IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඉන්දීය චන්ද්‍ර යානය සඳට ගොඩබසී

ඉන්දියාවේ 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ සාර්ථකව සඳට ගොඩබෑවේය. 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' යානය පතිත කළේ සඳුගේ දක්ෂිණධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකටය. සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනයට පසු සඳට රොබෝ යානයක් පතිත කළ සිවුවැනි රට ඉන්දියාව වීම විශේෂත්වයකි.

ඊට අමතරව, සඳුගේ දක්ෂිණධ්‍රැවයේ ස්ථානයකට රොබෝ යානයක් පතිත කළ පළමු රට ඉන්දියාවය. යානය සඳට ගොඩබෑවේ පස්වරු 6.04 ටය. ඊට පෙර යානය මිනිත්තු 20 ක අවදානම් කාලසීමාවක් තුළ, සඳුගේ කක්ෂයේ සිට පහළට ගමන් කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පැවැසීය.

'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ යානයේ සඳට පතිත කිරීමේ වික්‍රමය පස්වරු 5.20 සිට සජීවීව විකාශය කිරීමට ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගත් අතර ලොව බොහෝ දෙනකු එය නැරැඹූ බව වාර්තා වේ. ඉන්දියාව පුරා පාසල් බොහොමයක මෙම කාලසීමාව තුළ විවෘතව තැබෙන බවත්, සිසුන්ට ද සජීවී දසුන් නැරඹීමට ඉඩ ලැබුණි.

'බ්‍රික්ස්' සමුළුවට සහභාගී වීමට දකුණු අප්‍රිකාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සජීවීව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සමඟ සම්බන්ධ වෙමින්, යානයේ ගොඩබෑම නැරැඹීය. යානය සාර්ථකව ගොඩබෑමත් සමඟ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් අමතමින් සුබ පැතීමට මෝදි අමතක නොකළේය.

'චන්ද්‍රයාන් 3' වික්‍රමය සාර්ථක වීමෙන් පසු දකුණු අප්‍රිකාවේ සිටි අග්‍රාමාත්‍ය මෝදි, ජාතිය ඇමැතුවේය. ඉන්දියාව මීට පෙර 'චන්ද්‍රයාන් 2' මෙහෙයුම යටතේ ද 'වික්‍රම්' නමින් රොබෝ යානයක් සඳට පතිත කිරීමට උත්සාහ ගත්තේය. කෙසේ නමුත් එය අසාර්ථක විය. එම යානය සඳට කඩා වැටුණි.

'චන්ද්‍රයාන් 3' මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ 'චන්ද්‍රයාන් 2' මෙහෙයුමේ දී සිදුවුණු දෝෂ නිවැරදි කරමිණි. 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම යටතේ සඳට පතිත කළ 'වික්‍රම්' යානය තුළ කුඩා රෝවර් යානයක් ද ඇත. රෝවර් යානය ‘ප්‍රාග්යාන්’ යනුවෙන් ද නම් කර තිබේ. රෝවර් යානයට සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණය කිරීමට හැකිය.



අදහස් (21)

ඉන්දීය චන්ද්‍ර යානය සඳට ගොඩබසී

Chaminda Wednesday, 23 August 2023 06:45 PM

ශ්‍රී ලංකාවෙන්..මෙම විශිෂ්ඨ කාර්යය ඉටුකරගත් ඉන්දියානුවන්ට සුභ පැතුම්..

:       0       29

Asintha Wednesday, 23 August 2023 07:27 PM

ඉන්දියාවේ ගොඩක් මිනිස්සුන්ට හරියට යන්න වැසිකිලියක් වත් නෑ .ඒත් හඳට රොකට් යවනවා .අපේ අය වගේම තමයි

:       9       1

Perera Wednesday, 23 August 2023 08:30 PM

රෝහිතගේ රොකට් එකත් හඳේ ද කියලා පොඩ්ඩක් බලන්න

:       0       9

G. K. Ekanayake Wednesday, 23 August 2023 08:56 PM

ඉන්දියාවට අපගේ ප්‍රණාමය. ආර් ථික වශයෙන් ඉන්දියාව තිබුනේ අපට පහලින්. එහෙත් අපට වඩා වේගයෙන් ඉහලට ගන්න පාලකයින් ට හැකි වුනා. පාලනය වෙනස් වුනත් ප්‍රතිපත්ති වෙනස් වුනේ නෑ. අද ඉන්දියාව ලෝකයේ 4 වන බලවතා. අපි ලෝකෙට නය වෙලා. දැන් අපි ඉන්දියාවේ සරණ පතමු.

:       0       38

පැරකුම් Wednesday, 23 August 2023 09:02 PM

අපේ අසල්වැසියාට සුබ පැතුම්…! විශ්ව තරණයට වැඩිදෙනා එක්වීම සතුටට කරුණකි.

:       0       10

බද්රානි Wednesday, 23 August 2023 09:10 PM

අපෝ! ඕක මොකක්ද..? ඊයේ පෙරේදා ලෝකෙට ලොක්කෝ කියලා හිතාගෙන ඉන්න අපෙ ඇත්තෝ, කාර් එකක් හදලා තිබුනනේ දොරවල් වලට සරනේරුත් හයි කරලා.... ඒ, කාර් එකේ මිල උනත් හරිම සාධාරණයි, වැඩිය නැහැ, "රුපියල් ලක්ෂ හතලිස් පහයි"... ඔය ඉන්දියන්, ජපන් කාර් මොනවද කියල හිතෙනවා අපේ කාර් එක දැක්කම... ගානේ හැටියට මාකට් එකට දැම්මොත් මාස හයෙන් රටේ ණයත් බේරලා ඔය වගේ රොකට් දෙක තුනකුත් හඳට යවන්න පුළුවන් අපට.... මොකද අපි, රොකට් වේගයෙන් මුදල් හොයලා දියුණු වෙන්න දක්ෂ ජාතියක්නේ... එත්, මම මේ බයේ ඉන්නේ, ඒ කාරෙක දැකලා මෝදි මහත්තයට අපි ගැන ඉරිසියා හිතෙයිද කියලයි...?

:       3       8

සනත් Thursday, 24 August 2023 03:05 AM

මම මේ බලාගෙන ඉන්නේ රටට ආදරේ පණ්ඩිත ඔස්තාර්ලා ඇවිත් "අපරාදේ සල්ලි......... මේකෙන් දුප්පත් මිනිස්සු කීයකට කන්න දෙන්න තිබ්බද " කියනකල්

:       3       7

Indika Thursday, 24 August 2023 04:13 AM

අපේ චිචී යවපු එක ඔය වගේද? හොරෙන්ම හඳට බාල හාවත් අල්ලාගෙන, කුරක්කන් හේනකුත් රන් කරනවලු.

:       1       22

සුන්දරාThursday, 24 August 2023 02:34 PM

අනේ ඉන්දික ඔහේ දන්නෙ මොනවාද චිචීගෙ කට්ටියම හදේ

:       0       2

Demuni de Silva Thursday, 24 August 2023 07:20 AM

වෙහෙස මහන්සි වූ සහභාගිවන්නන්ට අපගේ සුබ පැතුම්!

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 24 August 2023 07:50 AM

තම රට ලෝකයේ ඉහළම තැනකට ඔසවා තැබීමට පියවරගත් ඉන්දියානුවන්ගේ ක්‍රියාව ජයගත්තා.ඔවුන් අද එය අභිමානවත්ව සමරනවා.අපේ රටේ හොර තක්කඩි දේශපාළු බඩගෝස්තරයන් වගේ නෙමෙයි ඉන්දියාවේ නායකයන්.ඔවුන් තම රට වෙනුවෙන් අවංකව සේවය කරනවා.

:       0       31

මැක්ස් Thursday, 24 August 2023 09:03 AM

ලංකාවේ මෙවැකි දෙයක් සිදු වූවා නම් : 1. යානයට සිංහල නමක් දැමීම ජාතිවාදී වන නිසා ඉංගිරිසි නමක් දැමිය යුතුය. 2. කන්න නැති මිනිස්සු ⁣ඉන්දැද්දි පාලකයො හඳට යානා යවනවා. 3. මේ වැඩේ කරන්නෙ කොමිස් ගහන්න වැනි කතා කීයක් නම් කියයිද!

:       25       9

සත්‍ය ගවේෂී.Thursday, 24 August 2023 10:53 AM

දූෂිත පවුල් පාලනය රට හොරා කෑ නිසා මෙවන් දෙයක් කිරීමට මේ රටට නොහැකි නිසා පොහොට්ටු කුක්කන් හොරුන්ගේ වැඩ වහන්න වෙනත් විකාර දේ කියනවා. ඔය වගේ කතා වලට මිනිසුන් රැවටුනේ ඉස්සර.දැන් මිනිසුන් ඒ ගොනාව විකුණලා හොඳේ.

:       3       41

සල්ලි Thursday, 24 August 2023 11:30 AM

ලංකාවේ මෙවැනි දෙයක් සිදු වූවා එයට ඌ දෙයක් නෑ ඇරපු එකා ඉන්නවා මෙහේ, ණය ගෙවනවා මිනිස්සු .

:       0       8

fairoosThursday, 24 August 2023 12:32 PM

බයියෝ තාමත් ජීවතුන් අතර ඉන්නවනේ

:       0       5

ගජමිතුරු Thursday, 24 August 2023 12:14 PM

2015 ට පෙර අපිත් එකක් යවන්න අයවැය මගින් මුදල් වෙන්කර ගත්තා කියලා ඇහුණා චික් චික් ගාල එකක් ගියා කියලා අහන්න ලැබුනා ඒක දැන් තියෙනවාද නැත්නම් මොකද වුනේ කියලා පාර්ලිමේන්තුවේ කමිටු කට්ටිය සොයාගෙන නැද්ද

:       0       7

chandima Thursday, 24 August 2023 12:28 PM

එහෙ පාසල්වල පෙනන්නේ හඳට යන හැටි .මෙහෙ පෙන්නන්නේ ජනාධිපති ඇමතිලා බයිලා ගහන හැටි

:       0       8

පුරවැසියා Thursday, 24 August 2023 12:37 PM

ගාන්දිලා ගෙදර ගියත් හරි ඉන්දියාව ගොඩ ගියා

:       0       9

සුරංග Thursday, 24 August 2023 02:38 PM

එහෙනම් අපි මොකද කරන්න ඕන අපිත් රට කාපු පරම්පරා වලට තවත් ඉඩක් දෙමුද

:       0       2

විපරමා Thursday, 24 August 2023 02:34 PM

ඕවා මොනවද ,අභ්‍යවකාශ තරණය පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන මැදමූලනේ කෙනෙකුත් රොකට් එකක් යැව්වේ ?

:       0       2

නාගරාජා - කැලණිය Friday, 25 August 2023 07:20 PM

මමත් එහෙ ගියානේ, හඳේ හැමතැනම තොසේ, චපාති ඉස්මෙල් එක පැතිරිලා හුස්ම ගන්නවත් බැහැ. මිනිසුන් රහිත යානයක් කීවාට ඒ බොරු. අඩුම ගානේ 3 දෙනෙක්වත් ගිහින් තියෙනවා. මට සාක්ෂි තියෙනවා. කෑම කාපු කෙසෙල් කොළ 3 ක් තිබුණා, තැන තැන චපාති, සාම්බ්‍රානි සම්බෝලේ විසුරුවලා තිබුණා. අන්තිම සාක්ෂිය ඉතාම වැදගත්. ගිය කට්ටිය ඉන්දියාවේ පුරුද්දටම කක්කා කරන්න අමතක කරලා නැහැ. ඒත් ගුරුත්ව බලය අඩු නිසා "බඩු" හැමතැනම පාවෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 385 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1024 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 413 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1416 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4907 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2268 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site