(ජේ.ඉඳුරුවගේ)
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් බදුගත් 401 දෙනෙකුගෙන් රුපියල් 1,180, 434,743 ක හිග බදු මුදලක් රජයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.
මෙම බදුකරුවන්ගෙන් 116 දෙනෙකුට පමණක් ගිවිසුම් මත ඉඩම් බදුදී ඇති අතර 2023 දෙසැම්බර් 31 දිනට හිඟව පවතින මෙම මුදලින් රුපියල් 904,486,633 ක හිග බදු ප්‍රමාණයක් අයවිය යුතු බදු කරුවන් 285 දෙනෙකුට ඉඩම් ලබාදී ඇත්තේ නීත්‍යනුකූල බදු ගිවිසුමකට එළඹීමකින් තොරව බවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අදාළව 2023 වර්ෂය වෙනුවෙන්වු මෙම විගණන වාර්තාවේ සඳහන් වේ.
සමාලෝචිත වර්ෂය තුළ හිග බදු මුදලින් අයකරගත් වටිනාකම සියයට 13 ක් බවද නීත්‍යනුකූල බදු ගිවිසුම් නොමැතිව බදු දී ඇති ඉඩම් වෙනුවෙන් හිග බදු මුදල් අයකර ගැනීම සඳහා නඩු මාර්ගයකට යාමට නොහැකි වී ඇති බවද විගණන කාර්යාලය සඳහන් කරයි.
බදු දී ඇති ඉඩම් වෙනුවෙන් නීත්‍යනුකූලව ගිවිසුම්වලට එළඹීමට කටයුතු කළ යුතු බවට විගණන කාර්යාලය කොමිෂන් සභාවට නිර්දේශ ලබාදී තිබේ.
මේ හිග බදු අයකර ගැනීමට නීතිමය පියවර ගත යුතු බදුකරුවන් ගණන 246 ක් බවත් ඉතිරි පිරිසෙන් වාරික හා වාර්ෂික පදනමින් බදු අයකර ගත හැකි බවත් ඒ අනුව ඉදිරි පියවර ගනිමින් පවතින බවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විගණනය වෙත දන්වා ඇත.
ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.
ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ තරුණයකු ඊයේ ( 29) බරපතල තුවාල ලබා ගාල
ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය
දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉඩම් බදුගත් 401 කගෙන් ඉඩම් කොමිසමට කෝටි 118 ක බදු පොල්ලක්
Lasith Friday, 10 January 2025 10:31 AM
ඔය අහුවෙන්නෙ හොරු