IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ඉදිරි ආහාර හිඟයකට දැන් තියා සූදානම් වෙයි

(අංජුල මහික වීරරත්න)

අතරමැදි කන්නයේ මුං ඇට හා කව්පි වගාවට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

යල කන්නයේ  අස්වනු නෙලා ගත් වහාම අතරමැදි කන්නය සඳහා අතිරේක ආහාර බෝග වගාවට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට දුන් උපදෙස් වල සඳහන් ය.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානවල ප්‍රගතිය විමසීම පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

දැනට පවතින නියඟ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල අතරමැදි කන්නයේ වගාව සඳහා යොමුවීමට හැකියාවක් නැතත් හම්බන්තොට, පොළොන්නරුව  ආදී දිස්ත්‍රික්ක කිහිපයක  ප්‍රදේශ රැසක අතරමැදි කන්නය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් පවතින බව හඳුනාගෙන තිබේ. යල කන්නයේ අස්වනු නෙලා ගැනීමත් සමග කුඹුරුවල ඇති තෙතමනය උපයෝගී කර ගනිමින් කෙටිකාලීන බෝග වශයෙන් කව්පි හා මුං ඇට වගා කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ඉදිරියේ දී ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වුවහොත් ඊට මුහුණ දීම සඳහා වගා කළ හැකි හැම ඉඩමකම කෙටිකාලීන ආහාර බෝග වගා කිරීමට ගොවීන් උනන්දු කළ යුතු බව අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් උපදෙස් දුන්නේය.



අදහස් (1)

ඉදිරි ආහාර හිඟයකට දැන් තියා සූදානම් වෙයි

chandima Wednesday, 02 August 2023 01:20 PM

බයවෙන්න එපා... ගඩොල් භාග, පොලු මුගුරු එකතු කරගෙන අපි සූදානමින් ඉන්නේ... ආහාර හිඟය එද්දී කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහනුවරදී අත්අඩංගුවට පත් විදේශිකයන් ගැන විශේෂ විමර්ශනයක්
2024 ඔක්තෝබර් මස 15 56 0

කුණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පරිගණක මූල්‍ය වංචා සිදුකළ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 130 දෙනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප


පානදුර නිවසක මළ සිරුරු දෙකක්
2024 ඔක්තෝබර් මස 15 280 0

පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කොටුව -මරදාන අතර දුම්රිය පීලි පැනීමක්
2024 ඔක්තෝබර් මස 15 113 0

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර දුම්රිය අද (15) උදේ මරදාන හා කොටුව අතර පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


දුම්රිය එන්ජිමක ගින්නක්
2024 ඔක්තෝබර් මස 15 244 0

දකුණ කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියක එන්ජිමේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 10 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


අද වැස්ස ගැන අනාවැකිය
2024 ඔක්තෝබර් මස 15 413 0

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල,මාතර මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 426 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1426 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site