IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ඉදිරි වසර දෙකේ රටපුරා අලුතින් අපනයන කලාප 14ක්

( තිළිණි ද සිල්වා )

ඉදිරි දෙවසරක කාලය තුළ දිවයින පුරා  නව අපනයන කලාප 14 ක් ස්ථාපිත කරන බව ගුවන්සේවා හා අපනයන  කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (15) පැවසීය.

නව අපනයන ආර්ථිකයකට රට යොමු කරමින් මෙරට අපනයන කලාප ප්‍රමාණය දෙගුණ කිරීම යටතේ මෙම නව අපනයන කලාප පිහිටුවන් බවත් , ඒ සදහා අවශ්‍ය මූලික ප්‍රතිපාදන හා අනුමැතීන් මේ වන විටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබා දී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ඒ අනුව ඖෂධ නිෂ්පාදනය සදහා ඔයාමඩු,හම්බන්තොට  හා මිල්ලනිය  නව ආයෝජන කලාප තුනක් ද , නව තොරතුරු තාක්ෂණ සේවා වෙනුවෙන් සූරියවැව, හේනගම, කුණ්ඩසාලේ ප්‍රදේශ ආයෝජන කලාප තුනක් ද, එරවුර් හී  රෙදිපිළි නිෂ්පාදන ආයෝජන  කලාපයක්ද, කෘෂි නිෂ්පාදන අපනයනය කලාපය  සදහා ආරබොක්ක ප්‍රදේශයේ ආයෝජන කලාපයක් ද , රාබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කලාපයක් මිල්ලනිය හා බිංගිරිය ප්‍රදේශයේද මෙම නව ආයෝජන කලාප ඉදිවන බවද රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා කීවේය.

මෙතෙක් පැවති ආයෝජන කලාප ප්‍රමාණය දෙගුණ කරමින්, නිෂ්පාදන හා අපනයනය ක්‍රියාවලිය නව දිශානතියකට ගමන් කරවීම රජයේ අපේක්ෂාව වන බවත්, අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීමත්, මෙරට ආනයනය වියදම පහල නැංවිම එමගින් අපේක්ෂා කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම නව ආයෝජන  කලාප ඇති කිරීම තුලින්  සියළු අංශයන්හි දිගු කාලීන ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා කියා සිටියේය.

 



අදහස් (10)

ඉදිරි වසර දෙකේ රටපුරා අලුතින් අපනයන කලාප 14ක්

Arachchi Friday, 15 October 2021 04:32 PM

මොනවා අපනයනය කරන්නද?

:       0       15

Lalith M Friday, 15 October 2021 05:14 PM

තියෙන ඒවායේ වැඩ කරන්න ඕන පුහුණු ශ්‍රමිකයින් ඔක්කෝම රටහැර යනවා. දියවන්නාවේ 225 ගියොත් අතුගාන්න, තේ හදන්නවත් පුලුවන්ද දන්නේ නෑ.

:       0       14

ravin Friday, 15 October 2021 05:51 PM

අපනයන අවස්ථාවන් බලන්න නේද කෙන්යාවට ගියේ...?

:       0       14

chanaka Friday, 15 October 2021 06:05 PM

ඕවා කරලා ඉවර වෙලාම කයිවාරු ගැහුවොත් නෙමෙයිද හොඳ? දේශපාලකයෝ කරනවැයි කියපු හැම දෙයක්ම කාලා නම් අද මේ රට තියෙන්නේ කොතැනද?

:       0       13

ජනතාව Friday, 15 October 2021 06:44 PM

දක්ෂකම අපූරුයි. මේ අය විසින් අඩාල කළ අපනයන අතර තේ ප්‍රධානයි... මල් කර්මාන්තය, එළවළු අපනයනයත් මේ අතර වේ... මේ ගොල්ලන් නිසා වහල් 69 ලක්ෂයේ සෙනගින් කොටසකුත් එතෙර ගියේ ලඟින්ම හිටි කිහිප දෙනාගේ හැර, අනෙකුත් ව්‍යාපාර බොහොමයක් බංකොළොත් වූ නිසයි. ට්‍රයල් ඇන්ඩ් එරර් ක්‍රමයේ පාලනයකට කියාපු ඇත්තෝ...

:       1       14

සෙනෙවිරත්න Friday, 15 October 2021 08:01 PM

මට මතක හැටියට තමුන්නාන්සේ හෝ තමුන්ගේ අතිජාත මිත්‍රයා වන දෙවිනුවර දේවාලේ නිලමේ ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිකම කලා නේද? දැන් ඒවා සරුවට ඇති නේද? තිබුණු කර්මාන්ත හෙංචයියලා දාලා කාබාසිනියා කරලා දැන් බිංදුවෙන් පටන්ගන්නද හදන්නේ..? මම කියන්නම් ඕවායේ ලොකු තැන්වලට තමුන්නැහැලාගේ උග්‍ර පාක්ෂිකයින් දාන්න. නියමෙට කරගෙන යාවි. වසරක් පාසා අයවැයෙන් කාබාසිනියා අරමුදල කියලා ඕවාට ගාණක් වෙන්කරලා ඒකත් බදු ගෙවන අපේ කරටම ගතහැකියි එතකොට...

:       0       13

සෙනෙවිරත්න Friday, 15 October 2021 08:02 PM

තමුන්නැහැලා සුරපුරය මවනවා කිව්වත් අපි නොවේ විශ්වාස කරන්නේ... මොකද ඒක තමුන්නැහැලාට කරන්න බැරි මගුල්...

:       1       13

Sambo Friday, 15 October 2021 08:17 PM

වැඩකරලා කතාකරන්න. නිකන් බයිලා ගහනවා. ඇපත් නැතිව තමයි ගෙදර යන්න වෙන්නේ...

:       0       13

L,G,P,Jathunarachchi, Saturday, 16 October 2021 07:34 AM

වත්මන් දේශපාලකයින්ගේ සුරංගනා කතා...

:       0       0

Perera Saturday, 16 October 2021 11:53 PM

දැනට කරපුවා ගැන කියන්න බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 557 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 165 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1194 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 154 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 360 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2276 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site