 මාර්තු මස 01 2396 3

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යා


නායයෑම හේතුවෙන් බදුල්ල - මහනුවර බඩු දුම්රිය අවලංගුයි
2025 මාර්තු මස 01 323 0

උඩරට මාර්ගයේ බදුල්ල හා හාලිඇල අතර අද අළුයම සිදු වූ නායයෑම හේතුවෙන් බදුල්ල සිට මහනුවර සහ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනයවීමට තිබූ බඩු දුම්රිය දෙක අවලංගු


සංජීව ඝාතනයට තවත් දෙකක් සැකපිට
2025 මාර්තු මස 01 945 0

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශයෙන් නිලධාරී


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 70 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 365 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 489 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site