(රසාද් රුක්මල්)
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑසන 6.00 වනතෙක් වසා දමන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
අද (14) අලුයම කන්දක් එක්වරම වර්ෂාවත් නොමැතිව මෙසේ නායයාම ට පටන් ගෙන ඇති බවත් , විශාල ගස්කොළන් ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කඩා වැටී මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව තිබු බවත් ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා සදහන් කලේය .
මෙම ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින් පරික්ෂාවට ලක්කිරිමෙන් අනතුරුව මෙම ස්ථානය තව දුරටත් නායයාම සක්‍රිය වෙමින් පවතින බවට දැනුම් දී ඇත.
නායයාම සක්‍රිය වෙමින් පවතින මෙම ස්ථානයේ ගස්කොළන් රැසක් පස්කඳු ගල්පර්වත සමග ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ දැඩි අවධානමක් තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය .
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අ
ශ්රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්විය.
ආහාර ආශ්‍රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මන්නාරම සුළං බලාගාරයේ ඉඩම් සම්බන්ධයෙන් නඩුවක් පවතින හෙයින් එහි කටයුතු අදානි සමාගමට මෙන්ම ලංකා රජයටද දැන්ම ආරම්භ කළ නොහැකි බව විදුලි බල හා බලශක්තිය අ
ඉතාලියෙන් ගෙන්වන ලද බවට සැක කරන ගිනි අවි 4 ක්, රිවෝල්වර ගිනි අවි දෙකක්, පිස්තෝලයක්, උන්ඩ 50 ක්, කඩු හතරක් සහ කිනිසි තුනක් සමග සැකකරුවෙක් අක්මීමන ප්‍රදේශයේද
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි