ඇමරිකාව පුරා පසුගිය දින කිහිපයේ ඇතිවූ හිම කුණාටු සහිත දැඩි ශීත කාළගුණික තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 23ක් දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.
ටෙක්සාස් ප්‍රාන්තයේ මිලියන 3.5කට අධික ජනතාවකට තවමත් විදුලිය නොමැතිෙ වීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද මාධ්‍ය වාර්තාකර තිබේ.
හූස්ටන් ප්‍රදේශයේ නිවසක උණුසුම් වීම සඳහා ගිනි උඳුනක් භාවිතා කරමින් සිටි එකම පවුලේ සිව් දෙනකු පිළිස්සී මියගොස් තිබේ.
උතුරු කැරොළිනාවේ මුහුදු වෙරළේ ඇති වූ සුළි කුණාටුවක් හේතුවෙන් තිදෙනකු මියගියහ.
නිවෙස් උණුසුම් කිරීමට භාවිතාකරන විදුලි ජනක යන්ත්‍ර වලින් පිටවන කාබන් මොනොක්සයිඩ් විෂ වීමෙන් ද කිහිපදෙනකු මියගොස් ඇත.
ඉදිරි දින කිහිපයේ කාළගුණික තත්ත්වය තවදුරටත් අයහපත් වනු ඇතැයි කාළගුණ අංශ අනතුරු අඟවා ඇත.
(ඩේලි මේල් ඇසුරිණි - 085)
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකාවේ දැඩි ශීතලෙන් මියගිය සංඛ්‍යාව 23ක් දක්වා ඉහළට
පිටිගල මිලානෝ Wednesday, 17 February 2021 01:42 PM
ඇමරිකාවේ සුලුතරයක් හැරුණු විට විශාල කොටසක් බොහොම අඩු ජීවන තත්වයක් උරුම කරගෙනයි ජීවත් වන්නේ. රක්ෂණය නොමැති නම් මූලික සෞඛ්‍ය පහසුකම් නැත. බොහෝ පිරිස් ශීත කාලවල ගිනිමැල ගසාගෙනයි ජීවත් වන්නේ. එය මෙම පුවතින්ම සනාථ වනවා.
NiraseraWednesday, 17 February 2021 02:44 PM
විහිලුවක් කරනවද, නැත්තම් ඇත්තටම කියනවද කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි ඇත්තටම නම් කියන්නේ ඔහු හෝ ඇය පට්ටපල් මෝඩයෙක්... නැත්තම් හොඳ විහිලුකාරයෙක්...
RanjanWednesday, 17 February 2021 04:43 PM
ඔබ ඇමෙරිකාවට එකවරක් හෝ පැමිණ තිබේද? නිකන් බොරු කියන්න එපා. 2014 සිට සියලු පුරවැසියන් රක්ෂණය කර ඇත. ගිනිමැල ගැසීම මෙහි තහනම් වේ. ඒ සඳහා පෝරණු නිවෙස්වල සාදා ඇත.