IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉඟුරු මෙට්‍රික්ටොන් 3000ක් රටින් ගෙනෙයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරි මාස 03ක කාලසීමාවෙි  අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3000ක් රජයේ වානිජ නීති ගත සංස්ථාව  මඟින් අදියරගතව ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉඟුරු නිෂ්පාදනය සඳහා පහසුකම් සලසමින්, දේශීය වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මට්ටමකට ඉඟුරු වල සිල්ලර මිල අඩු කිරීමේ හැකියාව එක්ව සොයා බලා, ඒ සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ සහිත වාර්‌තාවක් ඉදිරිපත් කරන ලෙස කෘෂිකම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ට සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්ට 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් ලබා දී ඇත. ඒ අනුව, ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිදේශ මත පදනම්ව මෙම පියවර ගෙන තිබේ.

කෘෂිකර්ම  සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍ය සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (4)

ඉඟුරු මෙට්‍රික්ටොන් 3000ක් රටින් ගෙනෙයි

sunil Tuesday, 13 August 2024 03:51 PM

රටේ ඉඟුරු කෑල්ලක්, බිත්තරයක් ,හාල් ඇටයක් හදාගන්න බැරි තරමටම රට පහතට ගිහිල්ලා .මුන්ට ඕන ඔක්කොම පිටරටින් ගෙන් මෙන්න මේක තමයි මුන් මෙච්චර කල් හදපු රට . අපේ රටේ බත් කන සමහරක් තවමත් ඒගොල්ලොන්ට හුරේ දාගෙන යනවා. අපි ගැන හිතලා නෙවෙයි අනාගතේ දරුවෝ ගැන හිතලා හරි වෙනසක් හිතපල්ලා. අපි වෙනස් වෙන්නැතුව අපිට ඉදිරි ගමනක් නෑ අපි මැරිලයයි .අඩුගානේ රටක් හරි අනාගතේ ඉන්න මිනිස්සුන්ට හරි හොඳ කලක් හදන්න නිවැරදි තීරණ ගනිල්ලා.

:       0       1

pradeep Tuesday, 13 August 2024 03:55 PM

මොන ලැජ්ජාවක්ද! මෙහෙම රටක් තමයි දේශපාලකයින් නිර්මාණය කළේ.

:       0       0

ජනරළ Tuesday, 13 August 2024 05:19 PM

ඉඟුරු වගේ මේ රටේ කිසි කරදරයක් නැතුව හොඳට වගා කරන්න පුළුවන් දේවලුත් රටින් ගේන්න වෙලා තියෙනවා නම් මේ කෘෂිකර්ම ඇමැතිගෙන් නම් සත පහක වැඩක් නැහැ. මෙලෝ හසරක් දන්නා මනුස්සයෙක් නෙවෙයි..

:       0       1

නිමල් Wednesday, 14 August 2024 09:56 AM

මෙහෙම ආනයනය කරන්න නම් අප රටට ඉතා පැරණි යැයි කියන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් තව දුරටත් අවශ්‍ය ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 31 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 739 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 146 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3486 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1192 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2256 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30693 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23713 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site