IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඇල්ල පුංචි ශ්‍රී පාද කන්දේ ගින්න දින තුනක් :අක්කර 50ක් විනාශයි

(ප්‍රසාද් රුක්මල් ) 

ඇල්ල පුංචි ශ්‍රී පාද කන්දේ හටගත් ගින්න දින තුනක්  පුරා  අද (15) වනවිටත්  පැතිර  යමින් තිබෙන බවත් , ගින්නෙන් අක්කර පනහක පමණ කොටසක් විනාශ වී ඇතැයි ද   ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා පවසයි .

පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමඟ  (13) දින පස්වරුවේ    කිසිවෙකු විසින් මෙසේ ඇල්ල පුංචි ශ්‍රී පාද කදුවැටියට හොර රහසේ ගිනිතබා ඇති අතර , මේ වනවිටත් ගින්න පවතින සුළං සමඟ තව දුරටත් පැතිර යමින් පවතින බවත් හෙතෙම කීය .

බදුල්ල එළදලුව යුදහමුදා කදවුරේ නිලධාරීන් , ඇල්ල පොලිසිය , වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් , ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , ආපදා කළමනාකරණ ඒකකය, හිබිලියගොල්ල , ගල්ලෙනකුබුර ගම්වාසීන්  එක්වී පුංචි ශ්‍රී පාද කන්දේ පැතිර යමින් තිබූ ගින්න නිවා දැමීමට කටයුතු සිදු කලද අද (15) දහවල් වනවිටත් ගින්න ක්‍රමත් ක්‍රමයෙන්  පැවති  බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් වරයා පවසයි .

අධික කදු බෑවුම් සහිත මෙම පුංචි ශ්‍රී පාද කන්දේ  එම ස්ථාන වලට ලගා වීමට ඇති අපහසුතාව නිසාවෙන් ගින්න නිවාදැමීමට අපහසු වී  තිබේ.

මේ අතර කුඹල්වෙල මහමෙව්නා අසපුව රක්ෂිතයේ සහ කිතල් ඇල්ල ප්‍රදේශයේ ඇති වූ ගිනිගැනිම් මේවනවිටත් නිවා දමා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 



අදහස් (0)

ඇල්ල පුංචි ශ්‍රී පාද කන්දේ ගින්න දින තුනක් :අක්කර 50ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5041 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 2 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 711 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුභපතයි
2024 සැප්තැම්බර් මස 22 1341 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3004 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 208 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15966 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 77 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site