IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය මෙරටට

(ටී.කේ.ජී.කපිල)

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් අද සවස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ සහ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය මෙම එන්නත් තොගය පරිත්‍යාග කර තිබේ .

මෙම එන්නත් තොගය, ජපානයේ නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් අද (31) සවස 04.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

මෙම එන්නත් තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ යුනිසෙෆ් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

 



අදහස් (5)

ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය මෙරටට

gamunu Saturday, 31 July 2021 08:44 PM

ලංකාවට ලබාදෙන එන්නත් තොගය භාර ගැනීමත් මාධ්‍ය සංදර්ශනයක්. කොවිඩ් කාර්ය සාදක බලකායේ වෛද්‍යවරු ප්‍රකාශ කලයුතු අදහස් දේශපාලකයන් ගුවන්තොටුපලේදී ප්‍රකාශ කිරීමෙන්ම පෙනී යනුයේ එන්නත් කාරණයක් කොතරම් දේශපාලනීකරණයට නතුවී ඇතිද යන ප්‍රශ්නය ජනතාවට පෙනෙන්නට තිබේ. එක රජයේ පිළිගත් නිලධාරියකු පැමිණ බාරගැනීම කලයුතු උවත් මෙවැනි බාර ගැනිමකදී මෙතරම් දේශපාලකයන් ,නිලධාරීන් ප්‍රමාණයක් ගුවන්තොටුපලට පැමිණ කරන්නවූ මාධ්‍ය සංදර්ශන සදහා වැයවන මුදල ගෙවන්නේද අපිමය. අනවශ්‍ය මුදල් නාස්තිය පිලිබදව හොදම උදාහරණයක්

:       0       0

gamunu Saturday, 31 July 2021 09:34 PM

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලංකාවට ලබාදීමේදී ජපාන රජය නියෝජනය කරමින් ජපානයේ ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේ එක් නිලධාරියෙකි. එම එන්නත් තොගය ලංකාවට පැමිණි පසු එම එන්නත් බාරගැනීම සදහා ගුවන් තොටුපළ වෙත දේශපාලකයන් සහ නිලධරීන් කොපමණ පැමිණ සිටියේද ?

:       0       0

Raveendra Sunday, 01 August 2021 06:36 AM

පළමු ඡායාරූපය දුටුවිට එකවිට මතක් වුනේ ජෙප්පන්ගේ ගෝලයින් වන අන්තරේ ඉන්න අන්දරේලා ටික නව මාදිලියෙන් අඳින ලද පෝස්ටර් එල්ලාගෙන මහපාරේ රස්තියාදු වෙන දසුනක්...

:       0       0

Vithana Sunday, 01 August 2021 09:03 AM

විදේශ ඇමති රෙදි ඇඳගෙනද මේ ඉන්නේ? මෙයාලා ජපානෙට යන්නේ නැතුව චීනෙට ගියා ජපනත් එක්ක තියෙන සියලුම සම්බන්ධකම් නවත්තලා. ගිහින් කර ගත්තු දේ ප්‍රතිඵල තමයි අද මේ සිද්ද වෙන කෝවිඩ් මරණ...

:       0       0

Anura Sunday, 01 August 2021 11:58 AM

ඔය රතු සාරිය ඇඳලා ඉන්න එක්කෙනා නිසා තමයි අපි කොරෝනා වලින් බේරිලා ඉන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 86 0

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 60 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2037 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 546 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 890 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 256 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 569 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site