IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඇඹිලිපිටියේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය  බංගලාදේශයට අපනයනය කරනු ලැබීය.

මෙට්‍රික් ටොන් පනහකින් යුතු මෙම කඩදාසි තොගය කාර්මික කඩදාසි වලින් යුතු විය. අපනයනය කළ කඩදාසි තොගයේ වටිනාකම ඩොලර් 20000ක් පමණ බව ‘අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ නලින් ඇන්තනී මහතා පැවසුවේ ය.

කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය අප්‍රේල් 18දා ආරම්භ කරනු ලැබීය.

ජාතික කඩදාසි සංස්ථාවට අයත්ව තිබු ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත ආර්ථික ප්‍රතිපත්ති මත විදෙස් රටවලින් කඩදාසි ගෙන්විමට කටයුතු කිරිමෙන් පසු 2003 වසරේදි වසා දමන ලදී. ඉන් පසු අවස්ථා කිහිපයකදි එහි තිබූ යන්ත්‍ර සූත්‍ර යකඩ ආදිය ගලවා පරණ යකඩ වලට විකුණා කම්හල ගොඩනැගිලිවලට සහ යන්ත්‍ර සුත්‍ර කිහිපයකට පමණක් සීමාකර තිබුණි.

පසුව රජය සමග ඒකාබද්ධව ඇඹිලිපිටිය පේපර් මිල්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් නමින්  k S P A පැකේජිං පුද්ගලික සමාගම විසින් පසුගිය අවුරුද්දේ යළි සංවර්ධනය කරනු ලැබීය. නව යන්ත්‍රසුත්‍ර ආදිය සවිකර මුලින්ම 70පට සහ 150පට ප්‍රමාණයේ කර්මාන්ත කඩදාසි නිෂ්පාදනය ආරම්භ කරන ලදි. මෙරට අබළි කඩදාසි නිෂ්පාදන මූලද්‍රව්‍ය ලෙස යොදා ගැනුනි.

දේශීය ව්‍යාපාරික සහ ව්‍යවසායක අනුරත් අබේරත්න මහතාගේ ‘අනුනයින්’ සමූහ ව්‍යාාරයේ පුද්ගලික සමාගමක් ලෙස ඇඹිලිපිටිය කඩදාසි කම්හල ක්‍රියාත්මක වෙයි.

මේවනවිට රටවල් දොළහකින් විදේශ ඇනවුම් ලැබී ඇති බව  ‘අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ නලින් ඇන්තනී මහතා සඳහන් කළේය. ශ්‍රීලංකාවේ කාර්මික කඩදාසි වාර්ෂික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ විසිදහසක් බව කී ඔහු ඇඹිලිපිටිය කම්හලෙන් මෙටි්‍රක් ටොන් අනූදහසක් නිපදවිය හැකි බව ද කීවේ ය. ඉදිරියේදී ලංකාවේ අවශ්‍යතාව සපුරාලීමට කම්හලේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම ඉලක්කය බවද සඳහන් කළේ ය.

එසේම මෙතෙක් ලංකාවේ අබළි කඩදාසි විදෙස් රටවල වලට අපනයනය කෙරුණ අතර මේවනවිට එම අපනයන කළ අබළි කඩදාසි ඇඹිලිපිටිය කම්හල මගින් මිලදි ගෙන අගය වැඩිකරමින් කඩදාසි නිෂ්පාදනය කර විදේශ විනිමය උපදවන බවද කීවේ ය.



අදහස් (11)

ඇඹිලිපිටියේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට

Piyathissa Thursday, 30 May 2024 11:30 AM

අපේ සුබ පැතුම් සහ අනේ මේක රනිල් ගොයියාට නම් පෙන්නන්න එපා... මොනවා හරි කරලා මේක පිටරටකට විකුණයි...

:       2       1

Kule Thursday, 30 May 2024 11:50 AM

ඇඹිලිපිටියේ කඩදාසි කම්හල මෙවනි තත්වයට ගැනීමට මුල් උන විමල් වීරවංශ මැතිඳුටයි මේ උපහාරය

:       2       1

රංබොඉ Thursday, 30 May 2024 12:06 PM

හිතට සතුටු හිතෙන ප්‍රවෘතියක් . පේනව නේද රෙද්ද ගැලෙව්වා වගේ විවෘත ආර්ථික ය ගෙනත් ⁣ හිටපුු නායකයින් රටට කරලා තියෙන විනය.

:       3       1

පාඨකයෙක් Thursday, 30 May 2024 12:28 PM

ඉතාමත් ප්‍රීතිදායක පුවතකි. ඇඹිලිපිටිය කඩදාසි කම්හල අකර්මණ්‍යවීමට බලපෑ මූලික සිද්ධිය වූයේ 87-89 භීෂණ සමයේදී එම කම්හලට ගිනි තැබීම හේතුවෙනි. එමගින් මෙරට සුවහසක් සිසුන්ට අනර්ඝ කඩදාසිවලින් නිෂ්පාදිත, පහසු මිලකට මිලදී ගත හැකිව තිබුණු අභ්‍යාස පොත් භාවිතා කිරීමේ අවස්ථාව නැති විය. පිටකොටුවේ ව්‍යාපාරිකයන්ට විදේශවලින් අභ්‍යාස පොත් ආනයනය කිරීමට ඉන් මඟ පෑදුණි. එම කඩදාසි කෙතරම් තුනී ද යත්, එක් පැත්තක ලියූ සටහන් අනෙක් පැත්තේ පෙනෙනසුලු විය; වැරුද්දක් මැකීම සිදුරකට අතවැනීමක් ම විය. විෙද්ශ අැණවුම් සපුරාලන අතර ම වර්තමාන අධි මිල අභ්‍යාස පොත් ගැටලුවට සහනයක් ලබා දීමට කරුණාකර ප්‍රමුඛතාවය ෙදන්න. එමඟින් ෙමරට දිළිඳු දරුවන්ෙග් පාසල් ගමන අකාලයේ නතරවීමේ ඛේදවාඡකය අවම කිරීමේ සද්කාර්යයට අනුරත් අබේරත්න මහතා ඇතුලු කාර්යය මණ්ඩලයට දායක විය හැක.

:       1       5

Chandana Thursday, 30 May 2024 12:47 PM

අවන්කවම අපි සතුටුයි ,ඔබේ ව්‍යාපාරය ලක්මව සමගින් දිනේවා

:       0       3

Nimal 1 Thursday, 30 May 2024 12:56 PM

නිෂ්පාදන කටයුතු ආරම්භ කලාට කමක් නැහැ .නැවතත් බ්ලැක් ලිකර් හෙවත් කළු දියරය වලවේ ගඟට මුදා හැරලා පරිසර හානි සිදු කරනවා හෙම නොවෙයි .අපට අතීතය අමතක නැහැ

:       0       3

sam Thursday, 30 May 2024 01:24 PM

හරි හරි ලාභ ලබන්නන්ගේ වහාම කොමිසමක් ගහගෙන පිටරටකට විකුණමු. ඒකනේ ලොකුම ප්‍රතිපත්තිය.

:       9       29

Karl Thursday, 30 May 2024 01:37 PM

හොඳ උත්සහයක්.

:       0       41

සෙනෙවිරත්න Thursday, 30 May 2024 02:14 PM

දැන් ඇමැතිගේ ගොලයන්ට ජොබ් දෙමු, ණයට දෙමු වැඩේ කෙළවමු

:       14       15

සරත් විජේකෝන්Friday, 31 May 2024 06:07 AM

පුද්ගලික අංශයට අයත් වුනාම ඇඇමතියෝ කියන කියන ආකාරයට ජොබ් දෙන්නෙ නැහැ දැන් ඔය ආයතනයේ කටයුතු කරන්නෙ පුද්ගලික ආයෝජකයෙක්.ඕනම ආයතනයක් පුද්ගලික වුනාම නිෂ්පාදනය වැඩියෙන් කරනවා ලාභ උපයනවා ජෙප්පන්ට වර්ජන කරවන්න බැහැ .

:       1       3

chandima Friday, 31 May 2024 01:47 AM

දැන් බය නැතුව තීරු බදු රහිත වාහන 240 ගෙන්නන්න පුළුවනි නේද.අපනයන ආදායම වැඩි වෙලානේ ?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1735 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 14 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1090 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1640 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1147 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 613 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site