(සමන් පාලිත නානායක්කාර)
පවතින ධාරානිපාත වර්ෂාව සමඟ ඇල්ල වැල්ලවාය මාර්ගයට අද (23) ස්ථාන කිහිපයකින් ම දැවැන්ත ගස් කඩා වැටීම නිසා එම මාර්ගය සවස 7 පමණ සිට ගමනාගමනය මුළුමනින්ම ඇණහිට ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දෙපස රථවාහන පෝලිම් දක්නට ලැබෙන බැවින් සහ නායයාමේ අවධානමක් ද පවතින බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඇල්ල පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
විකල්ප මාර්ගය ලෙස බෙරගල වැල්ලවාය මාර්ගය නම් කර ඇති බව පොලිසිය කියයි.
මේ වෙනවිට මාර්ගය පිළිසකර කිරීම සඳහා වැල්ලවාය දෙසින් සහ ඇල්ල දෙසින් දියතලාව යුධ හමුදා බට පිරිසක් සහ සහන කණ්ඩායම් පැමිණ කඩිනමින් මාර්ග පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද පොලිසිය කියයි.
මේ අතර දියතලාව කිරින්ද මාර්ගයට ද විශාල ගසක් කඩා වැටීමෙන් එම මාර්ගය ද අවහිර වී ඇති බව පොලිසිය කියයි.
ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.
වේදනාකාරී ආර්ථික අර්බුදයකට පසුව බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරත්වය කරා ගමන් කර ඇතත් තවමත් මෙරට ආර්ථිකයට ඇති අවදානම පහ
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය ප
රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් ඉකුත් සිකුරාදා සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අත හැර දමා ගොස් තිබියදී සොයා ගත් බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනව
ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇල්ල වැල්ලවාය මාර්ගය අවහිර වෙයි