IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ඇදුරෝ රට හැර යති:පේරේ අධ්‍යයන කටයුතුවලට බාධා

(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව විශ්ව විද්‍යාලයීය අභ්‍යාන්තර ආරංචි මාර්ග කියයි.

 2022 ජනවාරි සිට මෙම වසරේ මැයි මාසය අතර කාලයේ ආචාර්ය මහාචාර්යවරුන් 70කට අධික පිරිසක් රට හැරගොස් ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතාගෙන් කළ විමසීමකදී මෙසෛ් පැවැසීය.

මහාචාර්යවරුන්ගේ විදේශගත වීම සත්‍යාක්. මෙම හේතුවෙන් ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ වෛද්‍ය පීඨය,ඉංජිනේරු පීඨය,විද්‍යාපීඨය සහ දන්ත පීඨය යන පීඨවලයි. 

ඉකුත් වසරේ ෙ ජනවාරි සිට මේ වසරේ මැයි දක්වා වූ මාස 16ට  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ ආචාර්ය මහාචාර්යවරුන් 70 දෙනකු විශ්වවිද්‍යාල සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී විදේශගත වී සිටිනවා.

තවත් විශාල පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී සිටින බව ද මහාචාර්යවරයා වැඩිදුරටත්  පැවසීය .

 

 



අදහස් (22)

ඇදුරෝ රට හැර යති:පේරේ අධ්‍යයන කටයුතුවලට බාධා

ajith Sunday, 30 July 2023 11:16 PM

මහාචාර්යවරුන්ගේ විදේශගත වීම හේතුවෙන් ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ වෛද්‍ය පීඨය,ඉංජිනේරු පීඨය,විද්‍යාපීඨය සහ දන්ත පීඨය යන පීඨවල අදයයන කටයුතු කිරීම සදහා ආසියානු කලාපයේ වෙනත් රටකින් hire on a contract basis පදනම මත අවශ්‍ය ප්‍රමාණයට පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් බදවාගැනීම් සිදුකර නිදහස් අද්යපනයෙන් නොමිලයේ අදයපනය ලබා රටින් වෙනත් රටකට පදිංචියට පිටවවිම නව නීති පැනවිය විය යුතුවේ. වෙනත් රටවල මුදල් ගෙවා අද්‍යාපනය ලබාගත යුතු නිසා අදයපනයෙන් පසු ඕනෑම රටකට යාම සිදු උවත් එම රටවලට එය එතරම් ගැටළුවක් නොමැත

:       4       6

කිරිපුතා Sunday, 30 July 2023 11:34 PM

උසස්පෙළ මාරාන්තික නොකර බුද්ධිමත් දරුවන් වැඩි හරියක් ඔය කියන පීඨ වලට ඇතුලත් කර වැඩි වැඩියෙන උපාධි ධාරීන් බිහි කළ යුතුයි දැනට කණිෂ්ඨ උගතුන් පිටව ගිය අය වෙනුවෙන් පත් කළ හැකියි. උගතුන් වැඩි පඩි වලට යන එක නවත්වන්න බෑ නෙ.

:       4       2

සත්‍ය ගවේෂී.Monday, 31 July 2023 04:58 PM

මෙන්න මැක්ස් එක්කම එකට ඈඳලා කුඹුරට හාන්න දාන්න ඕනෑ කෙනෙක්.

:       0       3

pakeer Sunday, 30 July 2023 11:37 PM

ඒකට කමක් නැහැ... මහාචාර්යවරු කන්නද? ඔක්සිජන් කන්නද කියලා අහපු රටේ... දේශපාලකයෝ වගේ පොල් බූරුවොයි, ඔවුන්ට කඩේ යන අයයි මේ රටේ හිටියාම හොඳටම ඇති.

:       0       2

Perera Monday, 31 July 2023 12:42 AM

රජයට උවමනා කරල තියෙන්නෙ මැටි මොලුන්ව පමනක් රටෙ ඉතිරි කරගන්න. එතකොට ලබන චන්දෙට පහසුයි

:       2       11

Chaminda Monday, 31 July 2023 12:43 AM

පාර්ලිමේන්තුවේ ඉන්න ආචාර්ය, මහාචාර්ය වරුන්ට දැන් උගන්වන්න කියහල්ලා.

:       1       8

බී. එම්. ආර්. බස්නායක Monday, 31 July 2023 05:58 AM

හොරකම, වංචාව, දූෂණය, මැරබලය සහ අනීතික තත්ත්වයන් රජයන නිසා බුද්ධිමතුන්, උගතුන්, වෘත්තිකයින් මේ රටතුළ රැඳෙනවා නම් තමයි පුදුම වෙන්න ඕනෑ.

:       1       20

Nimal Monday, 31 July 2023 06:54 AM

අවස්ථාව ලැබෙන හැම කෙනෙක්ම මේ රට හැර යා යුතුයි. මේ දුර්දාන්ත පාලකයින් යටතේ අපේ රටේ අනාගතය අතිශයින් අඳුරුය.

:       8       19

අසරණ සරණ Monday, 31 July 2023 03:02 PM

මේ අදහස ඉතාමත් නිවැරදියි..., ලංකාව එන්න එන්නම අගාධයකට වැටෙනවා කියලා පේනවා උදාහරණයක් හැටියට පෙන්නුවොත් අරුණ පත්තරේ රජයේ ඉහළම නිලධාරින් කටයුතු කරන ආකාරය පැහැදිලි වෙනවා... ඉහළම කෙනා එහෙම නම් අනෙක් අය ගැන කවර කතාද? කිසිම අංශයක ඉදිරියක් නම් දකින්නට නැහැ. මේ රට නම් දැන් ඉතින් පණගන්වා ගැනීම ගැන හිතන්න බැහැ...

:       0       8

Anil Monday, 31 July 2023 07:53 AM

ලංකාවට දක්ෂ උගතුන් අනවශ්‍යයි. අවශ්‍ය වන්නේ දේශපාලකයින් ඉදිරියේ දෙකට නැවෙන නිලධාරී පැලැන්තිය හා නිකම් ලැබෙන සොච්චමක් ලෙවකාලා කතිරෙ ගහන්න හරක් ටිකක් විතරයි...

:       2       29

සල්ලි Monday, 31 July 2023 08:14 AM

හමුදාව දාලා කරමුද? රොකට් අරින phd කාරයාටත් පුළුවන් නේද උගන්නන්න...

:       2       29

සමිත සේනක අලුත්ගමගේ. Monday, 31 July 2023 08:21 AM

මේ ව්‍යවසන සියල්ලටම මුල මේ රටේ නූගත් දේශපාලකයින් උගතුන්ව අනවශ්‍ය ලෙස පාලනය කිරීමට යාම හා ඔවුන්ට නොයෙකුත් ආකාරයේ හිරිහැර කිරීම නිසා බව පෙනේ.. තම දූෂිත කම්, හොරකම් හා අයුතු දේ වසා ගැනීමට සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් මනාලෙස සංවිධානය කොට මාධ්‍ය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර සඳහා යොදවා ඇත. එය සැබෑ ජන මතය නොවන බව දත් උගතුන් රට හැර යාමට පටන් ගෙන ඇත. දූෂිත දේශපාලකයින්ගේ නූල් කැබැල්ලකින් නැටවෙන මිනිසුන් ඇතැත් සැබෑ උගතුන් එසේ නැටවීමට නොහැකියි. උගත්කමෙන් නිහතමානී මිනිසුන් බිහිවෙන අතර ඔවුන් නිවටුන් නොවේ. ඔවුන්ව තම හෙංචයියන්ව මෙන් නහයට ලණුව දමා දැකීමට දේශපාලකයන් හට නොහැකියි. ඔවුන් නිදහස්, නිවහල්, ස්වාධීන මත දරන්නෝ වෙති. දේශපාලන ගව පට්ටි පුදමින් යන ඇතැම් දෙනා සිංහයින්ගේ අගය නොදනිති.

:       3       32

thushara Monday, 31 July 2023 09:16 AM

ඒකත් හමුදාවයි පොලිසියයි දාලා කරවගමු

:       4       43

මැක්ස්Monday, 31 July 2023 11:09 AM

සැබවින්ම පුළුවන්. ඔය ඇදුරන් උගන්වන අලුත් දැනුමක් නැති නිසා. ඔබට වුවත්, ගූගල් සැරිසැරීමට පුළුවන් නම්, අනුන්ගේ පත්‍රිකා කියවන්නට හැකියාවක් ඇත්නම් එය කළ හැකියි. බටහිරින් කියන දේ එලෙසම හෝ සිංහල, දෙමළ බසට පරිවර්තනය කර ගිරා පොතක න්‍යායයෙන් කියවනවා මිස අලුතින් යමක් සිතන්නට, වෙනත් දැනුමක් ගැන පර්යේෂණ කරන්නට, දැනුමක් ගොඩ නගන්නට ඔවුන් දන්නේ නැහැ. හැකියාවකුත් නැහැ.

:       46       12

සත්‍ය ගවේෂී.Monday, 31 July 2023 11:49 AM

විශ්ව විද්‍යාලයක් ළඟින්වත් නොගිය පොහොට්ටු කුක්කෙකු කියනා බාල බොළඳ කෑළි පිළිගන්න තරම් ජනතාව මෝඩ නැහැ. පොහොට්ටු කුක්කාගේ දැනීම අධ්‍යාපන හා සමාජ මට්ටම ඔහුම පෙන්වා දී තිබේ. අර කව්දෝ කෙනා කට වහන් සිටිනා තාක්කල් පණ්ඩිතයාලු. කට ඇරපු ගමන් මෝඩයා බව තේරෙනවලු... අනේ පව්.. තමන්ගේ දැන උගත්කමට තමයි තමන්ට එන අදහසුත්...!

:       4       29

SureshMonday, 31 July 2023 01:39 PM

ඔබ වැනි හරකෙක්...

:       0       3

ධනුෂ්ක Monday, 31 July 2023 02:12 PM

ගුරුතවම දුක්වෙනවා. ඔන්ලයින් අධ්‍යාපනය කියලා එකක් කරන්න ගිහින් දරුවන් අතට ජංගම දුරකතන දීලා වෙච්ච වින්නැහිය ගැන. මේ පොහොට්ටු කුක්කා විධිමත් අධ්‍යාපනය කියන එක ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. මේ පොහොට්ටු කුක්කා හිතනවා. ගූගල් ගිහින් වෛද්‍ය ,ඉංජිනේරු ශිල්පය ඉගෙන ගන්න පුලුවන් ඇත්තටම මේ වගේ මිනිස්සු මේ ලෝකෙට උපදින්නේ ඇයි.

:       0       6

සත්‍යපාල Monday, 31 July 2023 06:01 PM

ඇත්ත තිත්තයි කියලා කියමනක් තියෙනවා... මෙම අදහස ගැන නොවෙයි, අකැමැත්ත පලකිරීම නිසා එහෙම කියන්නේ...

:       0       0

සුපුන් Monday, 31 July 2023 11:33 AM

ඉංජිනේරු ඩොක්ටර්ලා නම් හරි කියමුකෝ. මෙලෝ වැඩකට නැති මහාචාර්යලා මොන රටවටද ගන්නේ? ඔවුන්ටත් ඔය වරප්‍රසාද ඔක්කෝම හම්බ වෙනවානේ...!

:       28       11

Suman Livera Monday, 31 July 2023 01:04 PM

කණගාටුවට කරුණක් නම්, ශ්‍රී ලංකාවේ අනාගතය ඉතා අඳුරු බව බොහෝදෙනා නොදැන සිටීමයි. දූෂිත දේශපාලකයින් වහා ඉවත් නොකළහොත් දුක් විඳින්නේ අනාගත පරපුරයි...

:       0       13

wedage Monday, 31 July 2023 01:15 PM

අර කොට වජිර මොකද කියන්නේ? මේ ගැන එයාගේ ලොක්කාට පුළුවන් නේද ඔක්කොම කරන්න මේ ශ්‍රී ලංකාව කාලා දමන්න හදන්නේ...!

:       2       12

H.M.Dhanasiri Monday, 31 July 2023 04:02 PM

දේශපාලනයට වාසි විදිහටනේ මේ හැම එකම හදන් තියෙන්නේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 50 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 231 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 187 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 725 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 298 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 567 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site