(යොහාන් භාසුර)
ඉන්දීය කර්මාන්තකරුවන්ගේ සංගමයට අනුබද්ධ පුනර්ජනනීය බලශක්ති සමාගම්වල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ ඉන්දියානු දූත කණ්ඩායම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (11) පැවැත්විණි.
ඉන්දියානු පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ඉන්දීය කර්මාන්තකරුවන්ගේ සංගමය දෙරට අතර පුනර්ජනනීය බලශක්ති සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව සංවිධානය කර ඇති අතර දූත පිරිස දින තුනක් මෙරට රැදී සිටිති.
මෙරට පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය, දැනට ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන, ආයෝජන අවස්ථා, නීතිමය රාමුව, අක් වෙරළ බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය, හරිත හයිඩ්‍රජන් මාර්ග සිතියම සහ ඉන්දු ලංකා විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී දූත පිරිස දැනුවත් කළ බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා කීය.
ඒසීඑම්ඊ, රිනිව්, අදානි හරිත බලශක්ති , පීටීසී ඉන්දියා, ජැක්සන් සමාගම, වෙල්ස්පන් නිව් එනර්ජි, ස්ටලයිට් පවර්, ශක්ති පම්ප්ස් ලිමිටඩ් සහ සුල්සෝන් යන ඉන්දීය ප්‍රධාන සමාගම් නියෝජිතයන් සමග ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර
රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දීය සමාගම් - කාංචන අතර විශේෂ සාකච්ඡාවක්
Prabha Monday, 11 March 2024 07:45 PM
ආණ්ඩු පෙරළියක් වෙයි කියලා තියෙන ගිවිසුම් ඔක්කොම ඉක්මණට ගහගන්න වගේ යන්නේ...