(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වර්තමානයේ රටේ ඉතිරි වී තිබෙන විදේශ සංචිත ටිකෙන් තෙල් නැවක් වත් මිලදී ගන්නට හැකියාවක් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
මේ වන විට තිබෙන ඩොලර් සංචිත ප්‍රමාණය මිලියන 50 ක් බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළ බව කී හර්ෂ ද සිල්වා මහතා මේ අනුව රට බංකොලොත් භාවයෙනුත් පහළට ඇද වැටී තිබෙන බවද සඳහන් කළේය.
ආහාර උද්ධමනය සියයට 40ක් දක්වා ඉහල ගොස් ඇති බවට ආණ්ඩුවේ නිල වාර්තාවල දැක්වෙන බව කී හර්ෂ ද සිල්වා මහතා දැන් 1990 සුව සුවසැරිය දුවන්නත් සල්ලි නැතැයි ද ඊට මුදල් ටිකක් දෙන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.
තවදුරටත් දත්ත හැංඟීම අප අපටම වංචා කර ගැනීමක් වන හෙයින් එසේ නොකරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද හර්ෂ ද සිල්වා මහතා කීය.
මෙි වන විට ඩොලරය සියයට සියයකින් අවප්‍රමාණය වී ඇති අතර මෙවැනි දේ වෙන්නේ මොන ලෝකෙදැයි ප්‍රශ්න කළ හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුව ගත් මේ ඔලමොට්ටල තීරණ වලට වග කියන්නේ කවුදැයි විමසීය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ඉතිරි වී තිබෙන සංචිත සොච්චමෙන් තෙල් නැවක් වත් ගන්න බෑ‘
Nodakin Wednesday, 04 May 2022 03:26 PM
තවමත් මේ රජයයි, මහින්ද මහත්තයයි අපිට ඕනෑ කියන්නේ කවුද?
Dasa P Wednesday, 04 May 2022 06:29 PM
බයවෙන්න එපා. පිටරට ඉතුරුවෙලා ඉන්න අමු බයියන් ටික තවත් ඩොලර් සතියක් දාලා 300 ගානේ එකතු කරලා එවයි. එතකොට රටම ගොඩ.
කිරි පුතා Wednesday, 04 May 2022 06:57 PM
කියව කියවා ඉන්නේ නැතිව මුදල් ඇමතිකම අරගෙන කරලා පෙන්නුවා නම් වඩා හොඳයි..
Hafeel Thursday, 05 May 2022 08:52 AM
අවංකව කියනවා නම් ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමාට රට ගොඩ දාන්න හැකියාව, සුදුසුකම්, දැනුම තියනව. ඇතුමා දුෂිතයක් නොවේ. ඒ වගේම අනුර දිසානායක ඇතුළු ජ වි පෙ මන්ත්‍රීවරු සහ බුද්ධික පතිරණ, ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා, ෂානාකියන් වගේ හොඳ පිරිසුදු මන්ත්‍රීලා සමග මේ රට ගොඩ දාන්න පුළුවන්. නමුත් මේ ජනාධිපතිගේ නායකත්වය යටතේ තවදුරටත් ඉදිරියට යන්න බැහැ. මොකද්ද ජනාධිපති තමයි ආණ්ඩුවේ සහ කැබිනට් එකේ ප්‍රධානියා. ඔහුට පුළුවන් ඕන වෙලාවේ ඇමතිකම නැවත පවරාගන්න. ඔහු තමයි ආයතන වෙන් කරන්නෙත්, ලේකම්වරු පත් කරන්නෙත්. ඒ නිසා වර්තමාන අර්බුදයෙන් මිදින්න නම්, ජනාධිපති අස්වියයුතුයි.
රටවැසියා Wednesday, 04 May 2022 08:15 PM
ඩොලර් ලංකාවට එන්නේ විදේශික සංචාරකයින්ගෙනි..! දැනට ලංකාවේ උද්ඝෝෂණ තත්වය නිසා සංචාරකයින් ලංකාවට ඒමට අදිමදි කරනවා! මෙවර පෙරහැරට පාරේ අලි විතරක්ම යනවා දකීද දන්නේ නැහැ.. මොකද අපේ අය පෙලපාලි ගිහිල්ලා භෙම්බත්වෙලා විදේශිකයන්ට පෙන්නපු රටේ වාතාවරණය හා හැසිරීමෙන්ම ඩොලර් " ලොක්-ඩවුන් " වීම නිසා!
Bamunuarachchi Thursday, 05 May 2022 12:57 PM
2015 බලය ගන්නකොට තිබුන 6.5 ආර්ථික වර්දනය ඒ විදිහටම තියලා 2020 දී කොවිඩ් නැතිව රට බාර දුන්නා නම් සංචිතය ඉතුරු කරගන්න තිබුණා.