IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාව නම්මන්න කිරිඇල්ලගෙන් යෝජනාවලියක්



(සුජිත් හේවාජුලිගේ)

ඇමරිකානු රජය  ශ්‍රී ලංකාව ආනයනය කරන භාණ්ඩවලට  පැනවූ බදු සීමා  ලිහිල් කර ගැනීම සඳහා  අනුගමනය කළ හැකි  උපායමාර්ග   සඳහන් කරමින්  සමගි  ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්  ඇමෙරිකානු ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේදී පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ  රටවල් ගණනාවකට බදු පනවන බවට පූර්ව  අනතුරු ඇඟවීම් කළ  බවයි.

ඒ අනුව  බොහෝ   රටවල්  එ් අවස්ථාවේ   සිටම මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා   ඇමරිකානු රජය සමඟ සාකච්ඡා ආරම්භ  කළ  බව පැවසූ කිරිඇල්ල මහතා  එසේ  සාකච්ඡා  කළ   සියලු රටවල්  ඇමරිකාවෙන් අඩු බදු ප්‍රතිශත ලබාගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්  එසේ ප්‍රකාශ කරන අවස්ථාවේදීම  මාලිමා රජයේ  විශේෂඥයන්ට  ඒ සඳහා සූදානම්වීමට කාලය තිබූ බවත් ඔවුන් එසේ කල්තියා  සූදානම් නොවීම හේතුවෙන්  මෙම බරපතළ ගැටලුව මතුවූ   බවත්  ඔහු පෙන්වා දුන්නේය. කල් තියා සාකච්ඡා ආරම්භ කළ සියලු රටවල් ගොඩ ගිය බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44ක බදු  අඩු කර ගැනීම සඳහා දැනටමත්  ප්‍රමාද නැති බවත් ඒ සඳහා විශේෂඥ කණ්ඩායමක් පත්කර එරට නායකයන් සමග විධිමත් සාකච්ඡා ආරම්භ කළ යුතු බවත්  ඔහු යෝජනා   කළේය.

ඇමරිකාවෙන් මෙරටට  අානයනය කෙරෙන   භාණ්ඩවලට නියම කෙරෙන බදු සහ  කෘතිම බදු වැටවල් ඉවත් කර  නිදහස් වෙළඳ ආර්ථිකයකට ගමන් කිරීමෙන් මෙම ගැටලුව විසඳාගත හැකි බව  පෙන්වා දෙන  හිටපු මන්ත්‍රීවරයා ඇමරිකාව  වමට බර රටවලට  වැඩි බදු ගසා ඇති බව   එම බදු ලැයිස්තුව නිරීක්ෂණයේදී පෙනී යන්නේ  යැයිද    සඳහන් කළේය.



අදහස් (13)

ඇමෙරිකාව නම්මන්න කිරිඇල්ලගෙන් යෝජනාවලියක්

prasanna Friday, 04 April 2025 01:44 PM

මෙම ආණ්ඩුවේ ඉන්න බයි සෙට් එකට, මේකට ක්‍රියාමාර්ග ගන්න තියා, මේ ගැන හිතන්නවත් මොලයක් නැහැ.

:       70       29

සුසිල් Friday, 04 April 2025 02:14 PM

කිරිඇල්ල ඇයි එදා ඕක කිව්වේ නැත්තේ...?

:       14       42

Pradeep Kumara Friday, 04 April 2025 02:22 PM

අපරාදේ.. අර පත්කළ කමිටුවේ සභාපතිකම කිරිඇල්ලට දෙන්න තිබුනේ. තව ඕනෑ නම් රවී කරුණානායක සහ නැවෙන් ඩොලර් ගෙනාපු හාදයාවත් පත් කරන්න තිබුණා.

:       5       26

පිටරටවැසියා Friday, 04 April 2025 02:22 PM

පරදිනවා කියලා දැනගෙන ගෙදර ගිය හාදයා, මහනායක හාමුදුරුවරු ලව්වා චිට් එකෙන් රිංගන්න බැලුවා, ඒක හරි නොගිය තැන, දැන් ෆෙරාරි සීයා වගේ නිවේදන නිකුත් කරනවා, ගෙදරට වෙලා බණක්-භාවනාවක් කරගෙන ඉන්නේ නැතිව. කරලා තියෙන හොරකම් වලට මෙයා හරි නම් ඉන්න ඕනෑ ආණ්ඩුවේ බෝඩිමේ අනිත් ඔක්කෝටම කලින්...

:       3       29

සෑම් Friday, 04 April 2025 02:23 PM

අමු ගොන් කතා කියන්න එපා මනුස්සයෝ. ඇමෙරිකාවේ ට්‍රම්ප් කරපු දේ ගැන මෙලෝ හසරක් හොයන්නේ නැතුව මෝඩ කතා කියනවා. ට්‍රම්ප් රටවල් 185 කට බදු ගහපු හැටි සහ එම ප්‍රමාණයන් ද එය ගණනය කරන්න භාවිතා කරපු 6 හේ පන්තියේ ළමයකුටත් තේරුම් ගන්න පුළුවන් සමීකරණයද ලෝකේ හැමෝටම බලාගන්න පුළුවන්. ට්‍රම්ප් ගේ බදු ගැහිල්ල කලින් කතා කරලා මග හරවා ගන්න පුළුවන් එකක් නොවන බව අබමල් රේණුවක ලෝක දේශපාලනයක් ගැන අවබෝධයක් තියන මිනිහෙක් දන්නවා. ට්‍රම්ප් කලේ ආරථික වශයෙන් මුග්ධ විදිහට රටවල් සියල්ලටම තෝරන්නේ බේරන්නේ නැතුව සමීකරණයට අනුව බදු ගැසීම. කවුරු හරි මේ කිරිඇල්ල සීයට මේක පහදලා දෙන්න. පව් කියලා හිතෙනවා... මේ කිරිඇල්ල වගේ මිනිස්සුනේ අපේ රටවල් පාලනය කලේ...

:       7       33

යුද්ද කරන්න ඕන ගොනෙක් Friday, 04 April 2025 02:51 PM

හයිවේ එක ඉඩම් බේරල වංගු නමලගත්ත වගේද සර් නම්මන්න ඕන?

:       3       26

Naleen Friday, 04 April 2025 02:51 PM

මාරු යෝජනාවලිය.

:       3       13

Akila Friday, 04 April 2025 02:54 PM

බංකොලොත් විපස්සයෝ දැන් මේ සිද්දිය අල්ලාගෙන මෝඩ ජවනිකා දාන්න පටන් අරන් , කිසිම් රටක් ට්‍රුම්ප් එක්ක සාකච්චා කරලා බදු අඩු කරගත්තේ නැහැ , දැන් හුඟක් රටවල් එකට එක කරන්න ඇමරිකාවෙන් ආනයනය කරන බඩු වලට tax වැඩි කරන්න යනවා

:       7       17

de silva Friday, 04 April 2025 02:54 PM

අපි යුරෝපෙන් , ඇමරිකාවෙන් සහ ජපානය ඇතුළු ආසියාවේ අනෙක් රටවල් වලින් එන භාණ්ඩ වලට 50% සිට 300% දක්වා බදු අය කරනවා මෙම රටවලුත් අපි යවන භාණ්ඩ වලට මේ විදිහට බදු නොගහ හිටියොත් තමා පුදුමේ , ඔබතුම හරි මේම අධික තීරු බදු නිසා තමා අපේ ජිවන වියදම් ඉහල ගිහින් රටේ ජනතාවගේ ජිවන තත්වය පහල වැටිලා තිබෙන්නේ , කරුණාකර මෙම තීරු බදු අඩු කරන්න

:       9       12

Binara Friday, 04 April 2025 03:14 PM

පුළුවන් කයිය ගහන්න විතරයි

:       7       8

බන්ඩාර Friday, 04 April 2025 03:27 PM

මේ කිසිම රටක් කලින් සාකච්ඡා කරලා බදු අඩු කරගෙන නැත. සියලු දෙනාටම අමෙරිකාව සමග තිබෙන tradedeficit එක අනුව බදු පනවා තිබේ. Trade balance eka plus තියෙන රටවලට සහෙන්න අවාසියි.

:       2       17

de silva Friday, 04 April 2025 03:57 PM

ලබන වසරේ යුරෝපේ GSP එකත් ඉවර වෙනවා. අමතක කරන්න එපා 2028 සිට අපිට ණය වාරික ගෙවන්න සිදුවෙනවා... දැන් අපට කරන්න පුළුවන් එකම දේ අපේ වියදම් අඩු කරගන්න එක අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් පමණ සිටින රජයේ සේවක රැකියාවලින් යම් ප්‍රමාණයක් අඩු කරගන්න ඕනේ... ශ්‍රී ලන්කන් වැනි පාඩු ලබන රජයේ සමාගම් වහලා දමන්න හෝ විකුණන්න වෙනවා. එහෙම නොකළොත් 2028 දී නැවත ආර්ථික අර්බුද වලට රටට දෙන්නේ සිදු වෙනවා. ආණ්ඩුවට අද හෙටම තීරණයක් ගන්න වෙනවා.

:       1       14

කපුරු හාමි Friday, 04 April 2025 05:39 PM

බැසිල් කියන මොළහතාට කිව්වනම් උපදේශයක් අරන් දෙන්ඩ බැරිකමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ආණ්ඩුවට ලැබී තියෙන්නේ වරමක් නොව දඬුවමක්
2025 අප්‍රේල් මස 10 77 0

ආණ්ඩුවට ලැබී තිබෙන්නේ ජනවරමක් නොව දඬුවමක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


නීතීවිරෝධිව ගෙන ආ භාණ්ඩ ගුවන්තොටේ හිරවෙයි
2025 අප්‍රේල් මස 10 49 0

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා පරිගණක , ජංගම දුරකථන සහ සපත්තු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


දෙදරුපියා මරුවාට ස්පා කත ඇතුළු හතරක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 0 0

ස්පා ආයතනයක සේවය කළ 22 හැවිරිදි තරුණියකගේ ලිංගික දර්ශන සූක්ෂම ලෙස පටිගත කර, ඒවා ප්‍රසිද්ධ කරන බව පවසමින් එම තරුණිය ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කළ බව ක


’’පුතානෝලගේ පියානෝලා අළුගෝසුවෝ’’
2025 අප්‍රේල් මස 10 119 0

එදා අළුගෝසුවන් ලෙස කටයුතු කළේ පුතානෝලගේ පියානෝලා බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


අලුත් අවුරුද්දේ ආරක්ෂාවට පොලිසියේ 35000ක්
2025 අප්‍රේල් මස 10 19 0

සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මහජනතාවගේ ආරක්ෂාව සහ රථ වාහන මෙහෙයවීම සඳහා පොලිස් නිලධාරීන් තිස් පන්දාහක් යෙදවීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථා


මව්වරුන් රකින්න ජපානෙන් ඩොලර් මිලියන 5.29ක්
2025 අප්‍රේල් මස 10 91 0

ගර්භණී සමයේ දී හෝ දරු ප්‍රසූතියේ දී කිසිදු කාන්තාවකට අනවශ්‍ය අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට සිදු නොවන අයුරින් මෙරට සෞඛ්‍ය සේවාවේ මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 293 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 880 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site