(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ උනලක්ලීට් සිට නෝම් නගරය බලා පියාසර කළ සැහැල්ලු ගුවන් යානයක් අතුරුදන් වී ඇති බවත් එය අනතුරට පත් වන්නට ඇතැයි විශ්වාස කරන බවත් ඇලස්කාවේ මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව පෙරේදා(06) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම ගුවන් යානය අතුරුදන් වන මොහොතේ මගීන් 9 දෙනකු එහි සිට ඇති බවත් එක් ගුවන් නියමුවකු යානය පියාසර කර ඇති බවත් ඇලස්කාවේ මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව පැවැසුවේය. ගුවන් යානය අවසන්වරට රේඩාර් තිරයේ දිස්වූ ස්ථානයේ මුදා ගැනීමේ කණ්ඩායම් ගුවන් යානය සෙවීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
අතුරුදන් වූ ගුවන් යානය ප්‍රාන්ත අතර ක්‍රියාත්මක වන බෙයාරින්ග් එයාර් ගුවන් සේවයට අයත් එකක් බවද ඇලස්කාවේ මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. ගුවන් යානය උනලක්ලීට් නගරයෙන් එරට වේලාවෙන් පස්වරු 2.38 ට පියාසර කිරීම ආරම්භ කර ඇති බවත් අතුරුදන් වන අවස්ථාවේ ජලය සහිත ප්‍රදේශය පියාසර කරමින් සිට ඇති බවත් එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.
වී ඇළෙවි මණ්ඩලය වී මිලදීගැනීම ආරම්භ කර දින දෙකක් ගතවී තිබුණද ගොවින් එම මණ්ඩලයට වී අළෙවි කර නොමැති බව වී ඇළෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද මහතා අද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්
රුසියන් හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකික තරුණයන්ගෙන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (
කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ගමන්වාර හයක තුන්වන පන්තියේ වෙන්කළ ආසන අත්හිටුවීමට ගත් තීරණය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර
මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් කර , අධිකරණය මග හැර , ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇලස්කා ගුවන් යානයක් අතුරුදන්