(සුජිත් හේවාජුලිගේ)
ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.
ඇමති බංගලා කුලියට දෙන ලෙස ඉල්ලා විවිධ ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
තානාපති කාර්යාල, විවිධ අමාත්‍යාංශ සහ ආයතන, විශ්ව විද්‍යාල මේ අතර වන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
විශ්ව විද්‍යාල එම ඇමති නිවාස ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇත්තේ ශිෂ්‍ය නේවාසිකාගාර පවත්වාගෙන යෑමටය.
මෙයට අමතරව විනිසුරුවරුන් කිහිපදෙනෙකුද තමන්ට එම ඇමති නිල නිවාස දෙන ලෙසට ඉල්ලීම් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.
මෙම ඇමති නිල නිවාස ආර්ථික වශයෙන් ඵලදායී වැඩපිළිවෙළකට යොදාගන්නා ලෙස ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ කමිටුව ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත.
එම කමිටු වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාරදෙනු ලැබීය.
වර්තමාන රජයේ ඇමතිවරුන් ඇමැති බංගලා බාර නොගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
කොළඹ පිහිටි ඇමැති බංගලා සංඛ්‍යාව තිස්පහකි.
අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කු
ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් ක
ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය.
‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ’යුනෙස්කෝ’හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය.
මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇමැති බංගලා තානාපතිවරුන්ට