IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගනිස්තානය පෙරළි කාර ජයක්

(යොහාන් භාසුර, පූනේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සිට...)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 30 වැනි තරගය ලෙස පූනේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30) පැවැති තරගයේදී ඇෆ්ගනිස්තාන් ක්‍රීඩකයෝ කඩුලු 7 කින් ශ්‍රී ලංකාව පරාජය කරමින් තවත් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ.

ඇෆ්ගනිස්තාන් පිල ලකුණු 242 ක ඉලක්කය ඕවර 45.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

ඇෆ්ගනිස්තානය මෙම ජයග්‍රහණයත් සමග තරග හයකින් තරග තුනක් ජය ලබා ප්‍රසාද ලකුණු 6 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය.

ශ්‍රී ලංකාව සහභාගි වූ තරග හයෙන් තරග 4 ක් පරාජයට පත්ව සිටින අතර මෙම පරාජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානය දක්වා පහතට වැටුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ලෝක කුසලාන තරගාවලියකදී ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වූ පළමු අවස්ථාව ද මෙය වේ.

ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා දෙකේදීම 2015 සහ 2019 ලෝක කුසලාන තරගාවලිවලදී ඇෆ්ගනිස්ථානය පරාජය කළේය.

ශ්‍රී ලංකා පිල ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 241 (පැතුම් නිස්සංක 46, කුසල් මෙන්ඩිස් 39, සදීර සමරවික්‍රම 36, චරිත් අසලංක 22, ඇන්ජලෝ මැතිව්ස් 23, මහීෂ් තීක්ෂණ 29, මුජූබ් උර් රහමන් 38/2, ෆෂාල්හක් ෆාරුක් 34/4) ඇෆ්ගනිස්තානය ඕවර 45.2 කදී කඩුලු 7 ට 242 (ඊබ්‍රහිම් ශද්‍රාන් 39, රහමට් ෂා 62, හෂ්මතුල්ලා ශහිදි නොදැවී 58 අෂ්මටුල්ලා ඔමර්ෂායි නොදැවී 73, ඩිල්ෂාන් මධුසංඛ 48/2)

Reply Forward



අදහස් (7)

ඇෆ්ගනිස්තානය පෙරළි කාර ජයක්

Nimal Tuesday, 31 October 2023 07:00 AM

ඇති විශිෂ්ටයි ,ළඟදීම මාලදිවයිනටත් පරාදයි

:       0       0

Rasi Tuesday, 31 October 2023 08:37 AM

ශ්‍රීලාංකික මිනිසුන්ට තේරෙන්නේ නැහැ, මෙහෙම පැලැස්තර දාල මේක ගොඩගන්න බැහැ කියල. ශ්‍රී ලංකා ක්‍රිකට් එකට නම් කොහොමත් තේරෙන්නේ නැහැ. උන් හැදෙන්නෙත් නැහැ. මේක facebook post දැම්ම කියල හැදෙන්නෙත් නැහැ. දසුන් ශානක ඉන්දියාවේ තියන් හිටිය කියල හැදෙන්නෙත් නැහැ, විදෙන් විදේ තුවාල වෙලා හිටපු එවුන් ඉන්දියාවට යැව්වා කියල හැදෙන්නෙත් නැහැ. දීර්ඝ කාලින වැඩ පිළිවෙලක් ඕන. පහුගිය අවුරුධු ගණනාවක් තිස්සේ දැන් ඉන්න පාලක මණ්ඩලයේ අය සහ තේරීම් කමිටුව කල කිසිදෙයක් හරි ගිහින් නැහැ. ඔවුන් මෙය අතහැර යා යුතුයි. නව කණ්ඩායමකට මෙය භාර දිය යුතුයි. අඩුම වශයෙන් 2027 ලෝක කුසලානය ඉලක්ක කරමින් වැඩපිළිවෙලකට යාම සදහා. නැතිනම් මේ යන විදියට, අපට 2027 සෙල්ලම් කරන්නවත් නොලැබෙන්න පුළුවන්.

:       0       0

A Pohottu Supporter Tuesday, 31 October 2023 08:44 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශයට SLC සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ක්‍රීඩා ඇමති; ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැනි දූෂිත ක්‍රීඩා පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව නීති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව ලබා ගන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසුරුවා හැර සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ විධායක කමිටුව සඳහා නිලවරණය පැවැත්වීම. එය කළ හැකි නම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබටත් ඔබේ දේශපාලන පක්ෂයටත් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙනු ඇත.

:       0       0

Che Tuesday, 31 October 2023 09:48 AM

අර්ජුන,අරවින්ද,සනත්,මුරලි,වාස් යන group එකට cricket ආයතනය භාර නොදුන්නොත් cricket ගොඩගැනීම බොරුවක්.

:       0       0

MATCH REFREE. Tuesday, 31 October 2023 10:21 AM

සටනක් කරන විලාශයට, ක්‍රීඩාශීලීව පෙරවදනක් සටහන් කළ ආසියාවේ නැගී ගෙන එන සුපහන් තරුපෙළට මගේ ගෞරවනීය ශීර්ෂ ප්‍රණාමය!!!

:       0       0

sam Tuesday, 31 October 2023 11:20 AM

මේක පෙරළිකාර ජයක් වෙන්නේ ලංකාව දිනුවා නම් තමයි. මුදලට ඔට්ටු අල්ලන ආයතන වල betting odds තිබුණේ ඇෆ්ඝනිස්ථානය දිනන බවටයි...

:       0       0

Galkotuwe Gedara Suneth Hemantha Kumara Tuesday, 31 October 2023 11:43 AM

මෙහි කිසිම පෙරලියක් නෑ. ඔව්න් ඉතා සැලසුම් ගතව ඉතා හොදින් සෙල්ලම් කලා. අපි දිනුවානම් තමා පෙරලියක් වෙන්නේ. මොකද ලංකාවේ ක්‍රිකට් කිසිම සැලසුමකින් තොරව වැඩ කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 175 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 67 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 360 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1764 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 248 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 3329 2

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39689 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25806 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 371 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1224 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 409 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site