IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


“ඇමරිකා ඩොලරයේ මිල ස්ථාවරව පවත්වා ගන්නැයි ඉල්ලයි’’

( තිළිණි ද සිල්වා )

ඇමරිකා ඩොලරයේ මිල රු. 200 - 203 ක ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යන ලෙස මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සියලු බලපත්‍රලාභී බැංකු ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි මහබැංකු ආංරචි මාර්ග වලින් පැවස්.

විනිමය අනුපාතයේ අධික අස්ථාවර භාවය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල දේශීය මිල ගණන් වල අහිතකර ගැලපීම් ඇති වන බවත් , එමඟින් සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වයන්ට අතිශයින් අහිතකර බලපෑම් ඇති වන හෙයින් මහ බැංකු අධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇතැයි ද එම ආරංචි මාර්ග කියා සිටී.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මේ වන විටත් පියවර කිහිපයක් ගෙන ඇති අතර, මේ රටේ මුල්‍ය ප්‍රජාවේ වගකිව යුතු සාමාජිකයින් වශයෙන්, ඇමෙරිකානු ඩොලරයකට රු. 200 - 203 සහ ඊට අනුරූපව මෙම එකඟ වූ අනුපාත පරාසයෙන් පවත්වාගෙන යාමට ක්‍රියාකාරී හා ස්ථිරසාර සහයෝගීතාව අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සියලුම බලපත්‍රලාභි බැංකු ප්‍රධානී ගෙන් ඉල්ලා ඇත.

 

මේ අතර මීට පෙර ඩොලරයේ මිල ස්ථාවර අගයක මහ බැංකුව දෛනිකව ප්‍රකාශ කර සිටිය ද පෞද්ගලික බැංකු ඇතුළු විධිමත් විදේශ විනිමය වෙළෙඳපොළේ එය රු. 230 ක් දක්වා ඉහළ මිලකට අලෙවි විය. කෙසේ නමුත් අවිධිමත් හෙවත් කළුකඩ මිල ඇමෙරිකා ඩොරලයක් වෙනුවෙන් රු. 240 - 250 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්  මහ බැංකු අධිපතිවරයා කළ මෙම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පෞද්ගලික බැංකු ඊයේ (08) දිනයේ ඇමෙරිකා ඩොලරයක ගැනුම් මිල රුපියල් 196.10 කටත් , විකුණුම් මිළ රුපියල් 203 ක්  වශයෙන් මිළ සටහන්ව පැවතීනි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ මෙම ඉල්ලීම හරහා  ඇමෙරිකානු ඩොලරයේ කළු කඩ මිල සීඝ්‍රයෙන් ඉහළ යාමට මෙම පියවර හේතුවනු ඇති බවය.



අදහස් (2)

“ඇමරිකා ඩොලරයේ මිල ස්ථාවරව පවත්වා ගන්නැයි ඉල්ලයි’’

Rohana Wednesday, 08 September 2021 07:00 PM

රටේ ඩොලර් සංචිත පහතවැටී ඇතිවිට ඩොලර් හිගයක් ඇතිවී ඇත. එවැනි අවස්ථාවල ඩොලර් මිල ඉහලයාම වැලැක්විය නොහැක. තිබෙන සීමිත ඩොලර් ප්‍රමාණයට ස්ථාවර මිලක් නියම කිරීමෙන් සිදුවන්නේ අතිරික්ත ඩොලර් එම මිලට සොයා ගැනීම අපහසුවෙයි. එවිට සිදුවන්නේ වැඩිමිලට ඩොලර් අලෙවි කිරීමට පුද්ගලයන් පෙළඹීමයි. එමමිල නිල විනිමය අනුපාත සමග සම නොවන අතර කළුකඩ මිලක් ඇතිවනු ඇත. දැන් ඩොලරයක් රු. 250 ට පමණ අලෙවිවන්නේ ඒ නිසයි.

:       0       1

de silva Thursday, 09 September 2021 11:04 AM

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය පතන්නේ නැතුව එක එක්කෙනා විකාර කරනවා. ලංකාවේ පුද්ගලික බැංකු වලට පුලුවන්ද මේ ප්‍රශ්න විසදන්න? මේකත් හරියට කොරෝනාවට මුට්ටි ගඟේ දැම්මා වැනි වැඩක්

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 705 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 579 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 257 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
2024 නොවැම්බර් මස 12 212 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි


ඇහිලූ මුදල් අයිතිකරුටම දෙයි
2024 නොවැම්බර් මස 12 31 0

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
2024 නොවැම්බර් මස 12 59 0

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 168 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1587 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site