IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඇල්පිටිය ප්‍රා.සභාපති දිවුරුම් දෙයි

(චන්ද්‍රසිරි ගුණසේකර.)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස (පො.ජ.පෙ.)ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින් ප්‍රියදර්ශන මහතා අද ( 01 )වන දින පෙරවරුවේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය ඉදිරියේ දිවුරුම්දී වැඩභාරගනු ලැබීය.

ලංකාවේ දැනට ක්‍රියාත්මකවන එකම ප්‍රාදේශීය සභාව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණි.

පොදුජන පෙරමුණට බලය හිමි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රි සංඛ්‍යාව 29 කි.ඉන් 17 ක් පොදුජන පෙරමුණේ අයවන අතර 07 ක් එක්සත් ජාතික පකෂයේ අය වෙති. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 03 ක් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු 02 කි

ගතවූ ඉකුත් මාස දෙකකට ආසන්න කාලයක් වැඩබලන සභාපතිවරයා විසින් සභාවේ කටයුතු කරගෙන ගියත් ප්‍රාදේශීය සභා පනත අනුව සභාවේ කිසිම කටයුත්තක් සඳහා මුදල් අනුමත කිරීමේ බලයක් වැඩබලන සභාපතිවරයාට හිමි නොවීම නිසා සභාව පවත්වාගෙන යාමට ගැටළු රැසක් මතුවී තිබුණි.
ඒ නිසා සභාව යථා පරිදි පවත්වාගෙන යාම සඳහා නලීන් ප්‍රියදර්ශන මහතා නව සභාපතිවරයා ලෙස පත්කරන්නැයි පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත   දැනුම්දී තිබුණි. ඒ අනුව නලීන් ප්‍රියදර්ශන මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කරමින්  ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.එම ගැසට් නිවේදනය අනුව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඉදිරියේ දිවුරුම් දී නව සභාපතිවරයා ලෙස නලීන් ප්‍රියදර්ශන මහතා වැඩභාරගනු ලැබීය.



අදහස් (1)

ඇල්පිටිය ප්‍රා.සභාපති දිවුරුම් දෙයි

Perera Friday, 02 February 2024 02:59 AM

කෙහෙල්මල් ප්‍රාදේශීය සභා වලින් සිදුවෙන එකම වැඩේ ඕකේ ඉන්න එවුන් උන්ගේ සාක්කු පුරවාගන්න එක මිසක් පලාතට කිසිම පලකට ඇති වැඩක් කෙරෙන් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 140 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 299 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1113 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 215 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 339 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 976 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site