IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඉන්දියාව ලකුණු 41 කින් ශ්‍රී ලංකා පිල පරදවයි

 

(යොහාන් භාසුර)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ සත්කාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී  පැවැති තරගයෙන් ඉන්දීය පිල ලකුණු 41 කින් ජය ලැබීම සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 41.3 කදී ලකුණු 172 කට සීමා විය.

ශ්‍රී ලංකා පිල ලකුණු 99 කට කඩුලූ 6 ක් දැවී දැඩි අවිනිශ්චිත තත්වයක සිටියදී ධනංජය ද සිල්වා (41) සහ දුනිත් වෙල්ලාලගේ (නොදැවී 42) හත්වෙනි කඩුල්ලට ලකුණු 63 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්ත්වයක රැගෙන ආවද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

කුල්දීප් යාදේව් අනගි පන්දු යැවීමක නැවත වරක් නිරතවෙමින් ලකුණු 43කට කඩුළු 4ක් දවා ගත්තේය. දුනිත් වෙල්ලාලගේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 10යෙදී නිලකුණු ඕවරක් සමගින් ලකුණු 40 කට කඩුලූ 5ක් දවා ගැනීමට සමත් විය.

දුනිත්, විරාට් කෝලි, රෝහිත් ශර්මා සහ කේ. එල්. රාහුල් ඇතුළු ඉන්දීය පිලේ ඉදිරිපෙළ ප්‍රබල පිතිකරුවන් 5ක් දවා ගැනීම කැපී පෙනුණි.

චරිත් අසලංක ඉන්දීය පිලේ මැද පෙළ සහ පසුපෙල අකර්මණ්‍ය කරමින් ඕවර 9 කදී නිලකුණු ඕවරක් සමගින් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේය.

ඉන්දීය පිල ඕවර 49.1 යේදී සියලු දෙනා දැවී 213 (රෝහිත් ශර්මා 53, ෂුබ්මන් ගිල් 19, ඉෂන් ක්‍රිෂන් 33, කේ. එල්. රාහුල් 39, අක්ෂර් පටෙල් 26, දුනිත් වෙල්ලාලගේ 40/5, චරිත් අසලංක 18/4) ශ්‍රී ලංකා පිල ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 172 (කුසල් මෙන්ඩිස් 15, සදීර සමරවික්‍රම 17, චරිත් අසලංක 22, ධනංජය ද සිල්වා 41, දුනිත් වෙල්ලාලගේ නොදැවී 42, කුල්දීප් යාදේව් 43/4, ජස්ප්‍රිට් බුම්රා 30/2, රවීන්ද්‍ර ජඩේජා 33/2)

 



අදහස් (2)

ඉන්දියාව ලකුණු 41 කින් ශ්‍රී ලංකා පිල පරදවයි

Bunny Preena Wednesday, 13 September 2023 09:24 AM

මා කළින් සඳහන් කළ පරිදි මුලින් පන්දුවට පහර දෙනවා නම් අඩුම ගානේ අපි ලකුණු 300 සීමාව ඉක්මවා යායුතුයි. ලකුණු හඹායාමේදීද පළමු පෙළ පිතිකරුවන් ඉවසීමෙන් සහ බුද්ධිමත්ව ඉනිම ගොඩනගාගැනීම කළ යුතුයි. දක්ෂ වුණාට වැඩක් නැහැ. දක්ෂව සහ උපායශීලීව සහ බුද්ධිමත්ව ක්‍රියාකිරීමට හැකියාව නැත්නම්. ඒ වගේම පන්දුවාර ඕනෑතරම් ඉතිරිව, පන්දුව ස්ථානගත කර තනි ලක්ණු ගැනීමට පවා හොඳටම අවස්ථාව තිබියදී තරගය ඉක්මණින් ඉවර කර ගැනීමට ක්‍රීඩාකරන බවකුයි පෙනෙන්නට තිබුණේ. අනෙක් කරුණ තමන්ගේම විශ්වාසයක් නැතිකම... දුනිත් වෙල්ලාල තරුණයාගේ ක්‍රීඩා විලාශය උදාහරණයකට අරන් අඩුපාඩු හදාගත්තොත් හොඳයි. ඉදිරියට යන්න පුළුවන්...

:       0       3

Twelth man Wednesday, 13 September 2023 12:35 PM

ළකුනු ගහන්නෙ නැති දසුන් චානක ටීම් එකේ තියාගන්නෙ ඇයි??

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 395 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 576 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 345 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 297 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 949 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 184 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40224 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site