(අංජුල මහික වීරරත්න)
ඉඩම් කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉඩම්) ලෙස සේවයේ නියුතු, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන, ඩී. ඩී. කේ. වික්‍රම ආරච්චි මහතා, ඔහුගේ නිත්‍ය තනතුරට අමතරව 2024-12-12 දින සිට ඉඩම් කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරනු ලැබ ඇත.
එම දෙපාර්තමේන්තුවේ සේවා අවශ්‍යතාව මත, ප්‍රාදේශීය පරිපාලනයේ අත් දැකීම් බහුල නිලධාරියෙකු ස්ථිරව පත් කර ගැනීමට අවශ්‍ය වී තිබේ. ඒ අනුව, දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම් (පාලන) ලෙස සේවයේ නියුතු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, ආර්. ඒ. වන්දන සමන් රණවීර ආරච්චි මහතා, ඉඩම් කොමසාරිස් ජනරාල් ලෙස පත් කිරීමට සුදුසු බව හඳුනා ගනු ලැබ ඇත. ඔහු ඉඩම් කොමසාරිස් ජනරාල් ලෙස පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා බැන තර්ජනය කළැයි සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින යාපනය දිස්ත
රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගී කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ක් අද (21) ඉක්මවූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව ඊ 8 නැමැති වීසා ක්‍රමයක් ඔස්සේ පුද
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩේර ෆ්‍රැන්චේ මහතා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා
සී.සී.ටී.වී කැමරා මගින් රථවාහන වැරැදි නිරීක්ෂණය කර රථවාහන නඩු ලබා ගැනීම කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට සදහා උපකාරීවන නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලිසිය
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ඉඩම් කොමසාරිස් ජනරාල් පත් කරයි