(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
තරුණියන් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස සිටි පුද්ගලයන් බව පොලිසිය කියයි.
කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බල ප්‍රදේශයේ දිනෙන් දින හතු පිපෙන්නාක් මෙන් බිහිවන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහතා ට ලද තොරතුරකට අනුව වැටලීම කළ බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා පැවසීය.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් සැරයන් 1445 බටුවත්ත,පොලිස් කොස්තාපල්වරුන් වන 77090 බාලසූරිය 31867 රාජගුරු ,92896 අකිල යන නිලධාරීන් තරුනියන් මිලදී ගන්නා පුද්ගලයන් සේ වෙස් වලාගෙන තරුණියන් විකුණන මධ්‍යස්ථාන හතරක් වෙත ගොස් ඉතා සූක්ෂම අයුරින් ලබා දුන් රහසිගත සංඥාවක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.
එම ස්ථාන හතර වටලා අත්අඩංගුවට ගත් තරුණියන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මුදල් උපයා උපයා ගැනීමේ අරමුණින් අකමැත්තෙන් වුණත් මෙම රැකියාව තෝරා ගත් බව හඬා වැටෙමින් පැවසීයැයි වැටලීම සිදුකල පොලිස් නිලධාරියකු පැවැසීය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉගෙන ගන්න සල්ලි හොයන්න පැරැණි රැකියාවට බැහැලා
ravin Wednesday, 08 February 2023 06:44 PM
ඉගෙන ගන්න සල්ලි හොයන්න පැරැණි රැකියාවට බැහැලා !!! නූගතුන් පාලනය කරන රටක උගතුන්ට යන කලදසාව නොවේද මෙය?
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 February 2023 07:02 PM
රටේ දරුවන්ට ඉගෙන ගැනීමට මේවැනි දේවල් කරන්න වෙලා. රට කෑ අය සුවසේ නිදැල්ලේ... එවුන් අල්ලා ගැනීමට හා හොරා කෑ දේ යළි ලබාගැනීමට කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ...
දිමුත්Thursday, 09 February 2023 10:51 AM
රට කාපු අයටෙයි දරුවන්ට මේ ප්‍රශ්න නැහැ
පිටිගල මිලානෝ Wednesday, 08 February 2023 07:07 PM
ආණ්ඩු ඇපකරයකින් පොලී රහිත ණයක් දෙන්න. මුදල් අතට නොදී අධ්‍යාපන ආයතනයටම ගෙවන්න. රැකියාවක් කරනවිට අනිවාර්ය කොටස් ලෙස පඩියෙන් කපාගන්න.
Muthu Wednesday, 08 February 2023 07:42 PM
කැම්පස් දරුවෝ හා වෙනත් උසස් අධ්‍යාපන හදාරන දරුවෝ හිටන් ඇඟ විකුනන්න පටන් අරගෙන ඉගෙන ගන්න සල්ලි නැතුව. ඩොලර් රේට් තව හිර කරගෙන හිඟා කාපල්ලා. ඩොලර් එක නිදහස් කරා නම් ණය නැතුව ඩොලර් එනවා. අද වෙනකොට උද්ධමණය සමතුලිත වෙලා. නන්දලාල් තමයි ලංකාවේ හිටපු මෝඩම බැංකු අධිපති.
Sunil Wednesday, 08 February 2023 08:00 PM
නැති බැරි කමට මෙවන් රැකියාවන් වල යෙදෙන දුප්පත් ලමයි අල්ලන මෙවෙනි පොලිස් නිලදාරින් වීරයන් සේ සලකා ඔවුන්ගෙ නම් නොදමන්න.
සත්‍යපාල Wednesday, 08 February 2023 08:51 PM
රජයේ ලියාපදිංචි සමහරක් උන්ගේ අධ්‍යාපන ආයතන තියෙනවා පාඨමාලා සදහා මුදල් ගන්නවා සමහර වෙලාවට කුමක් හෝ දෙයක් කියලා පාඨමාලා කාලය අවසන් කියනවා ඒත් ගෙවූ දහස් ගණන් මුදල් ආපසු දෙන්නෙ නැහැ පස්සෙ වෙනත් පාඨමාලා කරන්න කියනවා එහෙම ආයතන තියෙද්දි මෙවැනි දැරියන් ඒවාට ගොදුරු වෙනවා ඇති උසස් අධ්‍යාපනය භාර වගකිවයුතු අයගේ අවධානය යොමුකර සිසුන් ගෙවූ මුදල් ආපසු ගෙවීමට දන්වන්න .නැත්නම් එම ආයතන සදහා දුන්නු අවසරය අවලංගු කරන්න එවැනි ආයතන නිසා මෙහෙම වෙන්නෙ පුළුවන් අන්තිමට මුදලත් නැහැ ජීවිතයත් අනාතවෙනවා.
සත්‍ය ගවේෂී.Thursday, 09 February 2023 10:48 AM
ටියුෂන් ගුරුවරයා රටේ අධ්‍යාපනය සඳහා සුවිශේෂී මෙහෙයක් සිදු කරනවා.එයට ස්තූතියි.ඒත්,ඔවුන් අයකරන අධික ගාස්තු මේ රටේ ජනතාවට දරන්නට බැහැ.වැඩිපුර සිසුන් සිටිනා පන්තිවල හෝ තොග මිල මෙන් ගාස්තු අඩු කළ යුතුයි.අධ්‍යාපනය කළු කඩයක් වීමට ඉඩ නොදිය යුතුයි.අධ්‍යාපන අමාත්‍යාංශය හා නිසි බලධාරීන් තද නින්දේ ... කිසිදු සෙවීමක් බැලීමක් නැහැ.පුටු රත්කොට වැටුප පමණක් ලබාගෙන බැහැ.සේවය හා යුතුකම ඉෂ්ඨ කරන්න.
Kamal Wednesday, 08 February 2023 09:01 PM
දැන් පොලිසියෙන් සල්ලි දෙයි එයාලට ඉගෙනගන්න.
ranjith Wednesday, 08 February 2023 09:08 PM
රාජාසන මේනියාවෙන් පිස්සු කෙලිනවා අද රටේ දරුවන්ට වෙලා තියන දෙයක්
ලුම්බිණි Wednesday, 08 February 2023 09:09 PM
ඉතාම කනගාටුදායකයි.
PODDA Wednesday, 08 February 2023 09:18 PM
ඔව විස්වාස කරන්ට අමාරුයි. කිතුල් ගහේ නැග්ග එකටත් උත්තරයක් තිබ්බනෙ. ඇග විකුනල ජීවිතේ විනාස කරගෙන ලබන උසස් අද්යාපනය මොකක්ද? මීට වැඩිය හොඳයි බෝගහ ළග සිරා එක්ක කැට හෙලෙවුවනම්.
Nath Wednesday, 08 February 2023 09:33 PM
ඇයි පොලීසිය මේ ක්රමයම අනුගමනය නොකරන්නෙ මත්ද්‍රව්‍ය වෙළදුන් සම්බන්දව
podiekaa Thursday, 09 February 2023 11:46 AM
ඒවා කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න උන්නේ ..ඒ නිසා පරීක්ෂණ අත්හිටවා ඇත
pakeer Wednesday, 08 February 2023 10:40 PM
මේක නෝමල් .යුරෝපේ හුඟාක් තැන වල මේ ක්‍රමය කරනවා .හැබැයි බලන්න ඇත්තටම මේ අය ඉගෙන ගන්නද මේක කරේ කියලා.මොකද මේක පොලිසියෙන් බේරෙන්න හොඳ කතාවක් .කොහොමත් පෞද්ගලික උපාධියක් ගන්න බහ ලක්ෂ 10 ක් වත් නැතුව අද කාලේ.කොහොමත් ඒ වගේ එකක් කරන්න බැහැ .සාමාන්‍ය ලාංකිකයෙකුට
Lalla Thursday, 09 February 2023 09:04 AM
දෙමාපියන් අහඹු ක්‍රියාවල නිරත වීම නිසා ලැබුණ ඵල විතරද? ඒ අයට රැකබලාගැනීමේ වගකීම නැතිද. ඒක මහජන බදුවල වගකීමක්ද?
gaaminee Thursday, 09 February 2023 12:37 PM
රනිල්ගේ තාක්ෂණයෙන් පිරුණු රට...
sharm warn Thursday, 09 February 2023 01:20 PM
මේ දරුවන්ගේ ජීවිත මෙතනට වැටෙන්න සියලු වැඩිහිටි... ඡන්ද දායකයෝ දායක වෙලා තියෙනවා. නිවැරැදි පාලකයන් තෝරාගන්න වහල් වැඩිහිටි සාමාජිකයින් මීට වඩා වෙනස් තත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? දැන්වත් නිවැරැදි මිනිස්සු පාලනයට පත්කරන්න මොලේ පාවිච්චි කරන්න.