IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ඉන්දීය - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරු නිව්යෝක්හීදී හමුවෙති

( තිළිණි ද සිල්වා )

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඉදිරියට යාම සඳහා දැඩි දේශපාලන කැමැත්තක් ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා හමුවේ  දැනුම් දුන්නේය.

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හිදීෙ ඊයේ (22) පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මැතිතුමා හමුවූ අතර එහිදී මෙම දැනුම් දීම කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ශක්තිමත් දේශීය යාන්ත්‍රණයන් ක්‍රියාශීලීව ඉදිරියට ගමන් කරන විට, කිසිදු බාහිර යාන්ත්‍රණයක් භූමිය තුළ ක්‍රියාත්මක වීම නොහැකි බවට ශ්‍රී ලංකාව ගත් ප්‍රතිපත්තිමය ස්ථාවරය සමඟ බොහෝ රටවල් ස්ථාවරව සිටීම තුළින් ශ්‍රී ලංකාව දිරිමත් වූ  විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවති මෙම ද්විපාර්ශික හමුවේදී මෙරට විදේශ අමාත්‍යවරයා  කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සහ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන සාර්ථක පියවර පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍යවරයා දැනුවත් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා කියා සිටියේ ජනවාර්ගික ගැටලුවලින් පසු ඇති වන අවශේෂ ගැටලු පිළිබඳ සාධාරණ හා යුක්ති සහගත විසඳුමක් සඳහා වූ අවශ්‍යතාවය, දෙරටේම යහපත සඳහා  ඉවහල් වනු ඇති බවය.

ඒසේම දෙරටේ සබඳතා එක් ගැටලුවක් සඳහා පමණක් සීමා නොවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. 

සබඳතා වැඩිදියුණු කිරීමේ දී නවදිල්ලියට වැඩි විශ්වාසයක් ලබා දිය හැකි වන පරිදි, ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති ව්‍යාපෘති සංඛ්‍යාව ප්‍රායෝගිකව අවසන් කිරීමේ අවශ්‍යතාවය ඉන්දීය විදේශ අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය. 

පුද්ගලාන්තර සම්බන්ධතා වැඩි දියුණු කිරීම ඇතුළුව ශ්‍රී ලංකාව සමඟ විවිධ ආකාරයෙන් කටයුතු කිරීමට ඉන්දියාව කැමති බවත් ,විවිධ දේශපාලන පක්ෂ ඇතුළු සියළුම පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමේ අවශ්‍යතාවය ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී අමාත්‍ය ජී.එල්ගපීරිස් මහතාට පෙන්වා දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සලකා බැලීම, එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කිරීම සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා  ප්‍රතිසන්ධානය  පිළිබඳ කාර්යාලය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සහ තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ කවුන්සිලය වැනි ස්වාධීන ආයතන බල ගැන්වීම වැනි ප්‍රධාන කරුණු විසඳීම සඳහා විදේශ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය සහයෝගයෙන් කටයුතු කරන බව  සදහන් කළ අමාත්‍ය මහාචාර්ය ජී.ඒල් පීරිස් මහතා , 2009 මැයි මාසයේ දී ගැටුම අවසන් වීමෙන් පසු ඉතිරි වී ඇති ගැටලු විසඳීම සඳහා රජය ගත්  සියලු ක්‍රියාමාර්ගය පිළිබඳව තවදුරටත් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට පැහැදිලි කළේය. 

අමාත්‍ය පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත්  පෙන්වා දුන්නේ බොහෝ අංශවලින් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත් එම ප්‍රයත්න අඛණ්ඩව සිදු වෙමින් පවතින බවත් ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඉදිරියට යාම සඳහා දැඩි දේශපාලන කැමැත්තක් ඇති බව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා වැඩිදුරටත් පැවසීය.

ශක්තිමත් දේශීය යාන්ත්‍රණයන් ක්‍රියාශීලීව ඉදිරියට ගමන් කරන විට, කිසිදු බාහිර යාන්ත්‍රණයක් භූමිය තුළ ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවට පිළිගත නොහැකි බව අවධාරණය කළ විදේශ අමාත්‍යවරයා, ඒ රටවල අනුමැතියකින් තොරව රටවල්වලට විරුද්ධව යෝජනා ගෙන ඒම ක්‍රියාත්මක කළ නොහැකි බවට ශ්‍රී ලංකාව ගත් ප්‍රතිපත්තිමය ස්ථාවරය සමඟ බොහෝ රටවල් ස්ථාවරව සිටීම තුළින් ශ්‍රී ලංකාව බෙහෙවින් දිරිමත් වූ බව සඳහන් කළේය. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ඉතා වැදගත් බවට අමාත්‍යවරු දෙදෙනාම එකඟ වූහ.

දෙරට අතර සබඳතා කඩිනම් කිරීම සඳහා අපේක්ෂිත ගිවිසුම්වලට එළඹීමේ අවශ්‍යතාව පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනාම මෙහිදී එකඟ වූහ



අදහස් (0)

ඉන්දීය - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරු නිව්යෝක්හීදී හමුවෙති

ඔබේ අදහස් එවන්න

දියත

අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 486 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 2387 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 868 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 144 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 731 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1288 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 576 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1693 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site