(ජේ.ඉඳුරුවගේ)
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් බදුගත් 401 දෙනෙකුගෙන් රුපියල් 1,180, 434,743 ක හිග බදු මුදලක් රජයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.
මෙම බදුකරුවන්ගෙන් 116 දෙනෙකුට පමණක් ගිවිසුම් මත ඉඩම් බදුදී ඇති අතර 2023 දෙසැම්බර් 31 දිනට හිඟව පවතින මෙම මුදලින් රුපියල් 904,486,633 ක හිග බදු ප්‍රමාණයක් අයවිය යුතු බදු කරුවන් 285 දෙනෙකුට ඉඩම් ලබාදී ඇත්තේ නීත්‍යනුකූල බදු ගිවිසුමකට එළඹීමකින් තොරව බවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අදාළව 2023 වර්ෂය වෙනුවෙන්වු මෙම විගණන වාර්තාවේ සඳහන් වේ.
සමාලෝචිත වර්ෂය තුළ හිග බදු මුදලින් අයකරගත් වටිනාකම සියයට 13 ක් බවද නීත්‍යනුකූල බදු ගිවිසුම් නොමැතිව බදු දී ඇති ඉඩම් වෙනුවෙන් හිග බදු මුදල් අයකර ගැනීම සඳහා නඩු මාර්ගයකට යාමට නොහැකි වී ඇති බවද විගණන කාර්යාලය සඳහන් කරයි.
බදු දී ඇති ඉඩම් වෙනුවෙන් නීත්‍යනුකූලව ගිවිසුම්වලට එළඹීමට කටයුතු කළ යුතු බවට විගණන කාර්යාලය කොමිෂන් සභාවට නිර්දේශ ලබාදී තිබේ.
මේ හිග බදු අයකර ගැනීමට නීතිමය පියවර ගත යුතු බදුකරුවන් ගණන 246 ක් බවත් ඉතිරි පිරිසෙන් වාරික හා වාර්ෂික පදනමින් බදු අයකර ගත හැකි බවත් ඒ අනුව ඉදිරි පියවර ගනිමින් පවතින බවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විගණනය වෙත දන්වා ඇත.
පුද්ගලයකුට පහර දීම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
එක්සත් ජාතික පක්ෂය නැවත රටේ ජයග්‍රාහී පක්ෂය බවට පත්කරන බව එජාප නව මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ධුර
සිසිල් බීම බෝතලයක දමා තිබූ භූමිතෙල් පානය කිරීම හේතුවෙන් යාපනය කෝපායි වයස අවුරුද්දක දරුවෙක් මියගොස් ඇති බව යාපනය කෝපායි පොලිසිය පවසයි.
සිය පාද උපයෝගි කර ගනිමින් කඩු 12 ක් මත රදවන ලද දෙහි ගෙඩි 99 ක් විනාඩියක් තුළ දී කපා ලෝක වාර්තාවක පිහිටුවීමට මාතලේ - පල්ලේපොල ප්‍රදේශයේ තරුණයෙකු සමත්විණි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හිමිවරුන් දස නමකට පනවා ඇති පන්ති තහනම ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයකට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා එම විශ්ව ව
පවතින අධික වර්ෂාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම පිරිමැසුම් මට්ටමට ආසන්නව ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු තුනක් 0.1 මීටර් බැඟින් අද (10) පෙරවරු
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ඉඩම් බදුගත් 401 කගෙන් ඉඩම් කොමිසමට කෝටි 118 ක බදු පොල්ලක්
Lasith Friday, 10 January 2025 10:31 AM
ඔය අහුවෙන්නෙ හොරු