(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේ ලේකම් පන්කජ් ජේන් මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කළ බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අංශයේ සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම සඳහා ඒකාබද්ධව හඳුනාගත් ප්‍රමුඛතා ක්ෂේත්‍රවල වර්ධනයන් පිළිබඳව නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ බවත් එහිදී එම වර්ධනයන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා මගපෙන්වීම සහ උපදෙස් ලබා දුන් බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේය.
ඉන්දියානු තෙල් සමාගමේ ප්‍රධානීන් ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය ඉහළ පෙළේ ඉන්දීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති .
නියෝජිත පිරිස විසින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් බෝතල් වලින් නිර්මාණය කරන ලද කබායක් සහ සූර්ය බලයෙන් ආහාර පිසීමේ ගෘහස්ථ පද්ධතියක් සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද බවත් එවැනි සූර්ය බලයෙන් ආහාර පිසීමේ ගෘහස්ථ පද්ධති 500 ක් ශ්‍රී ලංකාවේ භාවිත කිරීම සඳහා ඉන්දියානු තෙල් සමාගම ත්‍යාගයක් ලෙස ලබා දුන් බවත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේය.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දියාවේ ඛනිජ තෙල් ලේකම් ජනාධිපති හමුවේ