ශ්රී ලංකාවේ ජනතාවට අවශ්‍ය සහාය ලබාගැනීමට කඩිනම් පියවර ගන්නැයි ඉල්ලමින් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු වන ඩීනා ටයිටස් මහත්මිය සහ රාජා ක්‍රිෂ්ණමූර්ති මහතා ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බ්ලින්කන්ට ලිපියක් යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ තත්ත්වය එන්නම නරක අතට හැරෙමින් තිබෙන බවත් දෛනිකව 3,000ක ඉක්මවමින් නව කොරෝනා වයිරස ආසාදිතයන් ද 100 ඉක්මවමින් නව කොරෝනා වයිරස ආසාදිත මරණ ද වාර්තා වන බවත් ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය අවශ්‍යම මේ මොහොතේ ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ද නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් දෙදෙනා රාජ්‍ය ලේකම්වරයගෙන් ඉල්ලා ඇත.
ඩීනා ටයිටස් ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කොංග්‍රස් මණ්ඩලයේ ද්විපාර්ශවීය මණ්ඩලයේ හිටපු සම සභාපතිවරිය ද වේ.
ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සහ වයිරස ආසාදිත මරණ ගණන පසුගිය සතිය හා සැසඳීමේදී දෙගුණ වී ඇතැයි ද ඇය සිය ලිපියේ සඳහන් කර ඇත.
අගෝස්තු මස 17 වැනිදා දාතම යටතේ මෙම ලිපිය ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට යොමු කර ඇත.
ඇය මේ සම්බන්ධයෙන් සිය ටිව්ටර් ගිණුම ඔස්සේ ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන තරමක සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇති නමුත් තවමත් එන්නත්කරණය කර ඇත්තේ ජනගහනයෙන් සියයට 31.6ක් පමණක් බවත් ඇය සඳහන් කර ඇත.
ජූනි මාසයේ අගදී දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩිවීමට පටන් ගත් බවත් අගෝස්තු මස පළමු සතියේ දී එය වේගයෙන් වැඩි වන්නට පටන් ගත් බව සඳහන් කරන ඇය වයිරසය ආසාදනය වීමෙන් මිය යන අයගේ සිරුරු තබාගැනීම සඳහා ශීතාගාර පහසුකම් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට සමූහ වශයෙන් මළසිරුරු ආදාහනය කිරීමට සිදු වූ බව ඇය සඳහන් කර ඇත.
මළසිරුරු ප්‍රමාණයෙන් දිනෙන් දින ඉහළ යෑම නිසා ආදාහනාගාරවලට දිවා රෑ නොබලා වැඩි කිරීමට සිදු වූ බවට ද වාර්තා වූ බව ඇය සඳහන් කරයි. ඒ අතරවාරයේ දී ඇතැම් හෝටල් තාවකාලික රෝහල් බවට පත් කර ඇති බවට ද ඇය සිය ලිපියේ සඳහන් කර ඇත.
‘කොවිඩ්-19’ ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් නොවීමත් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ඉහළ යෑමට දක්වන අසංවිධානත්මක ප්‍රතිචාරයටත් විසඳුම් සොයන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ආයාචනා කර ඇති බවත් ඇයගේ ලිපියේ සඳහන් වේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන වෛද්‍ය සහාය කඩිනමින් වේගවත් කරන ලෙසත් විශේෂයෙන්ම මෙම දරුණු තත්ත්වයට මුහුණ දීම සඳහා කොළඹින් පිටත පිහිටි දිස්ත්‍රික්කවලට තාවකාලික ජංගම වෛද්‍ය ඒකක ලබාදෙන ලෙසත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් වන ඩීනා ටයිටස් මහත්මිය සහ රාජා ක්‍රිෂ්ණමූර්ති මහතා ඉල්ලා ඇත.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි මහත්වරුන් වතිකා
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල අනිසි ලෙස භාවිත කරන ලදැයි සඳහන් චෝදනා විමර්ශන කිරීමට පත් කරනු ලැබූ ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන සඳහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමෙරිකා මන්ත්‍රී දෙදෙනෙක් ශ්‍රී ලංකාවට සහන ඉල්ලති
බද්රානි Monday, 16 August 2021 12:04 AM
චීන්නුන්ගේ ජරාව මුදල් ගෙවලා කන මේ තුප්පහි ජාතියට මොකටද ඇමරිකාව උදව් කරන්නේ. මනුෂ්‍යයින් වෙසෙන රටකට ආධාර කරන්න. මේ ජාතියට ආධාර කලාට පලක් නැහැ. මෙවුන් කාපු පතේම පහරන ජාතියක්??
Lalith M Monday, 16 August 2021 01:44 AM
අපේ පාලකයින් ඇමරිකානුවන් කියලා මතක් වෙලා වගේ...
jagath Monday, 16 August 2021 10:11 AM
කරදරයකදී පිහිටවන ඔබතුමිය සහ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...!!!
ganegoda Monday, 16 August 2021 12:12 PM
ඇමරිකාවේ සහන ?මේකට උත්තරය තමයි ඇෆ්ගනිස්ථානය !
kamal Monday, 16 August 2021 01:12 PM
අධිරාජ්‍යවාදීන්ගේ ඇඟිලි ගැසීම් හෙළා දකිමු... මව්බිම පෙරට... අපිට අපේ සර් ඉන්නවා. බැසිලුත් ඉන්නවා... වෙන කවුරුවත් අවශ්‍ය නැහැ..
gampilaMonday, 16 August 2021 04:02 PM
ඉතින් එයාලත් ඔක්කොම ඇමෙරිකන් කාරයෝනේ..!!!
panikkiwanshaTuesday, 17 August 2021 01:08 AM
ඒක තමයි .මේවා ධනවාදී ,අධිරාජ්‍යවාදී ,ජාත්‍යන්තර කුමන්ත්‍රණ
Nihal Wednesday, 18 August 2021 05:45 AM
අර යූකේ වල දරුවන්ට කන්න නෑ කියලා ලෝකෙටම කිව්වා... ඒ ගැනත් බලනවා නම් හොඳයි. වර්ණ භේදය නිසා එම රටවල ආසියානුවන්ට හිංසා, අපහාස, ඝාතන නිමක් නැතිවුණත් අපි සුදු ජාතික ඔවුන් කෙරෙහි කිසිඳු වෛරයක් කොහෙත්ම නැත.
Kasun Wednesday, 18 August 2021 08:25 AM
හොද වැඩක්. ඇමරිකාවේ ඉන්න ලාංකිකයොත් මේ වෙලාවේ උදව් කරන්න. ගොඩක් අය නිදහස් අධ්‍යාපනය නිසා උසස් අධ්‍යාපනයට ගිය අය නේ. මේ වෙලාවේ උදව්වක් නැත්නම වැඩක් නෑනේ