IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


ඉදිරි සතියේ රනිල් දෙස ඇහැ ඇරගෙන බලා ඉන්න

 

(අංජුල මහික වීරරත්න)

ලංකාවේ දේශපාලන පක්ෂ 86න් බහුතරය රනිල් වික්‍රමසිංහ ජනපති සමඟ ඉදිරි සතියේ සන්ධානගත වීමට නියමිතව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඒ නිසා ලබන සතිය වඩාත් තීරණාත්මක සහ මාධ්‍ය අවධානය වැඩි වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති දෙසට  හැරෙන සතියක් වනු ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ කොට්ඨාශ ආවරණය පරිදි විශේෂ ඒකාබද්ධ රැස්වීම් මලාවකට සහභාගී වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

මෙම රැස්වීම් සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ, හිටපු රාජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහත්වරුද සහභාගී වූහ.

 



අදහස් (11)

ඉදිරි සතියේ රනිල් දෙස ඇහැ ඇරගෙන බලා ඉන්න

Rata Perata Monday, 12 August 2024 12:04 PM

රනිල් එනවද නැද්ද කියන එක නෙමෙයි .ජනතාවට අපහාස කරනා මෙන්න මේ කාලකන්නියාව අයින් කරන්න

:       14       52

ලලිත් පුෂ්පකුමාර Monday, 12 August 2024 12:05 PM

ඇහැ ගහගෙන ඉන්න දෙයක් නෑ .පක්ෂ 86 ක් තියෙනවනම් 85 ක්ම එක පැත්තක ඉඳියි මාලිමාවට එරෙහිව. ඊට පස්සෙ සටන ඉරි ගැහුවා වගේ බෙදෙනවා දූෂිත දේශපාලනය සහ අදූෂිත දේශපාලනය සමග

:       12       49

ජයනාත් Monday, 12 August 2024 12:12 PM

හිතාගෙන ඉන්න හැටි වැරැදි . මන්ත්‍රීවරු පස්සේ ජනතාව නැහැ .

:       8       44

වජිරා Monday, 12 August 2024 12:25 PM

නෝනා විසින් මහත්තයා ගේ ගුණ වැයීම...

:       4       31

දුප්පතා Monday, 12 August 2024 12:29 PM

ජනතාවගේ බදු මුදලින් ජීවත් වෙවී බත් ගුලි ගිල ගිලා ඉන්න උඹලාට තව තියෙන් පෝයවල් දෙකයි බන් පිනට කකා ඉන්න උඹලාට දිරවා ගන්න කියලා කරන්න තියෙන්නේ ඔය වගේ පල් හෑලි කියවන එක විතරයි. සැප්තැම්බර් 21 වෙනකන් දුප්පත් මිනිසුන්ගේ බදු මුදලින්ම බඩගින්න පුරවාගනින් වෙන කියන්න දෙයක් නෑ...

:       6       18

Kazi Shajahan Monday, 12 August 2024 12:50 PM

එහා විතරක් නෙවෙයි, අනික් ඒවත් අරගෙනම බලාගෙන ඉන්නම් රනිල් පැරදෙනකන්...

:       6       15

ටොයිබයියා Monday, 12 August 2024 02:23 PM

මේගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා ඔක්කොම එකතුවෙලා රනිල්ව දිනෙව්වේ නැත්නම් ගොඩක් අයගේ දේශපාලන දිවිය කපෝති කියලා. බුද්ධිමත්ව ඡන්දෙ පාවිච්චි කලොත් සැබෑ වෙනසකට යන්න පුළුවන්. විදේශ බලවේග අනිවාර්යෙන් රනිල්ගේ පැත්තේ. ඒගොල්ලෝ දන්නවා සූක්ෂම විදියට ඒගොල්ලන්ට ඕන කෙනා බලයට ගෙන්න

:       4       12

Rohana Monday, 12 August 2024 02:56 PM

උග්‍ර රනිල්වාදියෙකු වන වජිර කියන දේවල් ගනන්ගතයුතු නෑ...

:       5       7

Prabha Monday, 12 August 2024 03:14 PM

පක්ෂ 86 න් 85 කම ඉන්නේ සභාපති සහ ලේකම් විතරයි....

:       4       6

ගමේ එකාලා Monday, 12 August 2024 04:11 PM

රනිල් කියන්නේ මහ බැන්කු හොරා කියලා කෑගහපු අයත් ඕනෑතරම් ඉන්නවා.

:       4       4

සොම්බි රනිල් Wednesday, 14 August 2024 07:32 AM

ඡන්දෙ දවස වෙනකම් මුන් හිතන් ඉන්නවා මුන් දිනයි කියලා. 21 රෑ තමයි මුන් දන්නේ අන්ත පරාජයක් කියලා. යකෝ ගෙම්බො පැන්නට රටේ මිනිස්සු තීරණය කරලා ඉවරයි මේ පාර රවට්ටන්න බැහැ බන් .ඡන්දෙ ට පහුවදාට බලපල්ලා උඹලට මොකද උනේ කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘‘කෙහෙළිය කැබිනට්ටුවත් නොමඟ යවලා‘‘
2024 නොවැම්බර් මස 30 3 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාම


වන අලි පහරින් නාවික ලුතිතන්වරයකු මරුට
2024 නොවැම්බර් මස 30 176 0

පූනෑව නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ ලුතිතන් කමාන්ඩවරයකු ඊයේ (29) රාත්‍රීයේ කඳවුර අසලදී වන අලි ප්‍රහාරයකින් මියගොස් අ‍ැතැයි පූනෑව පොලිසිය කියයි.


නියාමක වැසිකිලි දුවලා; දුම්රිය 125 ක් පෝළිමේ
2024 නොවැම්බර් මස 30 2485 0

ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ


සහල් හිඟයට විසඳුම් ආනයන කරුවන් ජනපතිට දෙයි
2024 නොවැම්බර් මස 30 2448 0

සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍


මිලියන ගණනක කෙසෙල් ගෙඩිය කාලා
2024 නොවැම්බර් මස 30 1568 0

නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)


‘‘ෆෙන්ගල්‘‘ තමිල්නාඩුව දෙසට
2024 නොවැම්බර් මස 30 671 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 594 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 801 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2229 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site