IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඇමැති විජයදාසගෙන් පොලිස් ලොක්කෙකුට චෝදනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ක්ලබ් වසන්ත  ඝාතනයේ සැකකරුවකු  මාධ්‍ය ඉදිරියේ විවෘත කරගෙන ප්‍රශ්න අහපු නිලධාරීන් නීතිය රැහැනට ගත යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු  සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (12)  පැවසීය.

මේ අධිකරණයට කළ අපහාසයක් බව පැවසූ අමාත්‍යවරයා පොලිසිය නඩු ඇසූ හෙයින් දැන් විනිසුරුවරුන්ට කිරීමට දෙයක් නැතැයිද සඳහන් කළේය.

මේ නඩුවෙන් යුක්තිය ඉෂ්ට වේවි යැයි තමා නොසිතන බවද ඔහු කීවේය.

රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ  එම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී  නීතිඥ දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

  පොලිසිය නඩුව අහලා ඉවරයි.  විනිසුරුවරුන්ට කරන්න දෙයක් නැහැ. මහා ව්‍යාකූල තත්ත්වයක් .

මේ වගේ දෙයක් වුණාම විනිසුරුවරයෙකුට වගකීමක් තියෙනවා. .ඒ තැනැත්ත අත්අඩංගුවට ගන්න. එයා පොලිස් නිලධාරියෙක්ද හමුදා නිලධාරියෙක්ද කියලා අදාල නැහැ.  ඒක තමයි මේ රටේ නීතිය. ඒ වගේම පොලිස්පතිතුමාටත් වගකීමක් තියෙනවා මේ වගේ නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරන්න.

මේ වගේ නිලධාරීන් එක්ක අපරාධ නඩු විභාග කරන්නේ කොහොමද.  මේ විදිහට අපරාධ නඩු විසඳන්න පුළුවන්ද. මේ වගේ දේවල් වෙනකොට  අවසානයේදී අධිකරණ ක්‍ර ක්‍රියාදාමය පිළිබඳව මේ රටේ මිනිස්සුන්ට තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. ඒකෙන් වෙන්නේ රට අරාජක වීමක්.



අදහස් (9)

ඇමැති විජයදාසගෙන් පොලිස් ලොක්කෙකුට චෝදනාවක්

ජයනාත් Friday, 12 July 2024 01:16 PM

ඇත්ත මේක වැරැදි වැඩක්. පොලිසියත්, මාධ්‍යවේදීනුත් නොකළ යුතු දේ බොහෝමයක් ලංකාවේ වෙනවා. අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පෙන්වීම, අල්ලපු පොලිස් නිලධාරීන්ගේ නම් ඡායාරූප හෙළි කිරීම ආදිය නොකළ යුතු දේවල්... එවැනි දේවල් වලින් බරපතල හානි වෙනවා...

:       1       37

Hafeel Friday, 12 July 2024 01:57 PM

මෙයාම කියනවා "මේ නඩුවෙන් යුක්තිය ඉෂ්ට වේවි යැයි තමා නොසිතන බව" කියලා. එහෙම නම්, ඇයි ජනාධිපති තවදුරටත් මෙයාව අධිකරණ ඇමති ධුරයේ තියා ගෙන ඉන්නේ? අනික මෙයා ව්‍යවස්ථා දායක සභාව තුළ වත්මන් පොලිස්පතිව පත් කරන්න සහයෝගය දීලා, දැන් ඔහුම පත්කළ පොලිස්පතිට චෝදනා කරනවා..

:       9       14

පිටරැටියා Friday, 12 July 2024 01:57 PM

මේ වගේ සන්දර්ශන මාධ්‍ය වලින් පෙන්වනවා... අපි කිසිම සදාචාර සම්පන්න රටක දැකලා නැහැ.. ඒ අතින් ලන්කාව ගැන කවර කතාද?

:       0       24

චන්දිම Friday, 12 July 2024 04:21 PM

සමහර මාධ්‍ය මේ ප්‍රශ්න කරන වීඩියෝව නිති විරෝධී නිසා පෙන්නුවේ නැහැ. හැබැයි පැත්ත ගියත් ඇත්ත කියනවයි කියන සමහර මෝඩ බලධාරියෝ ඉන්න සමහර මාධ්‍ය මේ සිද්ධිය පෙන්නුවේ හොඳට රස කරලා. ඒ නිසා ඒ අයටත් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනි.

:       0       0

C.K.Lankaputhra Friday, 12 July 2024 05:01 PM

මෙය නොකල යුතු දෙයක් බවට චන්දන වික්‍රමරත්න හිටපු IG මහත්තයාා⁣ගේ මාර්ගෝපදේශ චක්‍ර ලේඛයක් තියන පසුබිමක අයුතු හයියක් ලබාගෙන මේ කරපු අනීතික ක්‍රියාව තවදුරටත් සිදුනොවීම සඳහා තද විනය ක්‍රියා මාර්ගයක් ගත යුතුයි.

:       0       9

Perera Saturday, 13 July 2024 03:54 AM

දේශබන්දුගේ නීතිය දේශබන්දුගේ පොලිසිය .ඒකටම හරියන පක්ෂග්‍රාහී මාධ්‍යයන්

:       0       1

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 13 July 2024 06:56 AM

ඒක නම් වැරදි බව අපි කව්රුත් පිලිගන්නවා .. ඒ උනාට උඹ අර ඔලුවේ අශූචි තිබෙන ඉස්සා වගේ. උඹ වරප්‍රසාද පාවිච්චි කරළ නඩුකාරයන්ට බැන වැදීමත් ඒ වගේම පහත් ක්‍රියාවක්.

:       0       0

de silva Saturday, 13 July 2024 12:18 PM

මොහු අධිකරණ ඇමති , නිතිය පිළිබඳව හසල දැනුමක් තිබෙනවා නීතිපති හෝ අධාල මාර්ගවලින් මේ සිධියට සම්බන්ධ නියෝජ්‍ය පොලිස් පතිට විරුධව නීතිමය පියවර ගන්නේ නැතිව නිකන් බොරුවට පාර්ලිමේන්තුවේ කාලය කමින් කියව කියව ඉන්නවා , පාර්ලිමේන්තුව දිනකට රැස් වෙන්න රුපියල් කොටියක පමණ වියදමක් යන බව සිතන්නේ නැහැ .

:       0       0

Nimal Saturday, 13 July 2024 01:01 PM

මූ නම් මාරම ගේම් කාරයෙක් .තඹයකට විශ්වාස කරන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 14 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10583 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5265 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7443 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4971 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1247 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36519 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24204 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 530 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site