(තිළිණි ද සිල්වා )
ඉන්දීය රජයේ "වැක්සින් මෛත්‍රී" වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රාජ්‍යයන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් සැපයීම ලබන ජුලි මාසයට පෙර යළි ආරම්භ කිරීමට නොහැකිවනු ඇති බව ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් මහතා පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශයෙ සහ නේපාලය ඇතුළු රටවල් සඳහා "වැක්සින් මෛත්‍රී" වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත් සැපයීම තවත් මාස කිහිපයකින් ප්‍රමාද වන බවද ඉන්දීය විදේශ ලේකම්වරයා කියා සිටී.
එම කටයුතු යළි ආරම්භ කරන දිනයක් මේ දක්වාත් ප්‍රකාශයට පත් කළ නොහැකි බව ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කර තිබේ.
ඉන්දියාවේ පවතින තත්ත්වයත් සමඟ එන්නත් අවශ්‍යතාව ඉහළ යාම මීට හේතු වී ඇති බව ඉන්දියාවේ "හින්දු" පුවත්පත වාර්තා කළේය.
දෙවන කොවිඩ් රැල්ලේ ව්‍යාප්තියත් සමඟ දේශීය එන්නත් අවශ්‍යතාව ඉහළ යාම හේතුවෙන් ප්‍රදානයන් හා මිලදී ගැනීම් ලෙස රටවල් විසින් ඉල්ලුම් කළ කොවිඩ් මර්දන එන්නත් තොග ද අපනයනය කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව පියවර ගනු ලැබීය.
මේ අතර මෙරට සෞඛ්‍ය හා ආරක්ෂක අංශයන්හි ඉදිරිපෙළ සාමාජිකයින් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු තවමත් සිදුකෙරේ.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාද වන ලකුණු
සිරිබිරිස් Saturday, 01 May 2021 06:02 PM
"වැක්සීන් මෛත්‍රී" වෙනුවට "වැක්සින් නන්දසේන" වගේ නමක් දැම්මා නම් ගෙන්න ගන්න තිබ්බා ඉක්මණට...
Sri Lanka Saturday, 01 May 2021 08:09 PM
අවුරුදු 2 කට ඔය ගාණ හොඳටම මදි... වැස්සටත් ඔයිට වඩා මැරෙනවා. අනතුරු වලින් මැරෙන අයත් කොරෝනා ගොඩට දාලා කියන්න... නැතිනම් අපිටත් සම්බාධක දමාවි.. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...