IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඇමති විජයදාසගෙන් කතානායකට ලිපියක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්  අධිකරණ සේවා සංගමයේ සභාපති දිසා විනිසුරු රුවන් දිසානායක සහ ලේකම් ඉසුරු  නෙත්තිකුමාරගේ මහත්වරුන් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කර විනය විරෝධීව කටයුතු කර ඇති හෙයින් එම විනිසුරුවරුන් දෙදෙනා   පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් කර සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කතානායකවරයාට ලිපියක් යවමින් දැනුම්දී ඇත.

අධිකරණ ක්ෂේත්‍රයේ සිදුවී ඇති සාපරදි ක්‍රියා සම්බන්ධයෙන්  විමර්ශන ආරම්භ කර තිබියදී එම විනිසුරුවරුන් දෙදෙනා එම පර්යේෂණ ක්‍රියාවලිය කඩාකප්පල් කර යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය අඩපණ  කිරීමේ උත්සාහයක නිරතව සිටින බවද විජයදාස රාජපක්ෂ මහතා එම ලිපියෙන් දැනුම් දෙයි.

අධිකරණ ක්ෂේත්‍රයේ අනීතික ක්‍රියා  හෙළිදරව් කර තිබියදී ඒවා සම්බන්ධයෙන් පියවර ගැනීම සියලු විනිසුරුවරුන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමක්ව තිබියදී තමාගේ එම හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ද්වේශ සහගතව මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමට කිසිවකුටත් අයිතියක් නැති බව එම ලිපියෙන් පෙන්වා දෙන රාජපක්ෂ මහතා තමා පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්වෙන් පසු විනිසුරුවරුන් තිස් දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඒ ගැන තමාට ස්තුති කළ බවද සඳහන් කරයි.

ඉහත ප්‍රකාශ නිකුත් කර ඇත්තේ අධිකරණමය විෂය  පථයේ කොටසක් ලෙස නොව පෞද්ගලික හෝ පෞද්ගලික මට්ටමින් ඇති කරගත් බැඳියාවක් මත වන හෙයින් එම ක්‍රියාව පැහැදිලි ලෙසම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත උල්ලංඝනය කිරීමක් බවද විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.v



අදහස් (6)

ඇමති විජයදාසගෙන් කතානායකට ලිපියක්

Achini Tuesday, 25 June 2024 05:00 PM

ඩිල්දාස ඉතින ඕක එලියට ඇවිල්ලා කියන්නකෝ ඇයි පාර්ලිමේන්තුවේ ඇතුලේ කියන්නේ

:       6       14

යෝගා Tuesday, 25 June 2024 05:19 PM

තමන්ගේ එකා රැකගන්න ඕනෑම පහත් වැඩක් කරන එක අපේ අයගේ පුරුද්ද. අධිකරණයත් එහෙම වෙන්න ඇති

:       3       14

සෑම් Tuesday, 25 June 2024 05:48 PM

විජයදාස රාජපක්ෂ කියන්නේ අමු තක්කඩියෙක්. කුහකයෙක්. මෙයා හිතන් ඉන්නේ මෙයා පාර්ලිමේන්තුව අස්සේ ඉඳන් පුද්ගලික තරහ පිරිමහ ගන්න විනිසුරුවන් හෑල්ලුවට ලක්කරන ඒවා රටේ ඉන්න මොලේ තියන මිනිස්සුත් අනුමත කරන්න ඕනා කියලා. ඊළඟට එන ආණ්ඩුවකින් මේ මනුස්සයාගේ හොර වැඩ සල්ලි හම්බු කරපු හැටි වෙනම පරීක්ෂණයක් කල යුතුමයි

:       10       19

Randunu Tuesday, 25 June 2024 08:47 PM

ඇයි මෙයාගේ ප්‍රකාශ දේව වාක්‍ය ද? ඒවා ගැන තව කෙනෙක්ට අදහසක් දක්වන්න බැරිද?

:       4       9

chathura Wednesday, 26 June 2024 03:43 AM

හොරෙක් කොහොමද තවත් හොරෙකු වැරදියි කියන්නේ ?

:       1       3

John Austin Wednesday, 26 June 2024 08:57 AM

මට නම් අධිකරණ ඇමැති පාර්ලිමේන්තුව ප්‍රකාශයේ කිසිදු වරදක් දෑක්කෙ නෑ. විනිසුරුවන් ස්වභාවික නිතියේ මුල ධර්ම දෑන ගන්න ඕනි. එයාට බෑ නිති උපදේශ දෙන්න නඩු අහන ගමන්. තමන් කලින් වෑඩ කළ උසාවියේ බඩු නෑති වෙලා නම් අපිද වග කියන ඔනි. හරියට බාරදිම් බාර ගෑනිම් වෙන්න ඔනි. හොරෙන් විදුලිය අරන් නම් අපි වගෙ සිවිල් අයට දෙන දඩුවම මොකද්ද ? . නිතියට අනුව වෑඩ කරන්න

:       2       5

ඔබේ අදහස් එවන්න

දියත

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 243 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 352 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 223 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 863 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1491 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4227 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24736 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site