IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ඇනවුම් කළ කොත්තමල්ලි වෙනුවට යුක්‍රේනයෙන් ශාක අපද්‍රව්‍ය එවලා

(ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටි 7කට අධික වටිනාකමින් යුතු කොත්තමල්ලි තොගයක් යූක්‍රේනයෙන් මිලදී ගැනීම සදහා ශ්‍රී ලාංකික ආනයනයකරුවන් පිරිසක් කළ ඇනවුමකට, ඔවුන් රවටා කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් කොළඹ වරායට එවා තිබියදී ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(24) සොයාගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

යූක්‍රේනයේ ඇග්‍රොනිකා වෙළෙඳ සමාගමෙන් එය ඇණවුම් කර තිබුණේ පිටකොටුව ප්‍රදේශයේ ආනයන ව්‍යාපාරිකයන් 8 දෙනෙකි.

ඒ අනුව මේ මාසයේ, 10 වැනි දින බහාලුම් 08 ක් ද ,‍21 දින තවත් බහාලුම් 20 ක් ද යූක්‍රේනයේ සිට කොළඹ වරායට පැමිණ තිබේ. බහාලුම් 24 ක් කොළඹ වරායේත් , තවත් 04 රේගු බහාලුම් පරීක්ෂා කිරීමේ අංගනයේත් මේ වනවිට ගබඩා කර ඇත.


මෙම කොත්තමල්ලි සදහා යූක්‍රේනයේ ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික ආරක්ෂක ආයතනය විසින් සුවස්ථතා සහතිකයක් ද
ලබා දී තිබිණි.බහාලුම් රැගෙන ආ නැව්වල නෞභාර පත්‍රවල මෙන්ම අනෙකුත් ලියකියවිලිවල ද මේවා තුළ කොත්තමල්ලි බවට  සටහන් වී තිබිණි.

අද පස්වරුවේ  කොළඹ වැලිගම්පිටිය රේගු බහාලුම් පරීක්ෂා කිරීමේ අංගනයේ දී මෙම බහාලුම් පරීක්ෂා කළ අතර , එයට රේගුවේ උසස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පරිසර අධිකාරියේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වී සිටියහ.

එහිදී මෙම කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය මෙසේ ආනයනය කිරීම 1999 අංක 35 දරන ශාක ආරක්ෂක පනත යටතේත් නීතිවිරෝධී වන බව ප්‍රකාශ වූ අතර , මේ පිළිබඳව පැවැත්වෙන රේගු විමර්ශන වලින් පසුව මෙම බහාලුම් 28 යළිත් යූක්‍රේනය වෙත ප්‍රති අපනයනය කිරීමට නියමිත බව ද ප්‍රකාශ විය.



අදහස් (23)

ඇනවුම් කළ කොත්තමල්ලි වෙනුවට යුක්‍රේනයෙන් ශාක අපද්‍රව්‍ය එවලා

chandana Thursday, 24 December 2020 04:59 PM

කලබල වෙන්න එපා.... මෙවා යුක්රෙන් ගංජාද දන්නේ නැහැ....

:       1       21

pakeer Thursday, 24 December 2020 05:24 PM

අනිවාර්යයෙන් ලාඛෙට ගිහින් යුක්රෙන හොරුන්ට අහුවෙලා... යුක්රෙනයේ ඉන්නේ භාගයට භාගයක් හොරු... යුක්රෙනයේ විතරක් නොවෙයි.... මතක තියාගන්න... රුමෙනියාව, බල්ගේරියාව වගේ රටවල් එක්කත් බොහෝම පරිස්සමින්....

:       3       42

RaveendraFriday, 25 December 2020 07:54 AM

අප සිතන්නේ අප රටේ ආයතනයක් හෝ ආයතන යුක්රේන් හොරුන්ට අසුවී ඇති බවක් නම් එය විහිළුවකි. අප රටේ ආයතනවල ඉන්න ගල් ආදන් රැවටීමට හැකිනම් එය තවත් එක් පුදුමයකි. මෙම ආයතන රවටිමකට අසුවී ඇති බව සමාජගත කර නීතියෙන් බේරීමට උත්සහයක් කිරීමට මෙම ආයතන තටමනවා නොවේද? බහලුම් 1 හෝ 2 නොව 28 යනු "රැවටීමක් යන්න සිතීමත් අප අපව රවටා ගැනුමක්" නොවේද ? තවද "යූක්‍රේනයේ ඇග්‍රොනිකා වෙළෙඳ සමාගමෙන් එය ඇණවුම් කර තිබුණේ පිටකොටුව ප්‍රදේශයේ ආනයන ව්‍යාපාරිකයන් 8 දෙනෙකි." යන්නෙන් අදහස් වන්නේ රැවටී ඇතිබවක්ද? කරුණාකර මෙම හරකුන් 8 දෙනාගේ නම් ගම් මෙන්ම ආයතනවල නම් ද මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර මහජනතාවට දදගනුමට සලස්වන මෙන් ඉල්ලා සිටින්නෙමු.

:       1       10

Ferna Friday, 25 December 2020 09:02 AM

ඇයි ශ්‍රී ලංකාව...

:       2       4

chandima Thursday, 24 December 2020 05:47 PM

කොත්තමල්ලි වෙනුවට ශාක අපද්‍රව්‍ය එවලාද නැතිනම් කොලේ වහලා ක්‍රමයට සල්ලි පිටරට යවලද?

:       3       42

jagath G Thursday, 24 December 2020 06:02 PM

මීට වැඩිය දෙයක් මෙ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       26       29

PrasannaThursday, 24 December 2020 10:14 PM

කවුරුහරි බඩු ටිකක් ආනයනය කළාම ආණ්ඩුව පළිද? ආණ්ඩුව හරියට ඉන්න නිසා තමයි කස්ටම් එකෙන් අහුවෙලා තියෙන්නේ.. මොළයක් නෙවෙයි, ඔයා මොළ ගෙනියන නැවක්...

:       0       0

කොත්තමල්ලි කොළSunday, 27 December 2020 06:02 AM

ඔයාත් කොත්තමල්ලි ගෙනාපු 8න් 1ක් ද? දුකද?

:       1       0

iraan Thursday, 24 December 2020 06:06 PM

මෙ කොමිස් ආණ්ඩුවක් ඉතින් ඔහොම තමයි.

:       26       27

tharidu Thursday, 24 December 2020 06:08 PM

අල්ලස මුල් කරගත්ත ආණ්ඩුවකින් ඔවා සාමාන්‍ය දෙයක්....

:       23       27

SiyadorisSunday, 27 December 2020 06:05 AM

අල්ලස මුල් කර ගත්ත නම් ඔය 28 අහු වෙන්නෙ නෑ නෙ. එහෙනන් ඕවගෙන් කොම්පෝස්ට් හදල එවාවි. ඊට පස්සෙ ඔය ජරාව අස්සෙ තියෙන ජාන වෙනස් කරපු තෘණ වර්ග මරණ වල් නාශකත් ඒ රටින්ම ඒවි.

:       1       0

siri Thursday, 24 December 2020 07:41 PM

අවුරුදු පහක්ම ඔය රටට වෙලා කට්ටි පැන පැන හිටපු කෙනෙක් දැන් බලවතෙක් වෙලා නේද? එයාට ඔය ශාක අපද්‍රව්‍ය කොත්තමල්ලි බවට හරවන එක මහ ලොකු කජ්ජක් නොවේ.

:       0       0

රොෂාන් Thursday, 24 December 2020 07:42 PM

අනේ අපොයි. කොත්තමල්ලිත් යුරෝපෙන් ගෙන්නන්න තරම් අපි බංකොළොත්...

:       0       0

Prasanna Thursday, 24 December 2020 10:17 PM

ආණ්ඩුව හරියට තිබ්බ නිසා තමයි කස්ටම් එකට මේවා අහුවෙලා තියෙන්නේ. කවුරු හරි භාණ්ඩ ආනයනය කළාම කස්ටම් එකෙන් පරීක්ෂා නොකළා නම් ආණ්ඩුව වැරැදියි. දූපත් මානසිකත්වය.

:       0       0

dhamneth Friday, 25 December 2020 01:23 AM

මීට පෙරත් යුක්රේනය සමග ගණුදෙණු කරා... අපේ අයියලාගේ හැටි යුක්රේනය දන්නවනේ... අර ලී කුඩුවලට දායි, දාලා කහ කුඩු හදනවා වගේ මේ අපද්‍රව්‍යයන් කුඩුකරලා, පාටකරලා, ලස්සනට ඉංග්‍රීසියෙනුත් ලියලා වෙළඳපළට දාන්න කටයුතු කරන්න ඇති.

:       0       0

Abaran Friday, 25 December 2020 01:27 AM

හොඳ වැඩේ... මම හිතුවේ කොත්තමල්ලි වගේ දේශීය දේවල් ලංකාවේ වගා කරන්නේ කියලා... මෙහෙම වෙලා තියෙන්නේ ඒ ගෙන්නපු අයට නෙවෙයි මුලු රටටම...

:       0       0

ranjith Friday, 25 December 2020 02:30 AM

රටට කුණු ජරාව ගේන අය කවුද කියලා රටට හෙළිකරන්න... මේ වගේ තිරිසන්නු මේ රටේ ඉන්නවද?

:       0       0

sampath Friday, 25 December 2020 03:32 AM

කොත්තමල්ලි කොහොමද යුක්‍රේනයේ තියෙන්නේ? ජාවාරම අහුවුණාම දැන් ඔහොම කියනවා...

:       0       0

Cisco Friday, 25 December 2020 05:08 AM

ඉහත සමහර කොමෙන්ට් දැක්කාම හිනාව කොහෙන් නවත්වා ගන්නද කියලා හිතාගන්න බැහැ. කුලියට කොටන අය පමණක් කියලා නම් තේරෙනවා. මේ ගණුදෙනුව දෙරටක් අතර පුද්ගලික අංශයේ ගණුදෙනුවක්. හැබැයි ඒ අයට මේකත් ආණ්ඩුවට සම්බන්ධ කරන්න අවස්ථාවක් වෙලා. පාඨකයින්ගේ දැනුම ගැන දුක හිතෙන්නේ මට විතරයිද?

:       0       0

Corona paniya Friday, 25 December 2020 05:44 AM

එතකොට කොරෝනා පැණිය හදන්න රාවණා රජ්ජුරුවෝ සාදික්කා වගේම කොත්ත මල්ලිත් ගෙනැල්ලා තියෙන්නේ පිට රටින්ද? එහෙනම් ඉතින් රාවණාට දඩු මොනරයක් තිබුණු එකේ පුදුමයක් නොවෙ.. ඖෂධ වට්ටෝරුවලට ඛෙහෙත් හොයන්න යන්නම වෙන්න රාවණා රජ්ජුරුවෝ ඉස්සෙල්ලම දඩු මොනරෙ හදන්න ඇත්තේ...

:       2       0

jagath G Friday, 25 December 2020 08:56 AM

අයියලා, මල්ලිලාගේ කොත්ත මල්ලි කතාවඑක කතාවක් විතරයි ....

:       3       3

kamil Friday, 25 December 2020 11:33 AM

අල්ලස, දූෂණය, ජාතිවාදය වපුරන රටක් ලෙස ලංකාව ලෝකයා ඉදිරියේ හෑල්ලු වී හමාරයි.

:       3       5

karuna Friday, 25 December 2020 11:35 AM

2021බංකොළොත් රාජ්‍යයක් ලෙස නම් කිරීමට යයි... මෙවා දකිද්දී තව මොන කතාද මල්ලි.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

තැපැල් ජන්දය යළිත් අද හෙට
2025 අප්‍රේල් මස 28 8 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 412 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 235 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 364 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 714 0



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 943 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 419 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 566 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site