IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඉදිරි වසර පහ ලංකා අනාගතය තීරණය කරනවා

(අංජුල මහික වීරරත්න)

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් "තරුණ සමුළුවට"  සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට එක් වෙමිනි. 

මන්නාරම නගර ශාලාවේදී පැවති  මන්නාරම දිස්ත්‍රික් "තරුණ සමුළුවට"  ජනාධිපතිවරයා පළමුව එක් විය. "දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්" මැයෙන් මෙම  තරුණ සමුළුව සංවිධාන කර තිබූ අතර 2023/2024  අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ට සහතික පත් හා මුදල් ත්‍යාග පිරිනැමීම ද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය. උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවිමෙන් එය සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී තරුණ තරුණියන් අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න සෘජුව විමසා බැලීම ද  විශේෂත්වයක් වූ අතර එහිදී ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට   ජනාධිපතිවරයා කටයුතු කළේය.

කොරෝනා වසංගතය  හා ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසර 04ක කාලය තුළ රැකියා ලබාදීමට නොහැකි වූ බවත්, රැකියා අවස්ථා නොලැබුණු සියලුදෙනාට ඉදිරියේදී ක්‍රියාත්මක කරන නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් නව රැකියා අවස්ථා උදාවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

රජයේ මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යමින් තමන්ගේත්, රටේත් අනාගතය යහපත් කර ගන්නවාද යන්න තරුණ පරපුර තීරණය කළයුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (5)

ඉදිරි වසර පහ ලංකා අනාගතය තීරණය කරනවා

Perera Monday, 17 June 2024 10:50 AM

75 ක් බලන් හිටියා රට නිදහසෙන් පස්සේ පල්ලන් බැහැපු හැටි. තව 5 ක් බලන් හිටියා කියලා බංකොලොත් භාවයෙන් වෙන කොට පල්ලම් බහින්න

:       4       14

Ashoka Monday, 17 June 2024 10:53 AM

එක දෙයක් නං ෂුවර්... රනිල් හිටියොත් ඉදිරි වසර 5දී අපේ ණය ගොඩට තව ඩොලර් බිලියන 20ක් විතර එකතු කරයි.

:       4       17

රංබොඩ Monday, 17 June 2024 11:39 AM

රජයේ ඉඩම් බෙද බෙද කොටි හුරතල් කර කර , ඉන්දියාවේ උඩැක්කි තාලෙට නට නට කොහොම හරි බලේට එන්න තමයි හදන්නේ .

:       5       15

චන්දිම Monday, 17 June 2024 12:16 PM

මේ කරන්න හදන්නේ මෙන්න මේකයි.මිනිසුන්ට පෙන්නනවා රට ගොඩ කියලා. සමහරු එක විශ්වාස කරනවා. විශේෂයෙන්ම එයාට හිතවත් රෝයල් කොලිටියේ සමාජය. ඒ අනුව සජිත්ගේ සජබෙන් කුට්ටියක් කඩා ගන්නවා. පොහොට්ටුවේ ගොට ට එදා දුන්නු ඡන්ද කොටසක් ගන්න ඉදම් ඔප්පු බෙදනවා සහල් බෙදනවා සහ තව නොයෙකුත් දේ ඒ අතර. අරහෙන් ධම්මික පෙරේරා පොහොට්ටුවේ ඡන්ද ඉලක්ක කරමින් අනුරගේ ඡන්ද කඩන්න හදනවා. මෙයා දිනුවොත් යේ පාර්ලිමේන්තු ඡන්ද ඕනි නැහැ කියනවා. පනතක් ගෙනත් පාර්ලිමේන්තුවේ කාලය දික් කරගන්නවා. එකට වැලේ වැල් නැතුව ඉන්න පොහොට්ටි සෙට් එක එක පයින් අත උස්සනවා. අධිකරණයට ගියත් කාටවත් කරන්න දෙයක් නැතුව යනවා. ඔක්කොම පනත් දැනටමත් සම්මත කරගෙන තියෙන්නේ. කවුරු හරි උද්ඝෝෂණයකට ගියොත් වෙන දේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කියන දේ අහගෙන දෙන දේ අරගෙන ඉන්න තමයි වෙන්නේ. මතකනේ රාජසිංහව එළවලා අන්තිමේදී රොබට් බ්‍රවුන්රිග්ට අහුවෙලා කාපු කෑම. ඊට අමතරව ටොරින්ටන්ගේ කෑමත් කන්න ලැබේවි.

:       6       16

Lalla Tuesday, 18 June 2024 08:13 AM

මට මතක සිරිමා බණ්ඩාරනායක ඔය කතාව කියපු විදිය.අනාගතේ සැප විඳීමට දැනට දුක් විඳින්න කියලා. බලපුවාම ඇත්ත. උන්ට අනාගතේ සැප විඳීමට අපිට දුක් විඳින්න කියලා තිබුනේ.... අදටත් ඒ මන්ත්‍රය වෙනස් වෙලා නෑ.. අපි තාම දුක් විඳින ජනතාව. උන් දැන් සැප නොව සුරසැප විඳිනවා....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 336 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 20 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2037 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1546 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 670 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 567 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37705 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site