IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඇත් රජු නැඳුන්ගමු සිරි දළදා කරඬුව වැඩම වීමට යන වගයි

(තිලකරත්න දිසානායක)

නැදුන්ගමුවේ රාජා හස්තියා මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සඳහා මහනුවර බලා ගමන් අරඹා ඇත.

දින නවයක් පුරා පා ගමනින් මහනුවර බලා යන හස්තියා දිනකට කිලෝ මීටර් 10 ක දුරක් ගමන් කරන බවත් දින අටක් විහාරස්ථාන ඇතුලු සූදානම් කළ ස්ථානවලදී රාත්‍රීය ගත කිරීම සිදු කරන බවත් හිමිකරු ධර්මවිජය මහතා පැවසීය.

දැනට 67 වෙනි වියෙහි පසුවන රාජා හස්තියා ආසියාවේ සිටින විශාලතම ඇතා ලෙස සැලකෙන බවත් හස්තිරාජයාගේ ආරක්ෂාව පතා සෑම පෙරහරක් සදහාම පා ගමනින් රැගෙන යාම සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

රටේ පවතින කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් ජනතාව මගහරිමින් වරකාපොල දක්වා අතුරු මාර්ග ඔස්සේ රැගෙන ගොස් එතැන් පටන් මහනුවර මාර්ගයෙන් නුවර බලා ගමන් ගැනීමේ දී සහ ආපසු රැගෙන ඒමේදී හස්තියාට පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාව මගින් රැකවරණය ලබා දෙන බවද වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.

 



අදහස් (42)

ඇත් රජු නැඳුන්ගමු සිරි දළදා කරඬුව වැඩම වීමට යන වගයි

කිරිපුතා Sunday, 08 August 2021 10:33 AM

බොහෝ පින් සිත් වඩාගෙන මේ සත්ත්වයා මේ භවයේ තිරිසන් ආත්මයෙන් මිදේවි.

:       429       4637

senaSunday, 08 August 2021 07:03 PM

කොරෝනා වසංගතය පාලනයකින් තොරව රට තුළ පැතිර යන්නා වූ අවස්ථාවක මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීම සම්ප්‍රදායානුකූලව කළයුතු නිසාම පවත්වන්නේ නම් ජනතාව නොමැතිව දැඩි සෞඛ්‍ය සීමා සහිතව පැවැත්විය යුතුවේ. ලෝකයේ රටවල වන සතුන්ට 40%..ක් මේ වනවිට කොරෝනා සැදී ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබේ.

:       4       40

jayasekaraMonday, 09 August 2021 09:04 AM

400 කට අධික තිරිසන්නු පිරිසක් අකමැති බව කියල තියෙනවා .කමෙන්ටුවට .ඒ සියල්ල මනුෂ්‍ය ආත්මයෙන් මිදී පහත් තිරිසන් ආත්මවල ඉපදේවා !මම හිතන්නේ NGO නඩ වෙන්න ඇති

:       32       116

රංග තේනුවර Sunday, 08 August 2021 11:23 AM

නැදුම්ගමුවේ රාජා කියන්නේ බෝධිසත්වයන්ගෙන් කෙනෙක්. අපි නමස්කාර කරමු.

:       636       521

ජයන්ත මිලානො Sunday, 08 August 2021 12:53 PM

එක පැත්තකින් රාජ්‍ය වරප්‍රසාද මැද කැලෑ කපමින් මර උගුල් අටවමින් අලි ඇතුන්ගෙ වාසස්ථාන අහිමි කරනව. අනික් පසින් රාජ්‍ය අනුග්‍රහය ඇතුව පන්සලට වඩම්මනවා පාරේ වැටෙමින් වදිනවා . හරියට ඒ කාලෙ ඊශ්‍රායලය එක පැත්තක රජයේ හමුදාව පුහුණු කරන අතර අනික් පැත්තෙ කොටින්ට පුහුණුව දුන්නා වගේ .

:       1519       368

mangalaSunday, 08 August 2021 01:47 PM

ඉතිහාසය නොදැන දේශීයත්වයක් නැති වුණාම ඔහොම හිතෙනවා. හරියට පින්තූරේ බලලා කොටනවා නම් කමක් නැහැ. මේ ඇතාට වඳින්නේ රජයේ කවුරුත් නෙවෙයි සාමාන්‍ය මිනිහෙක්. රාජ්‍ය ආරක්ෂාව කවදත් දළදා වහන්සේට සහ ඇප උපස්ථාන කරන අයට තිබුණා. රටේ ඉතිහාසය ඉගැන්වීම නතර කළ දේශපාලුවන්ට සාප වෙන්න ඕනෑ මේ වගේ ජාතියක්, ජම්මයක් නැති මිනිස්සුන්ව බිහිකරන්න පාර කැපුවාට...

:       743       1122

බමුණු.Sunday, 08 August 2021 07:47 PM

ඔබතුමාගේ කතාව නිවැරදියි. මේ හස්ති රාජයා අපේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වන දළදා වහන්සේ වැඩම කරවන සතා කියන ගෞරවයවත්, මේ අන්ධ භූතයින් දන්නේ නැහැ. මෝඩකමේ තරම කියන්නේ... තුන් ලෝකෙම ගරුකරන බුදුහිමිගේ දේටත් නිර්වචන දෙන්න තරම් වටිනා කෙනෙකු ලෙස පෙන්වන්නයි මේ උත්සාහය... ඒ උත්සාහය කරන්නේ බුද්ධිමතෙකු නොවන බව නම්, කාටත් පෙනේ... සිංහල නම් වලින් මෙහි මුසල්මානුවන්ද ලියනා බව කිව යුතුයි. බෞද්ධ දේට මෙතරම් අන්ලයික් දාන්නේ ඔවුන් බව පෙනේ...

:       482       1134

Kushan MendisSunday, 08 August 2021 09:10 PM

බෝට්ටුවෙන් හොරෙන් ඉතාලි පැන්න එකෙක්ගෙන් ඔයිට වඩා හොඳ උත්තරයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔහේටම වෙලා ඉන්න කිරි පුතේ

:       2       178

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 08 August 2021 01:08 PM

" ඇත් රජු නැඳුන්ගමු පෙරමඟ යනෙන විට ... සිරි දළදා සමිඳු වැඳ වැඩමවන විට ... පින් ඇති හස්තියා තේජස් පාන විට ... ඇති අභිමානෙ කීමට නැත වචන මට ... "

:       728       3794

Hafeel Sunday, 08 August 2021 01:10 PM

හරක් මරන එක පව් නම්, මේවා සත්ව වද හිංසා නොවේද?

:       4523       2032

බමුණු. Sunday, 08 August 2021 01:24 PM

මෙයා මේ හදන්නේ හරක් මරණ එක සාධාරණීකරණය කරන්නයි.හරක් මැරීමයි, දළදා වහන්සේ වැඩමවීම යි අතර ඇති සම්බන්ධය කුමක්ද ? කිසිම සංස්කෘතියක් සදාචාරයක් නැති මිනිසුන් අපේ පුරාණ සංස්කෘතික දේවල් ගැන දන්නේ කෙසේද ? දන්නේ අහිංසක සතුන්ගේ බෙල්ල කපා මල පෙරේතකමට මස් ගිලින්න විතරයි.ආවා මෙතන මේ පූජනීය අවස්ථාවට පහරන්න...

:       1313       2130

Binkunndaa Sunday, 08 August 2021 01:49 PM

ලංකාවේ මිනිස්සුන්ට බාගෙට පිස්සු...

:       320       259

G.R. SUGATH BANDARA GOTHATUWA Sunday, 08 August 2021 02:08 PM

ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටම උතුම් වූ දළදා සමිඳු පිහිටයි. පෙරහැර අවසාන වෙනකොට ලංකාවේ සියලු දුක්කරදර නිමාවේවා...!!!

:       228       3307

පූජා. Sunday, 08 August 2021 02:25 PM

නිදුක් නිරෝගී සුවය ලැබ දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි ඔබට..!!!. ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිට ආරක්‍ෂාව නිරතුරුවම ලැබේවා.!!! සමිතගේ ලස්සන කවිය දුටුවාම, ඔබට මේ ඇත් රජා ගැන මොන තරම් ආදරයක්, භක්තියක්, සිතේ හටගෙන ඇතිද කියා ඇත්තටම මට හිතුණා. ඔබගේ ලස්සන කවියට ඩිස්ලයික් දාපු අය ගැන අපි අනුකම්පා කරමු..

:       211       3047

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 08 August 2021 03:44 PM

ස්තුතියි පූජා ඔයාට... සංස්කෘතියක්, හැදියාවක්, කිසිඳු රසවින්දනයක් නැති මිනිස් වෙස්ගත් නොමිනිසුන් තමයි ඒ වැනි වැඩ කරන්නේ. ඒත් අපි කවි ලියන්නේ ඒ අයට බලන්න නෙමෙයි. හොඳ හැදියාවක් ඇති අයට බලන්න. ඌරාට කිරිබත් දැක්කාම ඔක්කාරේ හැදෙනවලු. ඒක ඒ සතාගේ හැටි...!!!

:       762       1039

පිටරැටියා Sunday, 08 August 2021 10:15 PM

මා ඔබේ කවිය හරිම ආසාවෙන් රසවින්දා. වැදගත් ,හරවත් අදහස් ඉදිරිපත් කරන අය අතරින් ඔබත් කෙනෙක්.

:       1       73

විජිත්Monday, 09 August 2021 03:55 AM

ලස්සන කවියක් සමිත....!!! ලංකාදීප ඔන්ලයින් බලලා මේ කවියේ අර්ථය මේ ඇත් රජා'ට වටහාගැනීමට හැකියාවක් තිබුනානම් ... එයා නුවර යන ගමන නවත්වලා, සමිතව සොයාගෙන ඇවිත් ස්තුති කරලා, තම පිටේ නංවාගෙන මහනුවරටම අරගෙන යනවා.

:       1       78

සමිත සේනක අලුත්ගමගේ.Monday, 09 August 2021 12:42 PM

විජිත් ට සහ අපේ අනිත් මිතුරාට ස්තූතියි.

:       1       92

ලුම්බිණි Sunday, 08 August 2021 03:37 PM

මොකද තුවක්කු අරගෙන හමුදාව මේ සතා අරගෙන යන්නේ?

:       659       131

අයේශාන්Sunday, 08 August 2021 04:25 PM

තමුන් වගේ මිනිස්සුන්ගෙන් ඔය සතාව බේරගන්න තමයි ඉතිං...

:       47       579

හනීෆාSunday, 08 August 2021 07:02 PM

අයේෂාන්ගේ අදහස සියයට දාහකින් නිවැරැදියි...

:       7       94

ගමේ එකාලාSunday, 08 August 2021 04:44 PM

සතා බැරී වෙලාවක හරි කුලප්පු වුණොත්...?

:       42       27

රමණීMonday, 09 August 2021 10:17 AM

මීට කලින් වතාවක් ඔහොම ගිය ඇතෙක්ව පාරේ අපරික්ෂාකාරීව ගිය වාහනයක් හප්පාගෙන ගියා. සතා කුලප්පු වෙනවාට නොවෙයි කුලප්පූ වෙලා පාරේ යන මිනිස්සු සහ ඔවුන්ගේ වාහනවලින් සතාව බේරා ගැනීමට තමයි ඔය හමුදා ආරක්ෂාව දෙන්නේ...

:       1       127

jayasekaraMonday, 09 August 2021 09:29 AM

හොරා පොලිස් කරන්න .මුකුත් නොදන්නා තොත්ත බබා .ඔක්කොටම කලින් ඔය ලුම්බිණි කියන නම වෙනස් කරගන්න .නමටත් අගෞරවයක් .හොද දෙයක් හොදයි කියලා ලියන්න ඇත නැමෙන්නේ නැති කුහක මිනිස්සු .මේ පින්වන්ත තිරිසනා ඔයාට වඩා දහස් ගුණයක් හොදයි

:       35       162

gunapaala Sunday, 08 August 2021 04:17 PM

ඔය නැදුන්ගමුවේ ඇතා ඉන්දියාවෙන් ගෙන්වපු සතෙක් නේද? 

:       70       116

පිටිගල මිලානෝ Sunday, 08 August 2021 05:11 PM

පෙරහැර නිසා කොරෝනා තුරන් වෙයිද නැත්නම් වැඩි වෙයිද....? තීරණය ඔබේ අතේ...

:       117       56

Don perera Sunday, 08 August 2021 06:55 PM

ලංකාවේ මිනිස්සුන්ගේ ගෝත්‍රිකකම පින්තූරවලින් පේනවා.

:       513       340

jayasekaraMonday, 09 August 2021 09:45 AM

දොන් (පෙරේරා )ජුවාන් ධර්මපාල තාම ඉන්නවා .

:       33       156

සෙනවි Sunday, 08 August 2021 07:55 PM

මේ බියකරු අවස්ථාවේ පෙරහර මහජන ප්‍රදර්ශනය සඳහා පැවැත්වීම නුවණක්කාරද? දිනපතා සියයට ආසන්න ප්‍රමාණයක් මියයනවා. නුවරඑළි සහ රටපුරා පැවති අවුරුදු උත්සව සැණකෙළිවල සාහසික ප්‍රතිඵල දැන් අපට හොඳ හැටි පේනවා. මේ හැමටම හමුදාපති ඇතුලු මැති ඇමැතිවරුන් වගකිව යුතුයි.

:       309       231

asankaMonday, 09 August 2021 07:47 AM

ඇයි ඔය සැණකෙළිවලට වග කීමකින් තොරව සහභාගී වුනු අය මේ තත්වයට වගකිව යුතු නැද්ද?

:       2       109

Dileepax Monday, 09 August 2021 07:47 AM

අලියාටත් හිනා ඇති මේ නාඩගම් වලට. ලෝකෙ හිනස්වන වැඩ. මේව හොඳයි ඉතින්

:       209       74

Nuwan Monday, 09 August 2021 08:01 AM

හිංසනයට ආගමික සළු පෙරවූ විට භක්තිය උතුරා කවි ගී ගයනු පෙනේ....වසංගත තත්වය ඉතාමත් තදින් පවතින මොහොතක ප්‍රමුඛතාවය හඳුනා නොගැනීම කණගාටුදායකයි.....කෙසේ නමුත් කුමන හෝ ආගමික විශ්වාස හා ඇඳහිලි ආදියට ගරු කිරීම යහපත් දෙයක්...

:       112       1

sam Monday, 09 August 2021 08:21 AM

සත්ව ලෝකේ ඉපදුණත් මිනිස්සුන්ට වඩා පින් කරලා තියෙන උතුම් සතෙක්.. දළදා කරඬුව හිස මත තියාගෙන යන්න අවස්ථාව ලැබෙන්නේ කාටද? ඒ අතින් මේ උතුම් හස්තියා ඉතාමත්ම පින් ඇති හස්තියෙක්...

:       21       108

dayarathana Monday, 09 August 2021 08:48 AM

මේ සතා මිනිස්සුන්ට වඩා පින්වන්තයි , තිරිසන් ආත්මයක ඉන්න එක .මිනිස්සු තමයි තිරිසන්නු .මේ සතා මිනිස්සුන්ට වැඩ නිවනට ගොඩක් ලංවුණ සතෙක්

:       43       120

jayasekara Monday, 09 August 2021 09:08 AM

තොපිලා වගේ දක්කාගෙන ගිහින් පල්ලියේ බෙල්ල කපලා මරන්න නෙවෙයි .මේ යන්නේ බුදු සමිඳුගේ දළඳා වහන්සේ වඩම්මන්න .උබලා ලංකාවට පිළිලයක්

:       101       421

රමණී Monday, 09 August 2021 10:23 AM

දොන් කියාගන්න පෘතුගීසි කාරයාට ගෝත්‍රික කම බලාගන්න ඕනෑ නම් පෘතුගාලයේ ශාන්ත ෆාතිමා පල්ලියට පාරදිගේ දණගාමින් යන බැතිමතුන් ගැන මොනවා හිතේවිද මන්දා... සියලුම ආගම්වල නොයෙක් විදිහේ සිරිත් තිබෙනවා...

:       1       112

ජයන්ත මිලානො Monday, 09 August 2021 12:36 PM

රටක් දියුනුවෙයිද, තිරිසනෙක්ව දේවත්වයෙන් දකින අක්ඤාන මිනිස්සුන් ඉන්න ‍රටක් තියෙන විට. ඒ තිරිසනුන්වම මරන්න උගුල් අටවන ඒ තිරිසනුන්ගේම වාසස්ථාන අහිමි කරන තිරිසන් ගති ඇති මිනිස්සුන් ඉන්න විට.

:       119       2

sumudu Monday, 09 August 2021 01:12 PM

හෙන්ඩුවෙන් අනිමින්, කෙවිටෙන් තලමින් ,,ගිනිකන අව්වේ, පිච්චෙන තර පාර දිගේ ඇවිද්දවන ඇතෙක් , තමාව උපමාකොට අනිකාට හිංසා නොකරනමෙන් වදාළ බුදු සමිදු පිදිමට පෙළ ගැහෙන බෞද්දයය් කියා ගන්න නරුම මිනිසුන් මරණින් පසු කොයි වල යන්නේ.

:       24       2

miltonMonday, 09 August 2021 05:59 PM

ඕවා ඉන්දියාවෙන් ආපු දේවල් තමයි.

:       4       1

Dileepax Monday, 09 August 2021 06:08 PM

දැන් මෙතන මිනිස්සු කියලා තියෙන විදියට මේ අලි ඇත්තු ස්වකීය කැමැත්තෙන් මේ කාර්ය කරනවා නම් මොකටද දම්වැල්? මොකටද යකඩ උල්?

:       107       56

ABHAYA Monday, 09 August 2021 06:33 PM

පාරිලෙය්‍යක පරපුරේ අපේ ඇත්තන්ට දීර්ඝායු සම්පත් ලැබේවා...!!!

:       1       12

jayasekaraTuesday, 10 August 2021 11:25 AM

සතුටුයි කමෙන්ට් එකට .අබය .ඔය පාරිලෙය්‍යක කියන වචනේ අර්ථය ගොඩක් ය දන්නේ නැහැ .අපේ බෞද්ධයන් පවා

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 828 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1458 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 410 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 919 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 37 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2241 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35646 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site