(නිමන්ති රණසිංහ සහ ටෝනි කරුණානායක)
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන මහත්වරු අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාරව ඇප මත මුදා හරින ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු එස්.වයි. මාපා බණ්ඩාර මහතා අද (17) නියෝග කළේය.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුලු සැකකරුවන් සම්බන්ධයෙන් වූ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මාස 11ක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට්යේය.
ඒ අනුව අභියාචනාධිකරණයෙන් පනවන ලද ඇප කොන්දේසි ප්‍රකාරව එක් අයකුට රුපියල් 25,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් දෙදෙනා මුදා හැරීමට ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා එලෙස නියම කළේය.
ඇප කොන්දේසි වශයෙන් මුදල් සහ ශරීර ඇපයන්ටෙ අමතරව විදෙස් ගමන් තහනම් කර තිබූ සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර ද අද (17) ගම්පහ මහාධිකරණය භාරයට ගැණීනි.
ශානි අබේසේකර මහතා වෙනුවෙන් ඔහුගේ සොහායුරන් දෙදෙනකු සහ සුගත් මෝහන මෙන්ඩිස් මහතාගේ බිරිඳ සහ පුත්‍රයා ඇපකරුවන් ලෙස අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඒ අනුව, ශානි අබේසේකර යන අය මුදා හරින ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාටත් සුගත් මෝහන මෙන්ඩිස් යන අය මුදා හරින ලෙස මහර බන්ධනාගාර අධිකාරීවරයාටත් මහාධිකරණයෙන් නියෝග නිකුත් විණී.
මෙම සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට ඔවුන්ගේ නිතීඥවරුන් විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබූ අතර මහාධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබිණී. පසුව එම තීන්දුවට එරෙහිව නිතීඥවරුන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ ප්රතිශෝධන පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුමඩුල්ල ඊයේ (16) සැකකරුවන් දෙදෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියම කළේය.
ඒ අනුව එම ඇප කොන්දේසි ගම්පහ මහාධිකරණය හමුවේ අද (17) කියවාදීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනාට ඇප නියම කෙරිණී.
මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවකු වන උප පොලිස් පරික්ෂකවරයකු වූ හේවා දේවගේ නවරත්න ප්‍රේමතිලක යන අය තවදුරටත් රක්ෂිත භාරයේ පසුවෙයි.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ඇප ලැබුණු ශානි ගෙදර යයි
rocky Thursday, 17 June 2021 04:15 PM
ශානි මහත්තයා ඉතා දක්ෂ අවංක අපක්ෂපාති නිලධාරියෙක් යනන මගේ පෞද්ගලික හැගීමයි
PrseThursday, 17 June 2021 06:09 PM
අවංක කම හින්දාද හිරේට ගියේ?
නිරංජන්Thursday, 17 June 2021 06:18 PM
හ්ම්... සර් කියන විදියට වැඩේ කරලා දෙන්නම්. ඔබතුමාගේ ගෙදර වළං වුවද සෝදා දෙන්න සූදානම්. මේක ඇහිච්ච දෙයක්, මාධ්‍යයෙන්...
චාමර Thursday, 17 June 2021 07:44 PM
ගෙදර වළං හෝදගත්තා නේද?
සමන්Friday, 18 June 2021 10:12 AM
අසුචි ගොඩට නිල මැස්සන් ඉතා මනාපයි...!!!
දාසSaturday, 19 June 2021 12:46 AM
රාජපක්ෂ නඩය වෙනුවෙන් කඩේ යා හැකියි..
සමන්ත Thursday, 17 June 2021 05:15 PM
බොරු චෝදනා දාලා මිනිස්සු හිරේ විලංගුවේ දැම්මත් ශානි අබේසේකර වගේ අති දක්ෂ, අපක්ෂපාතී, අවංක පුද්ගලයෙකුට කළ දේ නැවත ඔවුන්ටම පෙරලා එන බවට විශ්වාසයි. අපි නිරතුරුවම ශානි සහ යුක්තිය සමගයි...
අතුල Thursday, 17 June 2021 05:21 PM
එතුමා ළඟ "හංගපු අවි නැහැ" ඒ නිසා ඒවා බලන්න එක්ක යන්න එපා...
Rohana Thursday, 17 June 2021 05:31 PM
අවංක, දක්ෂ නිලධාරීන් දේශපාලන පළිගැනීම්වලට ලක්වෙනවා. ශානි අබේසේකරත් එවැනි කෙනෙක්...
පප්ප Thursday, 17 June 2021 05:52 PM
අපේ හිතට ලොකු සහනයක්.., මේ මනුස්සයාට කරපු අපරාදය අති බිහිසුණුයි... ගෙතූ බොරුව කුඩු පට්ටම් කළා. මේ නඩුවේ තීන්දුව බලනකොට තේරෙනවා පාලකයින්ගේ උවමනාවට මේ අවංක ශුර නිලධාරියාට කල මහා අසාධාරණය...
fairoos Thursday, 17 June 2021 05:56 PM
රංජන්ගේ මෝඩ වැඩ හින්දා මෙතුමා නිකන් මාට්ටු වුණා...
Keppetipola Thursday, 17 June 2021 06:34 PM
බොරු සාක්ෂි නිර්මාණය කර වාස් ගුණවර්ධන වැනි ඉතා දක්ෂ පොලිස් නිලධාරියෙක්ව හිරේ දැම්මට දූෂිතයින් එල්ලුම් ගහට යැවිය යුතුයි.