(අංජුල මහික වීරරත්න)
ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකිවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය කීවාය.
කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහන IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙහි ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන ව්‍යාපෘතියකි.
ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරනු ලබන කිතුල් පැණි, කිතුල් හකුරු හා කිතුල් රා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ඩුබායි, ස්විට්සර්ලන්තය හා ඔමානය ඇතුළු රටවල් හතරකට අපනයනය කරයි.
දැනට පවුල් 600කට අවශ්‍ය තාක්ෂණය, මුල්‍ය ආධාර හා නිෂ්පාදන අලෙවි කිරීමට හැකි වෙළෙඳපොළ හඳුන්වා දීම මගින් ඉතාමත් සාර්ථකව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් කිතුල් නිෂ්පාදන අපනයනය කිරීම මගින් මාසිකව එක් කිතුල් ගොවියෙක් රුපියල් එක් ලක්ෂ පනස්දහසක ආදායමක් උපයන බව ද ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය සඳහන් කළාය.
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇහැලියගොඩ කිතුල් රා රටවල් හතරකට යයි
ශිරන්ති Friday, 12 May 2023 11:29 AM
මේ ව්‍යාපෘති තියෙන්නෙ කොහේද කියන්න පුළුවන් නම් හොදයි
ශිරන්තිFriday, 12 May 2023 01:35 PM
ඇහැලියගොඩ කියන්නෙ ගමක් නොවෙයි මැතිවරණය කොට්ඨාශයක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් තියෙනවා ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිළධාරි වසම් හතලිස් ගණනක් තියෙනවා ඉතින් මෙහෙම ව්‍යාපෘතියක් තියෙන්නෙ කොහේද කියලා අපි දන්නෙ නැහැ ඒක ඇහුවම ඩිස්ලයික් දාන්නෙ මොකටද
pani kithul Friday, 12 May 2023 02:02 PM
බොහෝමයක් වෙළඳසල් පිටුපස සීනිගෝනි තිබිලා... අපේ අතටම අතටම අහුවුණා කිතුල් හකුරු හදන්න කිතුල් ගස් අවශ්‍ය නොවේ..
api dubai Friday, 12 May 2023 02:03 PM
කිතුල් රා මෙහෙ විකුණන්න බැහැ.. අහුවුණොත් බෙල්ල ගහලා යනවා.
පැරකුම් Friday, 12 May 2023 02:09 PM
මම දන්න තරමින් ඇහැලියගොඩ කියන්නේ රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයේ තියන එක් ප්‍රධාන නගරයක්... එහෙ ගියාම ලෙහෙසියෙන් සොයාගන්න පුළුවනි. අංජුල මහික මේ ශිරන්ති නෝනාට ඕනකරන වැඩි විස්තර කිව්වොත් නරකද? එයාට මේ ප්‍රවෘත්තිය ගැන සැකයක් ඇති පාටයි.
ශිරන්තිFriday, 12 May 2023 04:44 PM
පැරකුම් රත්නපුර -කොළඹ මාර්ගයේ පමණක් නොවෙයි පානදුර -රත්නපුර මාර්ගයේ ඇවිල්ලා හෝ එහෙම නැත්නම් මීපේ හංදියෙන් දකුණට හැරී ඉංගිරිය රත්නපුර පාරේ ඉඩංගොඩට ඇවිත් මාර්ග අංක 600 ඉඩංගොඩ හිදුරංගල හරහා හෝ පානදුර ඉංගිරිය ඉඩංගොඩ කුරුගම්මෝදර එල්ලාවල හරහාත් ඇහැලියගොඩ එන්නත් පුළුවන්...
පැරකුම්Friday, 12 May 2023 08:15 PM
මම ගූග්ල් මැප් එක බැලුවා. ඇහැලියගොඩට වැටෙන පාරවල් තව ගොඩක් තියනව. මට හිතෙන්නෙ ඔබ යමක් දැනගෙන යට ගහන බවයි. මම හිතනවා අදාල වාර්තාකරු අංජුල මහික ඔබව දැනුවත් කරාවි.
de silva Friday, 12 May 2023 04:03 PM
අපිට බොන්න කිතුල් රා ටිකක් නැහැ.. හොඳ බඩු තිබෙනවා නම් ලංකාවේ ඉල්ලුමක් තිබෙනවා. රා ටික අපට බොන්න දීලා පොල් අරක්කු පිටරට පටවන්න.
Bunny Preena Friday, 12 May 2023 04:08 PM
සුමිහිරි පානේ පදමට ගහලා... හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා...
Prabash Friday, 12 May 2023 04:10 PM
හොඳ දෙයක් ගැන කියනකොට නම් ගම් හංගනවා.