සිවුදින නිල සංචාරයක සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය.
ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡා පැවැත්විණි.
ද්විපාර්ශවික ආරක්ෂක සම්බන්ධත තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් මඟ පෙන්වීමක් ලබාගැනීමේ අරමුණින් ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී නාරාවනේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණු ගැසුණු බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.
කොළඹ ආරක්ෂක පර්ෂදය ඇතුළු ආරක්ෂක ක්ෂේත්‍රය තුළ ඉන්දියාවේ සහකරුවකු ලෙස ශ්‍රී ලංකාව ඉටුකරන පුරෝගාමී භූමිකාව අගය කරන බව ජෙනරාල් නාරාවනේ මහතා පවසා ඇත.
මෙම අවස්ථාවට ජනාධිපති ආචාර්ය පී.බී.ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් සහ ඉන්දියානු නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි
chandima Wednesday, 13 October 2021 08:36 PM
වැඩිය දැඟලුවොත් පරිප්පු දානවා කිව්වේ නැතිද.?