(ඩයනා උදයංගනී)
නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව අද (30) වනවිට පවුල් 7,27,339ක් සඳහා ලබා දී ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
රට වසා දැමීම හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වූ සහ රජයෙන් ලබාදෙන කිසිඳු දීමනාවක් හිමි නොවන පවුල් සඳහා මෙම දීමනාව හිමිවේ.
එවැනි පවුල් ලක්ෂ 18 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව කී ඇමතිවරයා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඔවුන්ට මෙම දීමනාව ලබාදෙන බව ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජීවනෝපාය අහිමි වූවන් සඳහා රුපියල් 2000 ක දීමනාව ලබාදීමේ ප්‍රගතිය පිළිබඳව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සමඟ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක නිරත වෙමිනි.
මෙම දීමනාව අදාල පවුල් වෙත ඉතා කඩිනමින් ලබාදී අවසන් කරන ලෙස ද මෙහිදී අමාත්‍යවරයා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇත.
මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇඳිරිනීතියෙන් ආදායම් අහිමි පවුල් 7,27,339කට 2,000දීමනාව ලබාදී අවසන්
ලමය Monday, 30 August 2021 06:59 PM
මේ මනුස්සයා විශ්‍රාම ගන්නේ කවදාද? ලැජ්ජා නැද්ද අයියලා, මල්ලිලා, පුතාලා එකතුවෙලා මේ රට හුරන් කන්නේ...
sunil Monday, 30 August 2021 07:11 PM
ඒ 2000 දැන් වියදම්වෙලත් අවසානයි.. ඉතින් දැන්? ඔහෙලත් ජීවත් වෙන්නේ රුපියල් 2000 කින්ද?