(ළහිරු හර්ෂණ)
ජපානයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා තොගයක් අද(31) ශ්‍රී ලංකාවට පිටත්කර යැවූ බව ජපානයේ ශ්‍රී ලංකාව තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා වෙත එවා ඇති අතර මාත්‍රා ගුවන් ගත් කරන් අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති ආර්. ගුණසේකර මහතා ද එක්ව සිටිටියේය.
මෙම එන්නත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන සිටින් පිරිස් සඳහා දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතයි.
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇස්ට්‍රාසෙනිකා ජපානයෙන් ගුවන් ගත කරයි
Akila Saturday, 31 July 2021 09:16 AM
කල් ඉකුත් වෙලා නැහැ නේද?
jayasekaraSaturday, 31 July 2021 11:23 AM
ඉකුත් වෙලා... ඇයි අවුල්ද? සරු දේ සරු වශයෙන් නොදකින අධම ජාතියක්..
AkilaSaturday, 31 July 2021 03:52 PM
ඔයා වගේ ළිං ගෙම්බෝ නෙමෙයි හැමෝම, ඇස්ට්‍රාසෙනිකා එන්නතක ආයුකාලය මාස 6යි... බ්‍රිතාන්‍යයේ මෙලෙස අප්‍රිකාවට යවන එන්නත් තොගයක් යවලා දින කිහිපයකින් කල් ඉකුත් වෙන්න තිබෙන නිසා මේ දවස්වල ලොකු කතාවක් යනවා... ඒ ගැන...
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 31 July 2021 09:42 AM
ඇස්ට්‍රාසෙනිකා, ෆයිසර්, ස්පුට්නික් ආදිය පමණක් ගෙන, චීන එන්නත් නොගෙන කටයුතු කෙරුණේ නම්, වැඩි ප්‍රගතියක් උදාකර ගන්නට තිබුණා. චීනා සමග ඇති අමනාප කම් නිසා, ලෝකයේ ඇතැම් රටවලට ඇතුළු වීමට චීන එන්නත් විදපු අයට ඇතුළු වීමට ඉඩ නොදෙනවා යැයි මත පවතිනවා. ඒ වගේම, හැදියාවක් නැති, බල්ලන් පූසන්, නයි, ගැරඬින් ඇතුළු දේ කන චීනාව ලෝකය පිළිකුල් කරනවා. එය එසේ වුවත්, සයිනොෆාම් එන්නත විදගත් චීන ජාතිකයන් හොඳින් ඉන්නවා. රජයෙන් දෙන ඕනෑම එකක් විදගන්න තමයි අපට වෙලා තියෙන්නේ... හොඳ හෝ නරක හොඳහැටි ප්‍රදර්ශනය වෙන්නේ කාලයක් ගියාට පස්සෙයි. එදාට විදපු අය බලයේ නැතුවත් ඇති සමහරවිට...
බද්රානි Saturday, 31 July 2021 01:29 PM
ලෝකය පිළිගත් ගුණාත්මක බැවින් වැඩි එන්නත් ඒ රටවලින් පිනට දෙනකොට, ලෝකයේම පිළිගැනීමක් නැති ගුණාත්මක බවින් අඩු එන්නත් මුදලට ගැනීමට නේ අපි නිවැරදි තේරීම කියලා කියන්නේ. ඔය පිනට ලංකාවට එවන එන්නත් වලින් කොමිෂන් එක නොලැබීම නම් ටිකක් හරි මදියි වගේ දැනෙනවා ඇති අපේ පාලකයින්ට. ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා දීමට ඇතිවූ ප්‍රමාදය නිසා එම එන්නතෙන් ලබාදෙන නිසි ප්‍රතිශක්තිය ලැබෙනවා දැයි ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. නමුත් මිශ්‍ර ගැලපීම මත කරන එන්නත්කරණයට වඩා පළමු එන්නත ලබා ගැනීම වඩා යෝග්‍යයි.
Nandalal DE SILVA - France Saturday, 31 July 2021 01:42 PM
එන්නත් මාත්‍රා ලක්ෂ ගණනක් පිටුපසින් තිබෙන නිසාද මේ දෙදෙනා අත්වැසුම් හෝ මුඛ ආවරණ නොපැළඳ මේ කටයුත්තට සහභාගී වුනේ ?අපට ඒ ගැන කතා කරන්න ඕනත් නැහැනේ .මෙය සිදු වුනේ ජපානයේ නිසා !
JerrySaturday, 31 July 2021 05:56 PM
ඇත්ත තමයි..