IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ඇමැතිවරු දහයක් ’’සමිට් සැප’’ විඳිද්දි මන්ත්‍රී නිවාසත් අල්ලාගෙන

(සුජිත් හේවාජුලිගේ)

ඇමැතිවරුන් දස දෙනකු  ඇමැති නිල නිවාස වරප්‍රසාද භුක්ති  විඳිද්දී මාදිවෙල මන්ත්‍රී නිල  නිවාසද පාවිච්චි කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ තත්වය සැලකිල්ලට ගෙන  ඇමැති  නිවාස  (සමිට් ෆ්ලැට්) දැනට පාවිච්චි කරන ඇමැතිවරුන්ගේ  ලැයිස්තුව  වහාම ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීහු   රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පසුගියදා  දැනුම් දුන්හ.

එම ලැයිස්තුව ලබන සතියේ ලැබීමට නියමිතව ඇති බවත් ඇමැති නිල නිවාස වරප්‍රසාද භුක්තිවිදින අතරේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලද පදිංචිව සිටින  ඇමැතිවරුන්  සම්බන්ධයෙන් එම වාර්තාව ලැබුණු  පසු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් පාර්ලිමේන්තු ප්‍රධානියෙක්  ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මේ අතර මන්ත්‍රීවරුන් දස දෙනකු  තමන්ට මාදිවෙල මන්ත්‍රී නිල  නිවාස සංකීර්ණයෙන්  නිවාස ලබාදෙන්නැයි  පාර්ලිමේන්තු  ප්‍රධානීන්ට අයදුම්පත් යොමු කර ඇත.

මෙසේ අයදුම්පත් යොමු කර ඇති දස දෙනාම  නවක මන්ත්‍රීවරු වෙති.

ඇමැතිවරුන් මෙසේ පදිංචිව සිටීම නිසා එම  මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීම  ගැටළුවක්වී ඇතැයි  එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වෙනුවෙන්  රුපියල් ලක්ෂ ගණනක හිඟ මුදලක්  මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.

මෙම හිඟ මුදල වහාම ගෙවන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්  එම  හිටපු මන්ත්‍රීවරුන්ට  දැනටමත් සිහිකැඳවීම් ගණනාවක් කර ඇත.



අදහස් (9)

ඇමැතිවරු දහයක් ’’සමිට් සැප’’ විඳිද්දි මන්ත්‍රී නිවාසත් අල්ලාගෙන

Wimal Perera Saturday, 13 November 2021 11:51 AM

හොරුන් කවදැයි කියා සියලු දෙනාටම දැනගන්න නම් ප්‍රසිද්ධ කරන්න...

:       0       14

අගුපිලගේ Saturday, 13 November 2021 12:34 PM

නිවාස ලබා දෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නම් වරද නිවාස බාර නිලධාරින්ගේය. මන්ත්‍රී නිවාස පාර්ලිමේන්තුවේ ලේකම් යටතේ තිබීම වඩා සුදුසුයි.. නිවසක් දීමට පෙර නිවසක් ලබාගෙන තිබේද බැලීමේ ක්‍රමයක් නැද්ද?

:       0       10

ravin Saturday, 13 November 2021 01:14 PM

ගෙවන්න තියෙන අයගේ නම්ගම් හෙළිකරන්න. තවද ගෙවල් දෙක දෙක පදිංචි අයගේත් නම් හෙළිකරන්න. මෙම වාර්තා මහජන මුදලින් යැපෙන්නන්ගේ වාර්තා මිස පුද්ගලිකව ගෙවලා ඉන්න අයගේ වාර්තා නොවෙයිනේ...

:       0       18

RaveendraSaturday, 13 November 2021 02:25 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. පුවත්පත් වල සැමදාම සමාජ විරෝධීන්ගේ, මහජන මුදල් හොරා කන අයගේ නම් ගම් ප්‍රසිද්ධ කිරීමට පුදුම මැලිකමක් දක්වන බව නම් හොඳින්ම පැහැදිලියි. ඇත්තෙන්ම විය යුත්තේ එවන් තක්කඩින්ගේ සියලු තොරතුරු මහජනතාවගේ දැනගැනුමට ඉඩ සැලැස්වීමයි.

:       0       17

Sanju Saturday, 13 November 2021 02:50 PM

ඔබතුමාගේ අදහසට මාත් එකඟයි...

:       0       6

සුරලොව ඇල්මන්Sunday, 14 November 2021 06:49 AM

මෙහි වරද මන්ත්‍රී හෝ ඇමති ගේ නොවෙයි නිවාස භාර නිළධාරින්ගේ. ඔවුන් හරියාකාරව සොයාබලා නිවාස දුන්නානම් මෙහෙම නොවේවි. ඇත්තටම නිවාස දෙනවිට ඇමතිවරයා කොළඹ ඉන්නවා නම් නිළ නිවසක් හිමිකම් තිබුනත් ඔහුට දීම නතර කරන්න ඕන වාර්ෂිකව ගන්නා වත්කම් බැරකම් මගින් ඒවා සොයන්න පුළුවන්. මෙනිසා කොළඹ හෝ බස්නාහිර පළාතේ ඡන්ද දායක මැති ඇමතිලා සහ නිවාස හිමියනුත් දැනට නිවාස ලබාගෙන සිටින අයගේ නම් ප්‍රසිද්ධ කරන්න අධිවේගී මාර්ග හරහා පැයකින් එන්න පුළුවන් අයටත් නිවාස දීම අනවශ්‍ය වියදම් කිරීමක්.

:       0       0

ජනහඩ Saturday, 13 November 2021 01:25 PM

දැන් ආණ්ඩුව එතරම් ජනප්‍රිය නොවූවද, එම ඇමැති ගොල්ලන්ගේ නම් ගම් නිවැරදි දත්ත ඉදිරිපත් කිරීමෙන් මහජන ප්‍රසාදය දිනාගත හැක...

:       0       12

පැරකුම් Saturday, 13 November 2021 10:04 PM

පොදු ජනතාව ගෙයක්, දොරක්, ඉඩමක් නැතිව සුසුම් හෙලද්දී ඔවුන්ගේ කරපිටින් බලයට එන දේශපාලුවන් කරන මේ අපරාධයන්ට දඬුවම් දීමට තරම් ශක්තියක් ඇති පාලකයින් අපට කවදා ලැබේවිද?

:       0       0

පැරකුම් Sunday, 14 November 2021 01:29 PM

දේශපාලුවන් රට වෙනුවෙන් කරන වටිනා සේවය වෙනුවෙන් ගෙවල් දෙකක් නෙවෙයි, පහක් දුන්නත් මදි. ඒ නිවාසවලට සපයන සේවාවන් අපේ බදුමුදලින් නොමිලේ සපයන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 106 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1894 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2593 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 5786 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 916 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24347 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18844 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1829 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site