(සුජිත් හේවාජුලිගේ සහ රංජිත් රාජපක්ෂ)
ආයෝජන ව්‍යාපෘතියක් සඳහා වෙන් කෙරුණු නුවරඑළිය අඹේවෙල ප්‍රදේශයේ අක්කරයක පමණ වටිනා ඉඩමක් තමන්ට ලබා දෙන ලෙස පවසා හිටපු ආණ්ඩුකාරවරියකගේ සැමියා තමාට දුරකතනයෙන් මරණීය තර්ජන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතා නුවරඑළිය මූලස්ථාන පොලිසියට සහ නුවර එළිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ඊයේ(30)පැමිණිලි කළේය.
ආයෝජන ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරුණු ඉඩම තමාට ලබා දෙන්නැයි හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා තමාගෙන් ඉල්ලීමක් කළ බවත් ආයෝජන ව්‍යාපෘතියකට වෙන්කර ඇති හෙයින් ඉහල අනුමැතියක් නොමැතිව එම ඉඩම ලබා දිය නොහැකි බවට පැවසූ අවස්ථාවේදී ඔහු " ඉඩම මට නොදුන්නොත් විසිඑක්වෙනිදායින් පස්සේ මම ඔයා ගැන බලාගන්නවා. කුඩු වෙන්න දෙන්නේ" යනුවෙන් ප්‍රකාශ කළ බවත් ප්‍රාදේශීය ලේකම්වරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඊයේ ප්‍රකාශයක් සටහන් කර ගත් බව නුවරඑළිය මූලස්ථාන පොලිසිය පවසයි.
ආණ්ඩුකාරවරියගේ සැමියාට බදු පදනම මත හිමිව තිබූ ඉඩමක් වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීමෙන් පසුව ඊට යාබදව ඇති මෙම අක්කරයක ඉඩම ලබා ගැනීමට විවිධ උත්සාහ දරා ඇතැයි කියති. ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලිඛිතවද ඉල්ලීමක් කර තිබූ බව දැනගන්නට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අප නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ හිටපු ආණ්ඩුකාරවරියකගේ සැමියා තමාට දුරකතනයෙන් තර්ජනය කරමින් ආයෝජන ව්‍යාපෘතියකට වෙන් කෙරුණු අක්කරයක ඉඩමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි.
මෙම ඉඩම ආයෝජන ව්‍යාපෘතියක් සඳහා දැනටමත් වෙන් කර අවසන් බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කළ හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බල කරමින් සඳුදා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ප්‍රදේශයේ ගාම නිලධාරීන් තීරණය කර ඇත.
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉඩමක් ඉල්ලා හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා ප්‍රා.ලේට මරණ තර්ජන කරලා
Susa Saturday, 31 August 2024 04:01 PM
මේ කියන්නේ මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර තුමියක්ද? යහපාලන ආණ්ඩුවේ පත්වීමක් නේද? එහෙම නැත්නම් කවුද?
චමින්ද Sunday, 01 September 2024 07:47 AM
ඔබේ අදහස නිවැරැදි වෙන්න පුළුවන්... ඒත් 21 දිනෙන් පසුව බලාපොරොත්තු තියාගෙන හිටියට පොහොට්ටුවට ජනාධිපති තනතුර ලැබෙන්නේ නැහැ... මේ කතාව නිසා වත්මන් ජනාධිපතිට වුණත් ජනතා මනාපය බොහෝ සේ අඩුවෙනවා. මේ වනවිට නිකවැරටිය සිද්දිය සත්‍ය නම් හා මිහින්තලේ හාමුදුරුවන්ගේ වුණත් සහාය සජිත්ට ලැබෙන්නේ නැහැ. මෙවැනි දූෂිත දේශපාලුවන් සදහටම තොලොංචි කර දමන්න ඕනෑ...
shantha Sunday, 01 September 2024 01:19 AM
යකෝ, ගෑනිගේ පවර්ස් අරගෙනනේ දඟලලා තියෙන්නේ. මේ වගේ මොලේ ඉදිමුණු කට්ටියට 21 වෙනිදායින් පස්සේ බරපතල අපල කාලයක් උදාවෙනවා....