(යොහාන් භාසුර)
උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා දුම්රිය ගමනට ඇති ඉහළ ඉල්ලුම් පිළිබඳව අවදානය යොමුකර පෙරවාරි මස සිට නව දුම්රිය දෙකක් ආරම්භ කිරීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (27) පැවසීය.
ඒ අනුව මහනුවර සිට දෙමෝදර දක්වා සති අන්ත දුම්රියක් ලබන පෙබරවාරි මස 1 වැනිදා ආරම්භ කරන බව කී ඒ මහතා නානුඔය සිට ඇල්ල දක්වා දෛනික දුම්රියක් පෙබරවාරි මස 10 වැනිදා ආරම්භ කරන බව ද කීය.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කොළඹ දුම්රිය මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
ඇල්ල දක්වා දුම්රිය ප්‍රවේශපත් සම්බන්ධයෙන් වාර්තා වී ඇති අයථා කටයුතු පිළිබඳව පොලිසිය කටයුතු කරමින් සිටින බව කී ජයසුන්දර මහතා ප්‍රවේශපත් වෙන්කිරීමේ මාර්ගත ක්‍රමයේ පහසුකම් වැඩි කිරීමට ද කටයුතු කරමින් සිටින බව ද සදඟන් කළේය.
කොළඹ සිට ඇල්ල දක්වා සැපයුම වැඩි කිරීමේ පියවරක් ලෙස පෙරවාරි මස 1 වැනිදා සිට මහනුවර සිට දෙමෝදර දක්වා වන සති අන්ත දුම්රියේ ආසන 300 ත් 350 ත් අතර සංඛ්‍යාවක් ඇති අතර එහි ප්‍රවේශපතක් රුපියල් 7,000 ක් මුදලට වෙන්කරවා ගතහැකි බවත් පෙබරවාරි මස 10 වැනිදා නානුඔය සිට ඇල්ල දක්වා ධාවනය කරන දෛනික දුම්රියේ ආසන 350 ක් ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා කීය.
එම දෛනික දුම්රිය නානුඔයෙන් පෙරවරු 8.10 ට ආරම්භ වී බදුල්ලට ගොස් නැවත පස්වරු 1.00 ට බදුල්ලෙන් පිටත්ව පස්වරු 5.00 ට නානුඔයට නැවත ළගාවන බවත් එම දුම්රිය දවල් කාලයේ ධාවනය කරන නිසා වඩා ජනආකර්ශනයක් ඇති ඇල්ල සහ නානුඕය කොටසේ තදබදය අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජයසුන්දර මහතා පැවසීය.
යාපනය සමඟ දුම්රිය සම්බන්ධතාව නැවතත් ඉහළ නැංවීමේ අරමුණින් ජනාවාරි 31 වැනිදා සිට යාපනය දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය ආරම්භ කරන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇල්ලට නව දුම්රිය දෙකක්