(යොහාන් භාසුර)
ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය නිමින්තෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මහත් උත්සවශ්‍රීයෙන් සැමරීය.
කොළඹ ප්‍රධාන උත්සවය ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවස වන ‘ඉන්දියා හවුස්’ හිදී පැවැත්විණි.
මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඉන්දීය ජාතික ධජය ඔසවමින් ගෞරව සම්මාන මුරයක් පරීක්ෂා කළේය. 77 වැනි නිදහස් දිනයට පෙරාතුව ඉන්දීය ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේ කොටස් ද ඔහු කියවීය.
එහිදී පැමිණ සිටි සියලු දෙනා ජාතිය ගොඩනැගීමට කැපවීමට සහ 2047 වන විට ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමට කැපවන බවට ප්‍රතිඥා දුන්හ.
සංස්කෘතික අංග කිහිපයක් සැමරුම්වලට රසයක් එක් කළේය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූර්ය වාදක කණ්ඩායම ධෛර්යය සහ දේශප්‍රේමය සංකේතවත් කරමින් මධුර ස්වර වාදනය ඉදිරිපත් කළේය. මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සිසුන් විසින් නර්තන ප්‍රසංග දෙකක් ප්‍රදර්ශනය කරන ලදී.
ශ්‍රී ලංකාවේ සාමය සහ ඒකීයභාවය ආරක්ෂා කිරීම සඳහා උත්තරීතර පරිත්‍යාගය කළ ඉන්දියානු සොල්දාදුවන් සිහිපත් කිරීම සඳහා ඉන්දීය සාම සාධක හමුදාවේ ස්මාරකය වෙත ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ නිලධාරීන් ද උපහාර දැක්වූහ.
මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය, යාපනයේ කොන්සල් ජනරාල් කාර්යාලය සහ හම්බන්තොට කොන්සල් ජනරාල් කාර්යාලය විසින් විශේෂ උත්සව සංවිධානය කරන ලදී. ඉන්දියාව 2022 සිට 2047 වන විට ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා ඉන්දියාවේ වසර 25 ක පරිවර්තනීය වර්ධනයේ ගමනක් ආරම්භ කර ඇත.්
ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100
කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ
පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.
රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඉන්දීය 77 වැනි නිදහස් දින උත්සවයෙන්
කිරිපුතා Wednesday, 16 August 2023 09:18 AM
උමාරියා යවලා එයාලගෙ ජාතික ගීයත් විකෘති කරලා හූවක් විදිහට කියන්න තිබ්බා .
wedage Wednesday, 16 August 2023 04:55 PM
කිරි පුතා උමාරා තමයි ශ්‍රී ලංකාවේ ජාතික ගීය වැරැදියට කිව්වේ. උමාරියා නොවේ.
manju Wednesday, 16 August 2023 11:38 PM
මම හිතුවේ සාරවිට කාරයෙක් කියලා .