IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇළේ සිරවූ පාසල් සිසුවා මරුට

(පුෂ්පකුමාර ජයරත්න)

ජලය පිරුණු  බෝක්කුවකට ඇද වැටී පැයකට ආසන්න කාලය සිරවී සිටි  13 හැවිරිදි පාසල් ශිෂ්‍යයා මරණයට පත්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ නවය වසරෙහි අධ්‍යාපනය ලබමින් සිටි කුරුණෑගල ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි සචිත්‍ර සේනාරත්න නමැති ශිෂ්‍යයෙකි. ඔහු තමන් පදිංචි නිවස ආසන්නයේදීම මෙම අනතුරට ලක්වී ඇත.

පාසල නිම වීමෙන් අනතුරුව නිවසට යාම සඳහා පාසලේ සිට ජයන්තිපුර ප්‍රදේශයට පිවිසෙන අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණපා ඇති බව පොලීසිය කියයි.

කුරුණෑගල බණ්ඩාරනායක විදුහලේ සිට සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථයකට ඉඩ දීම සඳහා මාර්ගය අයිනට වීමේදී ලිස්සා ගොස් ඔහු ඇල මාර්ගයට ඇද වැටී ඇති බව කියයි. ජල මාර්ගයේ ගසාගෙන ගොස් ඔහු බෝක්කුව තුළ සිරවී ඇත.

 



අදහස් (14)

ඇළේ සිරවූ පාසල් සිසුවා මරුට

ranjith Monday, 05 September 2022 06:06 PM

වාහන පදවන පුද්ගලයන් පාරේ ගමන් කරන අය ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි. වේගයෙන් වතුර වළවල් හරහා ධාවනය කර පාරේ ගමන් කරන අයව අපහසුතාවට පත් කරන අවස්ථා බොහොයි. මේ රැයදුරුට මොළයක් තිබුණනම් මේ දරුවට අනාරක්ෂිතව පාරෙන් ඉවත් වෙන්න සිදුවෙන්නේ නෑ,

:       3       60

siri Monday, 05 September 2022 07:13 PM

පාසල් වාහන රියැදුරු සැලකිලිමත් වුණා නම් දරුවට මෙවන් විපතක් වෙයිද? මහ වැස්සෙ කුඩ ඉහළන් යන මිනිස්සු ගැන නොහිතා වාහන ධාවනය කරන මිනිස්සු ඉන්නව මේ ගැන සොයා බලන්න. අහිංසක මල් කැකුළක් නේද මේ නැති වුනේ.

:       3       56

ගමේ එකාලා Monday, 05 September 2022 10:09 PM

සමහර පාසැල් රත රියැදුරන් ඉවක් බවක් නැතුව ඔහේ යන හැටි ඕනතරම් දකිනවා. ඒ වගේ අය නිසා අසරණ ළමයි අනතුරට පත්වෙනවා. හරිම කණගාටුදායකයි .

:       0       16

Mr Don Monday, 05 September 2022 11:55 PM

මෙවන් විපතක් කවරෙකුටවත් නොවේවා..! පුත, නුඹට නිවන් සුව ලැබේවා..!

:       0       2

Demuni Uduwara Tuesday, 06 September 2022 04:41 AM

මහා ඛේදවාචකයක්...! නිවන් සුව ලැබේවා පුතේ..!!!

:       0       1

Hemantha kumara Tuesday, 06 September 2022 05:18 AM

අචින්ති තම්පි භවති- චින්ති තම්පි විනස්සති.සිතුදේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි.ඕක තමයි ලෝකේ හැටි.සාතිශය සංවේගය.

:       1       13

Sandun Tuesday, 06 September 2022 08:04 AM

බෝක්කු, වලවල් වගේ අනාරක්ෂිත දැන් වටේ ආරක්ෂිත වැටවල් ඉදි කරන්න ඕනේ. එහෙම වුනානම් ඒ ලමයා ඔතන නැති වෙන එක නවත්ත ගන්න තිබුණා.එහෙත් මරණය කොයි වෙලාවේ කාට කොහොම එයිද කියන එක අපි දන්නෑ. ඒ ළමයාගේ අකුසල කර්මය මේ භවයෙන් නිමා වේවායි ප්‍රාර්ථනා කරමි.

:       1       18

රකිත Tuesday, 06 September 2022 08:27 AM

පාර දෙපැත්තේ කුණු පිරිලා. කාණු වල කුණු පිරිලා. මදුරු විමාන. අවුරුදු 74 ක් වෙලත් කසල කලමනාකරණයට විධිමත් වැඩපිළිවෙලක් තාම නැහැ ආයතනයි සේවකයෝයි බර ගාණක් ඉදලා පඩි ගන්නවා. පිටරට කසල කලමනාකරණය හොද හින්දා තමයි ඒ මිනිස්සු නිරෝගීව ලස්සනට ඉන්නේ. නාගරික ප්‍රදේශ වලත් කාණු පද්ධතිය හරියට නැහැ. ඒවා කසල වලින් අවහිර වෙලා. මිනිස්සු වැරදියි හැබැයි රජය කසල කලමනාකරණය හරියට කරනවානම් මිනිස්සු පාරේ කුණු දාන්නේ නැහැ නීතිය හරියට කරලා. පාරේ වලවල් සහ පාර හදන නිසි තාක්ෂණයක් නොමැති සහ දුෂණය නිසා ඉදිරියට තවත් මරණ වැඩි වෙයි.

:       0       18

MarisipalaTuesday, 06 September 2022 09:57 AM

ඔය ස්ථානය රූපවාහිනී මගින් දැක්කා මාර්ගය කාපට් කරලා තිබුනට බෝක්කුව ගැන අවධානය යොමුකර නැහැ වර්තමානයේ පවතින බලවත් දුර්වලතාවක් තමා පාර කාපට් කලාට කාණු සහ බෝක්කු ගැන අවධානය නොකිරීම මේවාට සැලසුම් සකසන අය වගේම මුදල් වෙන්කරන අයත් විශේෂයෙන් කාර්මික නිළධාරින් වගකිවයුතුය මොකද ඒ අතර මේවාට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වෙන්නෙ රජය නොව පළාත් පාලන ආයතන කියලයි කියන්න වෙන්නෙ ඒවාට මෙහෙම පොඩි වැඩක් වත් කරන්න බැරිනම් එම ආයතන වැඩක් නැහැ දෙවනුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වගකිවයුතුය ප්‍රදේශයේ අඩුපාඩු රජයට පෙන්වාදීම කල යුත්තේ එම ආයතන විසිනි

:       0       3

චන්දිම ෆොන්සේකාTuesday, 06 September 2022 11:55 AM

ඔබ දන්නවාද? ඔය කසල කළමනාකරණය කියා එක ගැන හදාරලා එන්න කියලා දේසපාලුවෝ නිලධාරියෝ කොච්චර පිරිසක් රට සවාරි ගිහින් තියෙනවාද කියාලා. හොයලා බැලුවොත් පෙනේවි මුන් කරලා තියෙන මහා වංචාව කොයි තරම්ද කියාලා.

:       0       6

randil Tuesday, 06 September 2022 08:37 AM

පාරේ යන වාහන ගැන කතාකරනවට වඩා එතන තිබෙන අනාරක්ෂිත වල වහල තිබ්බනම් ඔය විපත වෙනවද,ඔය වගෙ මරන කලිනුත් උනා,හොරා කන එවුන් මෙවගෙ පුංචි දෙයක්වත් කරන්නෙ නෑ,මිනිස්සු ඒව වැරදි විදියට දකින්නෙත් නැහැ.

:       0       24

චන්දිම ෆොන්සේකා Tuesday, 06 September 2022 11:57 AM

මෙතන වෙලා තියෙන්නේ අනවසර ඉදිකිරීමක් නිසාලු ඔය මාරක බෝක්කුව හැදුනේ.

:       0       3

prdaeep Tuesday, 06 September 2022 01:14 PM

මෙවැනි අනාරක්ෂිත තැන්වලට කිසිවක් නොකර සිටි අදාල නිලධාරීන්ට, ආයතනවලට වහාම නීති ක්‍රියත්මක කළ යුතුයි.

:       0       4

swene Thursday, 08 September 2022 06:30 AM

මාර්ග සෑදීමේ මුළු ක්‍රියාවලියම අවුල්. මොනවා හරි කරලා කාපට් කරලා ඉරි ගහන එක තුලින් මතුපිට ලස්සන කරලා මුදල් ගැරීමේ ව්‍යාපාරයක් විතරයි කරන්නේ. දුප්පත් පදිකයින් සහ පාපැදි කරුවන්ගේ ආරක්ෂාව සහ පහසුව ගැන කිසිම තැකීමක් නැහැ. වාහන පැදවීමට පහසුව පමණයි බලන්නේ. සියලුම වතුර පාර දෙපැත්තේ. වාහන පාර අයිනටම එනවා දුප්පතා පාරේ වතුරෙන් නෑ වෙනවා. කාපට් කරලා අඩියක පමණ අයිනේ ගැට්ටක් තියෙනවා. ඔතනට කකුල තැබුවොත් ලිස්සා වැටෙනවා. වාහනයක් ආවොත් පදිකයා යට වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 764 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site