IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඉන්දියාවේ වෛද්‍යවරු දුරකථනයෙන් ඔබේ ළඟටම

(රංජන් කස්තුරි)

ඉන්දියාවේ ඇපලෝ රෝහලේ සිටින සුප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ සිට දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමේ විශේෂ සේවාවක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ලංකා e-doc නැමති දුරකථනය ඔස්සේ ඉන්දියාවේ ඇපලෝ රෝහ‍ලේ සේවය කරන සුප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට ඇමතුම් ලබාදී එම වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි බවද  රෝහල් පාලනාධිකාරිය සඳහන් කරයි.

බෝවන රෝග බෝ නොවන රෝග හෘද රෝග ශල්‍යකර්ම සහ සුවිශේෂී රෝගී තත්ත්වයන් පිළිබඳව ඒ ඒ විශේෂඥ වෛද්‍යවරුන්ට කතාකර රෝගීන් රෝහල් සඳහා සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට   එම වැඩපිළිවල ඔස්සේ හැකි බවද එම පාලනාධිකාරිය කියයිි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ රෝගීන්ට දුරකථන අංක 1305 ඔස්සේ ඉන්දියාවේ  ඇපලෝ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සම්බන්ධ විය හැකි බවද එම රෝහල් පාලනාධිකාරිය කියයි.

ඉන්දියාවට ගොස් විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ සංකීර්ණ ක්‍රියාවලියට  සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සිටම ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාවේ ජනතාවට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් වන බවද   ඇපලෝ රෝහලේ ජාත්‍යන්තර අංශය බාරව සිටින නියෝජ්‍ය සභාපති ජිටු ජෝස් මහතා පසුගියදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.



අදහස් (10)

ඉන්දියාවේ වෛද්‍යවරු දුරකථනයෙන් ඔබේ ළඟටම

රංබෙිඩ Monday, 15 July 2024 02:40 PM

ඇයි අපේ වෛද්‍යවරුන් නැද්ද ? අපේ වෛද්‍යවරුන් ට ඇතැම් විට අවශ්‍ය පහසුකම් නැති වෙන්න පුලුවන් . නමුත් ලෝකයේ ඉන්න විශිෂ්ඨම වෛද්‍යවරුන් ඉන්න රටක් තමයි අපේ රට.

:       20       52

kanishkaMonday, 15 July 2024 05:13 PM

එහෙම හිතන් ඉන්නවා. අපේ අයට වෙන වැරැදි එළියට දාන්නෙ නැතිව ඉන්නකන් ලෝකෙම හොඳම අය තමයි... අපේ රටේ මිනිස්සු මෝඩ නිසා හොඳයි...

:       12       23

End Game Monday, 15 July 2024 03:37 PM

පඩියට ටැක්ස් එක වදිද්දී උද්ඝෝෂණය කරපු ,බාල බෙහෙත් ,පාට කල වතුර ලෙඩ්ඩුන්ට ගානක් නැතුව දීපු ලංකාවේ කාලකන්නින්ට වඩා ඉන්දියන් උන්ගෙන් හරි ලෙඩ සනීප වෙනවානම් එච්චරයි

:       1       5

Hafeel Monday, 15 July 2024 04:16 PM

මේකත් තවත් ඉන්දියානු ආක්‍රමණයක් කියලා දන්නේ නැහැ.

:       9       23

sathyapala Monday, 15 July 2024 07:50 PM

අපි නොදන්නා ඇපලෝ. සුප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරු කියලා ලොකු ගානක් අරන් සාමාන්‍ය වෛද්‍යවරයෙක් කතා කරනව. එයාල දන්නවා ලංකාව කියන්නේ බලෙන් ඉල්ලගෙන රැවටෙන ජාතියක් ඉන්න රටක් කියල. අද කොහොමද මම කාටහරි රැවටෙන්නේ කියල උදේ ඉදන් රෑ වෙනකම් බල බල ඉන්නේ. අන්තර්ජාලයට ගිහින් හොයන්නෙම රැවටෙන්න කපුවෙක් පුසාරියෙක් පුජකයෙක් පාදිලියෙක් හොර වෙදෙක් සාස්තරකාරයෙක් තෙලක් සල්ලි දෙගුණ කරන මුල්‍ය ආයතනයක්.

:       0       1

chandima Monday, 15 July 2024 11:07 PM

ලෝකේ ඕන තරම් වෛද්‍යවරු ඉන්නවා .ඒ රටවල ඉඳන්ම ලංකාවේ ප්‍රතිකාර කරන්න පුළුවන් ඒ කට්ටියටත් .ආණ්ඩුව මාරු උනාම ඒගොල්ලෝ වැඩ පටන් ගනීවි

:       0       0

Sudheera Tuesday, 16 July 2024 06:35 AM

හොද වැඩක්. සුළු පිරිසක් ඇරුනම, බහුතරයක් දොස්තරලා වෙන්නෙම සල්ලි හොයන්න. අනෙක බටහිර වෙදකම කොයි රටෙත් බාවිත වෙන්නේ බොහෝවිට වඩාත් සමාන කමින්. ඇත්තෙන්ම ලංකාවේ අනෙක් රටවලට සාපේක්ෂව අසමානකම් වැඩිනම්, ඒ අසමානකම් වලින් පෙන්නුම් කරන්නේ අපේ රටේ ක්‍රම වේදේ පවතින නරක දේවල් මිස හොදක් නොවේ. උදේ, ලංකාවේ දොස්තරල ගාව බෙහෙත් තියෙනවා. මේක වැරදියි. බෙහෙත් තියෙන්න පුළුවන් ෆාමසියෙ විතරයි. මේ වගේ වැරදි ගොඩයි. මුළු රටම කුණු වෙලා තියෙද්දී ලංකාවේ බටහිර වේද කමත් කුණු වෙලා ඉවරයි. දේශීය වෙදකම් අවිදිමත්.

:       0       0

Swene Haputhantirige Tuesday, 16 July 2024 07:39 AM

ඉන්දියාව තාක්ෂණය මගින් ආර්ථික වශයෙන් ශක්තිමත් කරමින් සිටිනවා. අපේ රටේ වෘත්තිකයින්ගේ එකාධිකාරිත්වය නිසා එහෙම කරන්න බැරිවී තිබෙනවා. තොරතුරු තාක්ෂණ වැඩත් වෛද්‍ය උපාධි ධාරින්ම කළයුතුයි කියන සංකල්ප කොතරම් වැරදිද ?

:       0       0

Lalla Tuesday, 16 July 2024 07:55 AM

මන්නාරම මණ්ඩපම් පාර සහ පාලම හදන්න. ලංකාවේ ජීවන වියදම පහත දමන්න හැකියි.අපනයනය සහ සංචාරක ආගමණය ඉහල යාම සිකුරුයි.

:       1       0

සම්පත් Tuesday, 16 July 2024 10:21 AM

තාමත් දුරකථනයෙන් ශල්‍යකර්මයක් කරගෙන නැත්ද? සෝ සෑඩ්.කරගෙන බලන්න.ආසා හිතෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3743 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2742 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3535 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3247 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 719 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1407 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36119 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site