හොරණ ප්‍රදේශයේ ඉදිකරන ලද TVS ලංකා පෞද්ගලික සමාගමේ වාහන එකලස් කිරීමේ සංකීර්ණය නැරඹීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පසුගියදා පැමිණියේය. මෙම සංචාරය අතරතුර, මහකොමසාරිස්වරයා ඉන්දියාවේදී විශේෂ පුහුණුවක් ලබාදුන් කළමනාකරුවන් සහ කාර්මික ශිල්පීන් සමග සුහද කතාබහකද නිරත විය.
විශේෂයෙන්ම, මෙම තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙත ලබාදෙන TVS හි කැපී පෙනෙන දායකත්වය ගෝපාල් බාග්ලේ මහතා ඉතා ඉහළින් අගය කළේය.
එහිදී, අනෙකුත් ඉන්දීය ව්‍යවසායන්ද, TVS හි මෙම මඟපෙන්වීම අනුගමනය කරමින්, වත්මන් අර්බුදය සමග කටයුතු කිරීමටත්, මෙරට ආර්ථිකය පුනර්ජීවනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ රජය සමග අත්වැල් බැඳගනු ඇති බවට ඉන්දීය මහකොමසාරිස්වරයා විශ්වාසය පළ කළේය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට සිය කුසලතා, දක්ෂතා සහ සම්පත් අතින් පිරිනැමීමට බොහෝ දේ ඇති බවද මහකොමසාරිස්වරයා අවධාරණය කළේය.
TVS ලංකා පෞද්ගලික සමාගමේ කළමනාකාරීත්වය මෙම අවස්ථාවේ මහකොමසාරිස්වරයා දැනුවත් කරමින්, ඉන්දියාවේ TVS මෝටර් සමාගම සමග සහයෝගීතාවෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවට වඩාත් බහුකාර්ය සහ තිරසාර විසඳුම් ගෙන ඒමේ TVS හි සැලසුම් පිළිබඳ විස්තර කළේය.
TVS ලංකා පෞද්ගලික සමාගමේ වාහන එකලස් කිරීමේ සංකීර්ණය මූලික වශයෙන් ගෝලීය ප්‍රමිතීන්ට සහ ජාත්‍යන්තරව පිළිගත් තාක්‍ෂණික ක්‍රමවේදවලට අනුකූලව කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙන ලද “දේශීය අගය එකතු කිරීමේ” සංකල්පය යටතේ යතුරුපැදි එකලස් කිරීම සඳහා ක්‍රියාත්මක වන්නකි.
රුපියල් මිලියන 500කට වඩා වැඩි ආයෝජනයකින් සංස්ථාපිත කරන ලද මෙම වාහන එකලස් කිරීමේ සංකීර්ණය, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට මෙන්ම, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ටද බොහෝ වෘත්තීය අවස්ථා ලබාදීමටද මාහැඟි මෙහෙවරක් සපයනු ඇත.
මෙහිදී අදහස් දක්වමින්, TVS ලංකා පෞද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගීතාල් ඇන්තනි මහතා මෙසේ පවසා සිටියේය.
“රුපියල අවප්‍රමාණය වීම කළමනාකරණය කිරීම සඳහා දැනට ක්‍රියාත්මකව පවතින ආනයන සීමා කිරීම් මධ්‍යයේ මේ ප්‍රයත්නය විශේෂයෙන්ම කාලෝචිත එකක් බව අප තරයේ විශ්වාස කරනවා. එහිදී, වෙළෙඳපොළ ප්‍රමුඛයා වශයෙන්, කාලයාගේ ඇවෑමෙන් ආනයනික අවශ්‍යතාව අවසන් කර, ශ්‍රී ලංකාව යතුරුපැදිවලින් ස්වයංපෝෂිත කිරීමටද TVS කැපවී සිටිනවා.”
මීට වසර 20කට පෙර එහි ආරම්භයේ සිටම, TVS ලංකා පෞද්ගලික සමාගම 2016 වසරේ SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී “වසරේ විශිෂ්ටතම සන්නාමය” යන සම්මානය ඇතුළු බොහෝ ඇගයීම්වලින් පිදුම් ලබා ඇත.
595
බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
කාර්මික දෝෂයකට ලක්වීමෙන් අද(22) උදෑසන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල
නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්‍රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දීය මහ කොමසාරිස්, TVS ලංකා වාහන එකලස් කිරීමේ සංකීර්ණය නැරඹීමට පැමිණේ