IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා

(යොහාන් භාසුර)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් කොළඹ ගාලුමුවදොර පිටියේ මේ වන විට ගාල්කර තිබේ.

කොළඹ පදනම් ආයතනය සහ ලක්සළ අසළ ද තවත් වාහන මේ ආකාරයට ගාල්කර තිබේ.  

ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා අද එම වාහන පරීක්‍ෂා කිරීමෙන් පසුව පැවසුවේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඒවා පාවිච්චි කළ නිලධාරීන් ගාලු මුවදොර පිටියේ ඇතුළු ස්ථාන කීපයක මෙසේ නවත්වා ගොස් ඇති බවයි.

මෙම වාහන තොගය සමඟ මෙරට මහජන දේපළ පාවිච්චි කර ඇති ආකරය ප්‍රදර්ශනය වන බවත් අනුර දිසානායක ජනාධිපති නොවුණේ නම් තවමත් එම වාහන පාරේ ධාවනය වන බවත් සමරසිංහ මහතා කීය.

මහජනතාවගේ තෙල් සහ සල්ලිවලින් එම වාහන ධාවනය වූ බව කී වසන්ත සමරසිංහ මහතා ජනාධිපති කාර්යාලයට අයත් වාහන 833 ක තොරතුරු ලේඛණවල ඇති බව ද සඳහන් කළේය.

එම වාහන 833 න් 2022 වසර වන විට 29 ක් අතුරුදහන්ව තිබූ බවත් හිටපු ජනාධිපතිවරු වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්‍ෂ සහ චන්ද්‍රිකා කුමාරතුංග යන අය වාහන ගිල දැමුවේ දැයි ගැටලුවත් මතු වන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (8)

ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා

ඇන්ඩ්රු සෙබඩවිල Wednesday, 25 September 2024 05:22 PM

රාජ්‍ය නිලධාරින් දැන් තමන්ගේ රාජකාරියට එන්න ඕනෑ පොදු ප්‍රවාහනයේ. නියමයි ජනාධිපති සහෝදරයා. මේ වසන්ත සමරේට නම් වැඩිය දඟලන්න දෙන්න එපා. මිනිහා කප්පමා කියලා පෙසපේ කට්ටිය එළිදරව් කළානේ.

:       2       13

Chandana Fernando Wednesday, 25 September 2024 05:32 PM

මටත් එකක් දෙන්නකෝ..!

:       0       5

fairoos Wednesday, 25 September 2024 05:36 PM

කියකිය ඉන්නේ නැතිව වහාම හොයලා බලලා එක්කෙනෙක් ඇතුළට දැම්මා නම් හොඳයි නේද?

:       0       11

anura pathiraja Wednesday, 25 September 2024 05:42 PM

2022 කට පෙර හිටපු ජනාධිපතිවරු, ජනාධිපතිවරු නම් රනිල් වික්‍රමසිංහ එයත් නොවේ...

:       0       9

ජනපති අනුර පත්කිරීමට දායකවූ පුරවැසියෙක් Wednesday, 25 September 2024 05:45 PM

මෙම රථවාහන අයථා ලෙස පරිහරණය කොට තිබේ නම් කඩිනමින් නීතිමය පියවරගෙන ඔවුන්ට ලැබෙන දඬුවම් සම්බන්ධයෙන් ජනතාව දැඩි විමසිල්ලෙන් බලා සිටියි...

:       0       8

Dharmatileke Wednesday, 25 September 2024 05:49 PM

ගෙදර පාපැදියක්වත් නැති සමහර අය මේ වාහනය පාවිච්චි කළා.

:       0       4

Kasun Chameera Haputhanthiri Wednesday, 25 September 2024 05:54 PM

සේල් කරනවා නම් කියන්න. අපරාදෙ, නැතිනම් මුහුදේ ගිල්වලා දානවනේ.

:       1       7

Bandara Wednesday, 25 September 2024 06:22 PM

ඔක්කෝම හරි. ඔහොම පාරෙ නවත්තලා බැහැලා යන්නේ නම් නෑ. ඒවා බාරදෙන ක්‍රමවේදයක් කියන්න. පාලන අංශය හෝ මානව සම්පත් කළමනාකරණ අංශය මගින්. අනික ඕවා රජය සතු දේපළ...!

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 327 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 219 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1490 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 383 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 823 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 529 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site